හිටපු ඇමැතිවරයකුගේ බිරිය පසුගිය සෙනසුරාදා නුවරඑළියේ සීතල මැදුරක දී සාදයක දී හිටි ගමන් කෝපයෙන් පිපිරෙමින් බැන වැදුනාය. එහි සාදයට පැමිණි ඉහළ පෙළේ අමුත්තෝ මේ සිද්ධියෙන් මුහුණුට මුහුණ බලා සිදු වන්නේ කුමක්දැයි ගල් ගැසී බලා සිටියහ. 18 වැනි සියවසේ හමුදාපති වෙනුවෙන් ඉදිකළ මේ මැදුර දැන් මැති ඇමැතින්ගේ නිවහනයි.
වක්කඩක් කැඩු කලක මෙන් ඇගේ කෝපය උතුරා ගියේය. ඇගේ සැමියාට රජය නොසලකන බවට චෝදනා කරමිනි. හිටපු ඇමැතිගේ බිරිය විටින් විට මෙසේ කෝපාග්නිය පිට කරමින් මේ විදියට හැසිරෙන බව කියති.
ඇගේ තරහ උතුරද්දී ඇමැතිවරුන් කිහිප දෙදෙනෙකු ඇතුළු සම්භාවනීය අමුත්තෝ පිරිසක් ද වුහ. නුවරඑළියේ අශ්ව රේස් ඇතුළු උත්සව නිසා සෙනගින් පිරි පවති. පැරණි හමුදාපති නිවසේ සිටි කිසිවෙක් දේශපාලඥයාගේ බිරිය සන්සුන් කිරිමට ඉදිරිපත් නොවුහ. එයට හේතුව ලෙස දැන ගන්නට ලැබුණේ ඇයට බරපතල ලෙස කේන්ති යාමලු. අතීතයේ දී ඇයගේ මෙවැනි ක්‍රියා නවත්වන්නට උත්සාහ කළ අය රෝහලේ නතර වු බව ද ඔවුහු කියති. ‘එක නිසා අපි ඈතින් බලා සිටියා’ යැයි සිද්ධිය සියසින් දුටු අමුත්තෙක් කීවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙවැනි දේවල් කවුරු හෝ වීඩියෝ කරලා සමාජ වෙබ් ජාල වල දානවා නම් , එ්ක තමයි මෙවැනි අයට දිය හැකි ලොකුම දඬුවම , එසේ වන විට මේ වගේ හැසිරෙන අනික් අයටත් පාඩමක් වනවා නොඅනුමානය (හේ)
මිනිහ ඇමැතිවෙලා බලය ලැබෙනකම් ඉන්නවා ගෑනු උඩින් යන්න, බැරි වුන තැන කෝපයට පත්වෙලා හැම එකාටම බනිනවා. කවුරුත් නොවේ වැරදිකාරයො මුන්ට ඡන්දෙ දෙන උන්, (බ)
මෙයාගේ නම දාන්න බැරිද? (අ)
නිමල් සිරිපාල වෙන කවුද (බ)
ආරේ ගති නෑරේ. (බ)
අනේ හැබෑටම මෙහෙම අය එක්ක ජීවත්වෙන්නේ කොහොමද? (නි)
හොඳම මනෝ වෛද්‍යවරයෙකුට පෙන්වන්න (නි)
පසුගිය කාලයේ නොයෙකුත් මාධ්‍ය මගින් පුවත් මගින් සහ කට කතා වලින් ඇසුවා දුටුවා මෙති ඇමති වරුන්ගේ සහ මන්ත්‍රීවරුන්ගේ බිරියන්ගේ නොයෙක් ආකාරයේ මෙවැනි දේවල් , බලයෙන් මත්වී නැතිවූ බලය හෝ මුදල් වෙනුවෙන් මෙසේ හැසිරිම නුගත් සහ වැදගත් නැති පිරිසගෙන් වුවත් , සමහර බිරියන් වැදගත් විදියට සිටිනා අවස්ථාද තිබේ (බ)
බලයෙන් මත්වෙලා හිටපු කෙනෙක් වෙන්න ඇති (නි)
ඇත්තටම මේ හිටපු ඇමතිතුමා කොහොමද මේ බිරියත් එක්ක ජීවත්වෙන්නේ. අනේ පව්...! (නි)
මේ වගේ දේවල් දකින කොට ගොඩක් ලැජ්ජයි.(හේ)
මේ වගේ අයගේ ලැජ්ජ නහර කපලනේ.(හේ)
නම දාන්නකෝ අපිටත් දැනගන්න (නි)
මෙයාලා ගැන නම් ඉතින් මොන කතාද? (නි)
ඔන්න අපි නම් දන්නෙ නැහැ ඕවා (නි)
සිංහලෙන් ආරේ ගුණ නෑරේ කියන්නේ ඕකටයි. සමාජයේ ඉහළයි කියන ඒවා මේගොල්ලෝ බලෙන් දාගත් ඒවා. නැතුව හොඳ පැවැත්ම නිසා සමාජයෙන් ලැබුන ඒවා නොවෙයි. සමාජයේ ඉහළයි කියන පැරණි කොටස දැන් නැතිවීගෙන යනවා. සල්ලි නිසාම සමාජයේ ඉහළයි කියන කෘතීම කොටසක් එනවා. (නි)
මීට කලින් සිටි අාර්යාවන් වූ භාර්යාවන්, භාර්යාවන්ගේ කාලය සිටි හැටි මතක් වෙනවා. (නි)
වෙන කවුරුවත් නෙවෙයි. අපි දන්නවා කවුද කියලා (නි)