IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


‘ලිංගාශ්‍රිත රෝග සෑම සමාජ මට්ටමකටම පොදුයි‘

(පේරාදෙණිය ශික්ෂණ රෝහලේ බාහිර රෝගි අංශයේ සහ මූළික සත්කාර ඒකකයේ කාර්යභාර වෛද්‍ය ලලිත් නන්දික විජේසේකර)

අප රටේ පවතින සමාජ සංස්කෘතික පසුබිම හේතුවෙන් සමහරක් සෞඛ්‍ය ගැටලූ වෛද්‍යවරයකුට පවා හෙළි කිරීමට මැලිවන තත්ත්වයක් ප‍්‍රකටව දක්නට ඇත. මෙහිදී විශේෂයෙන් නව යොවුන් වියේ පසුවන තරුණ තරුණියන් තමන්ගේ ලිංගික පද්ධතිය හා ආශි‍්‍රත සෞඛ්‍ය ගැටලූවලදි අසරණ තත්ත්වයකට පත්වන බවක් පෙනේ. ළමා අවධිය පසුකර නව යොවුන් වියට එළඹීමේදී ශරීරයේ ලිංගික හෝමෝන කි‍්‍රයාත්මකවීමත් සමගම ඇතිවන කායික හා මානසික පරිවර්තනයෙන් මෙම තත්ත්වය ක‍්‍රමයෙන් මතුවේ. අවබෝධයක් නොමැතිකම හා කරුණු නිවැරැුදි ලෙස නොදැනීම මීට ප‍්‍රධාන හේතුවක් වේ.

යොවුන් වියේ පසුවන තරුණ තරුණියන්ට බහුල වශයෙන් පවතින සෞඛ්‍ය ගැටලූ මොනවාද?

තරුණ තරුණියන් අතර බහුල වශයෙන් දක්නට ලැබෙන ලිංගික කි‍්‍රයාවලිය පිළිබඳ ගැටලූ සහ ලිංගාශි‍්‍රත රෝග පිළිබඳ ගැටලූ වශයෙන් ප‍්‍රධාන කොටස් 2 කට වර්ග කළ හැකිය. මේවා කායික හෝ මානසික වශයෙන් ඇතිවිය හැකි අතර මෙම ගැටලූ හා බැඳී පවතින මිත්‍යා මත මිත්‍යා ප‍්‍රතිකාර හේතුකොට ගෙන තරුණ තරුණියන් පීඩාවට හා අසරණ තත්ත්වයට පත්වන අවස්ථාවද සුලභව දක්නට ලැබේ.

ලිංගේන්ද්‍රිය හා ඒවා කි‍්‍රයාත්මක වීම පිළිබඳව ඇතිවන ගැටලූ මොනවාද?

මේ පිළිබඳව සළකා බැලීමේදී ලිංගික අවයව සහ පියයුරුවල වර්ධනය පිළිබඳව අවධානය යොමුකිරීම වැදගත්ය. මේවායේ වර්ධනය වැඩිවියට පැමිණීමත් සමග ආරම්භ වන අතර ලිංගික හෝමෝනවල කි‍්‍රයාකාරිත්වය අනුව එය සිදුවේ. වයස අවුරුදු 18x20 පමණ වන තෙක් ඒවා ක‍්‍රමානුකූලව පරිනත තත්ත්වයට පත්වේ. ශරීරයේ ජානමය සැකැස්මද ඊට බල පැවැත්වේ. සාමාන්‍ය ශරීර වර්ධනයක් තිබෙන නිරෝගී අයකු මේ පිළිබඳව කලබල වියයුතු නොවන අතර කිසියම් අසාමාන්‍යතාවක් ඇති බව හැගෙන්නේ නම් සුදුසු වෛද්‍යවරයකු ලවා පරීක්‍ෂා කරවා උපදෙස් ලබා ගත යුතුය.

ලිංගේන්ද්‍රිය කි‍්‍රයාත්මක වීම හා සම්බන්ධ ගැටලූවලදී තරුණියන් ගේ ඔසප් චක‍්‍රයේ අක‍්‍රමවත් බව සහ සුදයාම, වැනි තත්ත්වය ප‍්‍රධාන තැනක් ගනී. මල්වරවීම හෙවත් වැඩිවියට පත්වීමත් සමග ආරම්භ වන ඔසප් චක‍්‍රය ක‍්‍රමවත්ව සිදු වීමට වසර කිහිපයක් ගතවන අතර වයස අවුරුදු 16x18 පමණ වනවිට එය නියමිත පරිදි ක‍්‍රමාණුකූලව සිදුවේ. නියමිත කාලයට ඔසප් චක‍්‍රය ස්ථාපිත නොවීම හා ඔසප් චක‍්‍රය සම්බන්ධව ඇතිවන අනෙකුත් ගැටලූවලදී වෛද්‍ය උපදෙස් ලබාගත යුතුවේ. තරුණියන්ගේ යෝනි මාර්ගය හා ආශි‍්‍රත ග‍්‍රන්ථිවලින් ස්වභාවිකව ශ්ලේෂ්මල සහිත ස‍්‍රාවයක් නිපදවෙන අතර එය එක්තරා ආකාරයක ආරක්‍ෂක යාන්ත‍්‍රණයක් වශයෙන් කි‍්‍රයාත්මක වේ.  සාමාන්‍ය වශයෙන් සිදුවන මෙම ස‍්‍රාවය සුදු පැහැති හෝ ඝණ අවර්ණ ස්වභාවයක් සහිතය. ඒ පිළිබඳව බිය විය යුතු නොවන අතර අධික වශයෙන් පිටවීමේදී ”සුද යාම” වශයෙන් සාමාන්‍ය ව්‍යවහාරයේදී හැදින්වේ. එය හේතුකොටගෙන ශරීරය දුර්වල වීමක් හෝ කෘෂවීමක් කිසිසේත්ම සිදු නොවේ. ආර්තවයට පෙර සහ ඩිම්බ මෝචනය සිදුවීමේදිත් ගර්භණී අවධියේදී සහ ලිංගික කි‍්‍රයාවලියේදිත් මෙම යෝනි ස‍්‍රාවයේ සාපේක්‍ෂ වැඩිවීමක් දක්නට ලැබේ. යෝනි ස‍්‍රාවය වැඩියෙන් පිටවීමකදී ශරීරය පිරිසුදුව තබා ගැනීම ප‍්‍රධාන වශයෙන් වැදගත් වන අතර සුදුසු වෛද්‍යවරයකු ලවා පරීක්‍ෂා කරවා උපදෙස් ලබා ගැනීමෙන් ඒ හා සම්බන්ධ ගැටලූ නිරාකරණය කරගත හැකිය. මෙය හා සමගාමිව ගැටවරවියේ තරුණයන් අතර දැකිය හැකි නින්දේදී ශූක‍්‍රාණු පිටවීමද සාමාන්‍ය තත්ත්වයක් වශයෙන් සැලකේ. එය ශරීරයට කිසිදු අහිතකර බලපෑමක් ඇති නොකරයි.

ලිංගික කි‍්‍රයාවලිය හා සම්බන්ධ ගැටලූ මොනවාද?

ලිංගික කි‍්‍රයාවලිය හා සම්බන්ධ ගැටලූවලදී දෛනික ජීවිතයේදී ඇතිවන ආතති තත්ත්වය සහ විශාදය වැනි මානසික අසාමාන්‍යතා ප‍්‍රධාන වශයෙන් හේතු  කාරකවේ. සුලභව දක්නට ලැබෙන ලිංගික අප‍්‍රාණික තත්ත්වයට මෙය ප‍්‍රධාන හේතුව වන අතර ඒ සඳහා මනෝ වෛද්‍යවරයකුගෙන් උපදෙස් ලබා ගැනීම ඉතා වැදගත්වේ. මීට අමතරව දියවැඩියාව සහ වෙනත් ස්නායු ආබාධ මෙන්ම සමහර ඖෂධ වර්ග මගින්ද ලිංගික අප‍්‍රාණිකත්වය ඇතිවිය හැකිය. ක්‍ෂණික මෝචනය, ලිංගික තෘප්තිය හීනවීම සහ වේදනාකාරි ලිංගික සංසර්ගය වැනි ගැටලූ පවතින අවස්ථා වලදී මනෝ වෛද්‍යවරයකුගේ උපදෙස් ලබා ගැනීම අත්‍යවශ්‍යවේ.

තරුණ තරුණියන් අතර බහුල වශයෙන් දක්නට ලැබෙන ලිංගාශි‍්‍රත රෝග මොනවාද?

ලිංගාශි‍්‍රත රෝග පිළිබදව සලකා බලන විට එය සෑම සමාජ මට්ටමකම සිටින තරුණ පරපුර අතර සුලබතාවක් දක්නට ලැබේ. නව යොවුන් වියට එළඹීමත් සමගම ලිංගික ආශ්වාදය ලැබීමට ප‍්‍රයත්න දැරීම ඊට මූලික හේතු වේ. සමලිංගික සේවනය, සහකරුවන්/සහකාරියන් කිහිපදෙනකු සමග ලිංගික සබඳතා පැවැත්වීම, අනාරක්‍ෂිත ලිංගික සේවනය, ලිංගික සහකරුවන්/සහකාරියන් මාරු කිරීම, මත්පැන් හා මත්ද්‍රව්‍ය භාවිතය සහ නිතර නිතර රට රටවල සංචාරයේ යෙදීම යන සාධක සමාජ රෝග වැලඳීමට අවශ්‍ය කරන මූලික පසුබිම සකස් කරනු ලබයි. සමාජ රෝග ඇතිකරනු ලබන රෝගකාරක වශයෙන් බැක්ටීරියා උදා: (ගොනෝරියා, උපදංශ සහ ක්ලැමිඩියා) වෛරස් උදා: (ඒඞ්ස්, හර්පිස්, හෙපටයිටීස් බී සහ ඉන්නන්) දිලීර උදා: (කැන්ඩිඩා), පරපෝෂිත ජීවින් උදා: (ට‍්‍රයිකොමොනාස්) සහ කෘමි විශේෂද දැක්විය හැකිය. මීට අමතරව උණ, සන්ධිවේදනාව, සමේ පලූ හෝ කැසීම් ඇතිවීම සහ ඇස්වල ආබාධ හටගත හැකිය. ලිංගේන්ද්‍රියනය හා ආශි‍්‍රතව හටගන්නා ඉන්නන්ද සමාජ රෝගයක ලක්‍ෂණයක් වියහැකිය. හර්පිස් වෛරසය සහ පැපිලෝමා වෛරසය මගින් ආසාදනය වීම හේතුකොටගෙන ගැබ්ගෙල සහ යෝනි මාර්ග පිළිකා පවා හට ගැනීමේ අවදානම ඇත. සමහර සමාජ රෝග වැලදීම කාන්තාවගේ වඳ භාවයටද හේතුවක් වේ. ඒඞ්ස් සහ හෙපටයිටිස් බී වෛරස ආසාදනයට ලක්වු විට අදාල රෝග ලක්‍ෂණ කල්ගතවී ක‍්‍රම ක‍්‍රමයෙන් මතුවේ.

යොවුන් වියේ පසුවන තරුණ තරුණියන් සමාජ රෝගවලින් ආරක්‍ෂා කර ගැනීමට ගත යුතු කි‍්‍රයාමාර්ග මොනවාද?

යොවුන් පරපුර සමාජ රෝග වලින් ආරක්‍ෂාකර ගැනීම පිණිස හඳුනාගත් රෝගීන්ට ගණිකා වෘත්තියේ යෙදෙන්නන්ට නිසි පරිදි ප‍්‍රතිකාර කිරීම ලිංගික කි‍්‍රයාවලිය හා සමාජ රෝග පිළිබඳව සෞඛ්‍ය අධ්‍යාපනික වැඩසටහන් මගින් තරුණ පරපුර දැනුවත් කිරීම, අනාරක්‍ෂිත ලිංගික සේවනයෙන් වැළකීම සහ විශ්වාස දායක සහකාරියක හෝ සහකරුවකු පමණක් ඇසුරු කිරීම යන කි‍්‍රයා මාර්ග මූලික වශයෙන් වැදගත් වේ.

 



අදහස් (2)

‘ලිංගාශ්‍රිත රෝග සෑම සමාජ මට්ටමකටම පොදුයි‘

චාමර Wednesday, 15 July 2015 01:57 AM

හොඳ ලිපියක් (නි)

:       0       0

Nimesh sadaruwan Wednesday, 26 December 2018 07:17 AM

මට දැනගන්න ඕනෑ එහෙම දෙයක් තියනවද කියලා?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 142 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site