(අජන්ත කුමාර අගලකඩ)

ලංකා ගමනා ගමන මණ්ඩලය සඳහා නව බස් රථ 80 ක් මිලදී ගැනීමට ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍යාංශය තීරණය කර ඇත.

එසේ මිලදී ගනු ලැබූ බස් රථයක වටිනාකම රුපියල් එක් කෝටි හැට හය ලක්ෂයක් පමණ වනු ඇතැයි අමාත්‍යාංශ ආරංචි මාර්ග කියයි.

පත්ළ පහත නව බස් රථ 80 ක් මෙලෙස මිලදී ගැනෙන අතර ඒ සඳහා ප්‍රසම්පාදන මණ්ඩලය මගින් ආයතනයක්ද තෝරා ගෙන ඇත.