ශිරාන් රණසිංහ
ලංගම සේවකයින්ට වැටුප් වර්ධකයක් ලබාදීමට ප්‍රවාහන ඇමති නිමල් සිරිපාල ද සිල්වා මහතා තීරණය කර ඇත.
ලංගමය ලාබ ලබන තත්ත්වයට පත් කිරීමට ක්‍රියාකළ අයට වැටුප් වැඩිකළ යුතු බවත් ඊට අදාල යෝජනාව ළඟදීම කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතය.
මීට අමතරව මෙම වසර අවසානයේදී සේවකයින්ට රුපියල් 10,000ක් ප්‍රසාද දීමනා (බෝනස්) ලබා දීම කෙරෙහිද ලංගමයේ අවධානය යොමුව ඇත.
ලංගම තුළ 30,463ක් සේවය කරන අතර දෛනික අදායම මිලියන සියයකි.
2017 වසරේ දී මෙහෙයුම් ආදායම රුපියල් මිලියන 1618ක් වූ අතර 2018 දී එය රුපියල් මිලියන 2000 දක්වා වැඩිවී ඇත.ලංගමය සතුව බස්රථ 6100ක් පමණ ඇතැයි ද ලංගමය පවසයි.
ලංගම සභාපති රමාල් සිරිවර්ධන මහතා යටතේ මෙම වර්ධනය ඇති වී ඇතැයිද ලංගමය කියා සිටි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වත්මන් ලංගම සභාපති අනිකුත් ආයතන ප්රධානීන්ට හොඳ ආදර්ශයක්. මහජන බැංකු සහ ශ්රී ලංකන් ගුවන් ලොක්කන්ට ගෙවන නාස්තියට වඩා, මෙතුමාගේ සේවය ඉතා වටිනවා.
එ්ත් ටිකට් දෙන්නේ නැතුව ඉන්න කොන්දොස්තරලා කොච්චර ඉන්නවද? චෙකර්ලා හැමදාම වගේ බස්වලට එනවා නම් මීට වඩා අාදායම් ගන්න පුළුවන්..
අහන්නත් සතුටුයි, ලංගම ලාභ ලබනවා කියලා.
ඡන්දයක් වත් ළඟද?