IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


‘ලංගම සේවකයන් ඡන්ද වැඩට එපා‘

ලංකා ගමනාගමන මණ්ඩල සේවකින් මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා යෙදවීම වහාම නවත්වන්නැයි මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා අභ්‍යන්තර ප්‍රවාහන අමාත්‍යංශයේ ලේකම්ට සහ ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපතිට නියෝග කර ඇත.

මහරගම, මොරටුව, කටුබැද්ද, කැස්බෑව සහ අනුරාධපුරය ඇතුළු ඩිපෝ රාශියක සේවකයින් සේවයට වාර්තා කිරීමෙන් පසු විවිධ දේශපාලන පක්ෂවල මැතිවරණ ප්‍රචාරණ කටයුතුවල නිරතවන බවට ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනය මැතිවරණ කොමසාරිස්වරයාට කකළ පැමිණිල්ලක් අනුව මෙම තීරණය ගෙන ඇත.

මීට අමතරව ඌව පළාතේ සහ කුරුණෑගල, කළුතර දිස්ත්‍රික්කයන්හි ඩිපෝවල සේවකයින් එක්සත් ජාතික පක්ෂයේ මැතිවරණ ප්‍රචාරණ කටයුතුවල නිරත වන බවට තමන්ට පැමිණිලි ලැබී ඇතැයිද මැතිවරණ කොමසාරිස් පවසයි.

රාජ්‍ය නිලධාරීන් සහ රාජ්‍ය දේපළ අවභාවිතය මැතිවරණ නීතිය යටතේත් 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ විධි විධාන හා රජයේ පාලන රෙගුලාසි යටතේත් නීති විරෝධී හා දඬුවම් ලැබිය හැකි වරදක් බව මැතිවරණ කොමසාරිස් අමාත්‍යංශ ලේකම්වරයාට යැවූ ලිපියේ සඳහන්ය.

 

 



අදහස් (0)

‘ලංගම සේවකයන් ඡන්ද වැඩට එපා‘

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 208 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 167 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 967 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site