මොරගහකන්ද කළු ගඟ ජලාශ යෝජනා ක්‍රමයට ඉඩම් පවරාගැනීම හේතුවෙන් තමනට ප්‍රමාණවත් වන්දි මුදල් නැතිවූ බවත් ගොඩනැගිලි සඳහා වත්මන් ඉදිකිරීම් පදනම්වූ වන්දි මුදලක් නොලැබුණු බවත් ආදී කරුණු කිහිපයකට විරෝධය පළ කරමින් ලග්ගල වැසියෝ අද දඹුල්ල - මහියංගණ පාර හරස් කරමින් විරෝධයක නිරත වූහ.
ලග්ගල ප්‍රාදේශිය ලේකම් කාර්යාලය ඉදිරිපිට උපවාසයක් ආරම්භ කරමින් බ්‍රහස්පතින්දා (22) විරෝධයේ යෙදුණු පිරිසේ සහායට අද තවත් පිරිසක් එකතු වී පාරේ වාඩිවී මග හරස් කරමින් විරෝධය දක්වති.





COMMENTS
මේක දැන් දුප්පත් අහිංසක මිනිස්සු පාගාදමන රජයක් වෙලා. (නි)
මේ වන්දි මුදල් තක්සේරු කරනකොට, මේ අය ඒ තක්සේරුවට එකඟ වුණාද? ඒ එකඟ වූ මුදල ලැබුනාද? වන්දි ලැබුනාට පසුව කාගේ හරි ඉගැන්නුම් බහකට මෙහෙම පාරවල් හරස් කරලා සාමාන්‍ය ජන ජීවිතය අඩාල කරලා රජය අප්‍රසාදයට පත්කිරීම මේවා සංවිධානය කරන අයගේ අරමුණ බවයි මට හිතෙන්නේ (නි)