ලග්ගල ප්‍රදේශයේ අනවසර මැණික් පතල් ජාවාරම මැඩීමට පොලීසිය බාධාවක් යැයි කර්මන්ත සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් වසන්ත පෙරේරා මහතා කළ ප්‍රකාශයකින් පසුව ලග්ගල පොලීසියේ නිලධාරින් හත් දෙනකු වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරු වීම් ලබා දීමට මාතලේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කේ පාලිත ප්‍රනාන්දු මහතා නියෝග කැර ඇත.
පසුගිය බ්‍රහස්පතින්දා මාතලේ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේ දී නියෝජ්‍ය අමාත්‍යවරයා මේ ප්‍රකාශය සිදු කර තිබිණි.
මේ පිළිබදව විමසීමේදී පොලිස් අධීකාරිවරයා පැවසුයේ සිදු කළ අභ්‍යන්තර පරීක්ෂයකින් පසු මෙම නිලධාරීන් මාරු කළ බවත් තව දුරටත් මෙයට සම්බන්ධ නිලධාරීන් ලග්ගල හා විල්ගමුව පොලීසි වල සිටින්නේද සොයා බලා ඒ පිළිබදව පරීක්ෂණ සිදු කරන බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජරාව කාලා ,ජරාව නාලා, අඹු දරුවන්ටත් කවලා, ලජ්ජා නැති මිනිසුනේ. නුඹලා ගිය ගිය තැන ගුටි කන්නේ මේ වගේ නොසන්ඩාල වැඩ නිසා නේද?(නදී)
කොහේට මාරු කළත් ඔය පොලිස්කාරයෝ කරන්නේ ඔය ටිකම තමයි.(නදී)
ඇමතිගේ ගෝලයෝ නෙමෙයි නේද? (නදී)
ඔතන පොලිස් පොඩ්ඩෝ විතරද?ලොක්කෝ නැද්ද?(නදී)
ලග්ගල පොලිසියේ ඉස්සෙල්ල හොඳ ලොකු මහත්තයෙක් හිටිය . එම නිලධාරියාව තැපැල් චන්ද ප්‍රමාද කරපු කතාවක් පටලවල ඔය පළාතේ දේශපාලකයෙක්ගේ උවමනාවට අසාධාරණ ලෙස ගෙදර යැව්වා.
ලග්ගල පොලිසියේ ඉස්සෙල්ල හොඳ ලොකු මහත්තයෙක් හිටියා. එම නිලධාරියාව තැපැල් ඡන්ද ප්‍රමාද කරපු කතාවක් පටලවල ඔය පළාතේ දේශපාලකයෙක්ගේ උවමනාවට අසාධාරණ ලෙස ගෙදර යැව්වා. (නදී)
ලග්ගල පොලිසියේ විතරක් නොවෙයි ගොඩක් පොලිසි ඔය වගේ තමයි.හරි නම් ඔය වගේ පොලිස්කාරයෝ මාරු කරන්න ඕන සයිබීරියාවට. (ස)
අපරාදේ බාගෙට හදාගත්තු නිවසේ ඉතුරු වැඩ ටික.(නදී)