අද අලුයම ආ පුද්ගලයකු ලග්ගල පොලිසියේ ආමරියෙන් ටී පනස් හය අවියක් සහ රිවෝල්වර් පහක් රැගෙන පළා ගොස් ඇතැයි පොලිසිය කියයි.
රාත්‍රී උප සේවයේ සිහි පොලිස් නිලධාරියාට නින්ද යන්නට ඇති බවත්, ඒ අතර ඔහු ළඟ තිබූ යතුරෙන්ම ආමරිය විවෘත කරන්නට ඇති බවටත් පොලිසිය සැක කරයි.
ආමරියේ තිබූ උණ්ඩ අතුරුදන් වී නැත.
සිද්ධිය වන අවස්ථාවේ පොලිසියේ හතර දෙනකු රාත්‍රී සේවයේ යෙදී සිට ඇත.
![laggala_01[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/04/laggala_011.gif)
![laggala_02[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/04/laggala_021.gif)
![laggala_04[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/04/laggala_041.gif)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එ්කනේ කියන්නේ සිරි, අප්පචිගේ කාලේ පොලිසියේ ආයුධ තිබුනේ නැහැනේ. සෙල්ලම් පිස්තෝල, වතුර බෝතල් වලින්නේ දේශපාලුවෝ සෙල්ලම් කළේ (නි)
මේවාට හිනායනවා අනේ. මරු ආරක්ෂකයෝ! (නි)
හොයලා බලන්න ඊයේ කණ පැළෙන්න පොලිසියට කවුරුහරි බොන්න දීලද කියල. රාළහාමිලා බෝතලය දැක්කහම යතුරු නිකන් දුන්නද දන්නෙත් නැහැ (නි)
ඔය වැඩේ පොලිසිය ඇතුළෙම කෙනෙකුගේ වැඩක් වගෙයි. පිටින් අා කෙනෙක්ගේ වැඩක් වෙන්න බැහැ. දැන් සේරම පොලිසි වලට සීසීටීවී සවිකරන්න හොඳ කාලේ. (නි)
මෙය සුළුවෙන් තැකිය හැකි දෙයක් නම් නොවේ (නි)
මොනවාද මේ සිද්ධ වෙන්නේ? (නි)
පුදුම වැඩේ කියන්නේ, හතර දෙනෙක්ම ඉඳලත් හැමෝටම එක වෙලාවේ නින්ද ගිහින් තියෙන එකයි. අපි නොදන්නා පොලීසිය! (නි)
මේ වගේ පොලිසි වලින් මහජනයාට සිදුවන සේවය කුමක්ද යන්න බැරෑරුම් ලෙස සිතා බැලිය යුතුය. මුළු පොලිස් දෙපාර්තමේන්තුවටම ලැජ්ජා වියයුතු කරුණකි. (නි)
පොලිසියට නින්ද මදි බවක් කිව්වා නේද ළඟදි? (නි)
මහින්දගේ කාලේ වුණා නම් රතු අලි පැටවු මෙලහකට උඩපනිනවා, ආණ්ඩුවේ භීෂණය ජයටම යනවා කියලා. (නි)
අවුරුදු සමරන්න හොඳට නිදාගන්න ඇති රාළහාමිලා හතරදෙනා (නි)
මේකත් පහුගිය ආණ්ඩුවේ ගිණුමටම බැරවෙයිද දන්නෙ නැහැ (නි)
පොලිසියේ අය ගොඩක් වෙලාවට, වැරැද්දක් වුණාම කරන්නේ නිදාගන්න එකනේ. (නි)
පළමුවෙන්ම හොයල බලන්න ඕනි ඔය නිලධාරීන් පැය කීයක් එක දිගට වැඩ කරලා තියෙනවද කියල. අන්තරායකර රැකියාවල පරිපාලනය දැන් වෙනස් විය යුතු කාලයයි මේ. (බ)
හරිම කණගාටුයි සමහර අයගේ අදහස් ගැන. ඔහේ කියවනවා, තේරුමක් නැහැ. පොලිසියෙන් වෙන සේවය බලන්න රටේ සියලුම පොලිසි දවස් 2ක් වහලා තියන්න ඕනෑ (නි)
මේ අවුරුදු කාලේ නින්දගිය රාළේ... (නි)
ඔය අවි වලින් මොන විනාශයක් වෙයිද දන්නේ නැහැ (නි)
මෙහෙම පොලිසි වලින් අපිට වැඩක් තියෙනවද? (නි)
මේක පොලිසියක්ද? සුපරීක්ෂාවක් නැද්ද? අද රටේ මිනිසුන්ටත් පාලකයන්ටත් කිසිදෙයක් හරියට කරන්න බැහැ. ඕනෑකමකුත් නැහැ. මුළු රටම විහිළුවක් යැයි කීම අතිශයෝක්තියක් නොවේ (නි)
ආයුබෝවන් “welcome“ ගහලා තියන නිසා එන්න ඇති (නි)
චන්න, ඒ කාලේ හොරකමක් කරන්න ඕනෑ නැහැ. ඕනෑ සල්ලිකාරයෙකුට චණ්ඩියෙකුට නිකම්ම ආයුධ දෙනවා නොමිලේම (නි)
පැහැදිලිවම එක පුද්ගලයෙකුගේ වැඩක්. තනි පුද්ගලයෙකුට ගෙනියන්න හැකි බර තමයි ඔය. පොලිසිය ඇතුළෙන් සහයක් නැතුව කොහොමද නියම යතුර සොයාගන්නේ? (නි)
මෙහෙම කට්ටියටද මහින්දගේ ආරක්ෂාව බාරදෙන්න යන්නේ? (නි)
යහපාලන වැඩ කොහොමද? වෙනස මාරයි නේද? (නි)
බලන්න හොරකම් කළ මිනිහා ගෙනා දේවල් වල ඉතිරි හිස් බෝතල් කීයක් තියනවද කියලා. කොහොම වුණත් මිනිහා ටිකයිනේ අරගෙන ගිහින් තියෙන්නේ. හතර දෙනාම සුරයෝ. (නි)
හොඳ වෙලාවට මහින්ද මහත්තයා යුද්ධය ඉවර කරලා තිබුනේ. (නි)
බලනකොට වැඩියෙන්ම හොරු ගැවසෙන්නේ පොලිසියේනේ! (නි)
ලියන්න හිතෙන දේ ලියාගන්න බැහැ.රටේ අාරක්ෂාව තියන තතැනටත් හොරු පයිනවා කියන්නේ තව මොන කතාද? (ම)
දැන් තියෙන්නේ යහපාලන පොලිසියක්නේ! (නි)
මහජන හා ජාතික ආරක්ෂාවට තර්ජනයක් නැහැ (ම)
ඇත්තටම එක ටී 56 කින් හා රිවෝල්ඩර් 05 බේරුනා ඇති. හමුදාවෙන් පැනපු එකෙක් ආවනම් අඩුම තරමේ ආයුධ දුසිමක්වත් අරන් යාවි (ම)
ජාතියේ අප්පච්චි හිටියනම් මෙහෙම වෙන්නෙ නැහැ. පොලීසිය අකුරටම වැඩ කරනවා (ම)
මාළු අල්ලන්න ගෙනියන්න ඇති. (ම)
අශ්වයා පැනලා ගියාට පස්සේ දොර වහලා මොනවා කරන්නද? (නි)
යහපාලන ක්‍රමය අපේ රටට ගැළපෙන්නේ නැහැ. ප්‍රේමදාස, මහින්ද කාලේ තිබුණු ක්‍රමය හොඳයි වගේ (නි)
ඕක නම් ජාත්‍යන්තර කුමන්ත්‍රණයක්. කෝ අපේ ඒ සම්බන්ධ මැතිතුමා මොකද සද්ද නැත්තේ? (නි)
ශ්‍රීමාලී තවමත් කඩේ යනවා වගෙයි (නි)
පොලිසිය ආරක්ෂාවට හමුදාව යොදවන්න (ම)
පොලිසියට හොරු පනිනවා නම් මහ ජනතාවට දෙවි පිහිටයි (ම)
පොලිසියට ආරක්ෂාව දෙන්න අර කිවුවා වගේ පැවිදි බලකායක් හදන්න වෙයි වගේ (නි)
මේක පොලිසිය ඇතුළෙම වැඩක් කියලයි මම නම් හිතන්නේ (නි)
මේක කාගේ වැඩක් වෙන්න ඇද්ද? (නි)
අලුත් අවුරුද්දට වැඩ අල්ලලා (නි)
පුදුම වැඩේ කියන්නේ පොලිසියට හොරු පනින කාලයක් මේක. අපි ගැන කවර කතාද? (නි)
මෙය සුළුකොට තැකිය හැකි දෙයක් නොවෙයි. විශේෂයෙන් ආරක්ෂක අංශයකින් ආයුධ පන්නනවා කියන්නේ බොහොම බැරෑරුම් කාරණයක් (නි)
දැන් අපි මේ අවනඩුව කාටද කියන්නේ? (නි)
මේකත් මහින්දගේ ගිණුමට බැරවෙයිද දන්නෙ නැහැ අන්තිමට? (නි)
අපොයි රාජකාරිය කරන හැටි...? පොලීසියවත් රැකගන්න බැරි අය කොහොමද අපි රකින්නේ? (නි)
කට්ටියටම අමතක වෙලා , මතකද ලොක්කෙක් කිවා පොඩ්ඩන්ට නින්ද මදි කියල දැන් හරිනේ ඔය නිදාගෙන තියෙන්නේ අපුරුවටම (ම)
සිරි, ජාතියේ අප්පච්චි හිටියා නම් මෙහෙම වෙන්නෙ නැහැ. එළිපිටම ඇවිල්ලා ඉල්ලගෙන යනවා මිසක්. පහුගිය කාලේ රටේ නීතිය ගැන මතක නැද්ද? (නි)
රාජකාරියේ හිටපු නිලධාරී මහත්වරුන්ගේ කලිසම් කමිස එහෙම හරියට අඩුවක් නැතුව තිබුනද දන්නෙ නැහැ. මේක පුදුම නින්දක්නේ! (නි)
1971 සහ 88 - 89 වකවානු වලත් යම් කල්ලියක් පොලීසියේ ආයුධ පැහැරගත්තනේ. (නි)
සමහර වගකිවයුත්තන් ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් වැදගත් ප්‍රශ්නයකට උත්තර දෙන විදිය බලද්දී ඉතින් ආරක්ෂාව ගැන කුමන කතාද? (නි)
අශ්වයා පැනලා ගියාට පස්සේ දොර වහලා මොනවා කරන්නද? දැන් ඉතින් අරගෙන ගිය ආයුධ වලින් මොන අපරාදයක් කරන්නට අර අදිනවාද කියලා කවුද දන්නේ..? (නි)
හැබැයි කවුරු වුණත් වැඩේ නම් නියමෙට කරලා (නි)
දැන් අර අහවලා කියාවි පොලිසියකින් බඩුමුට්ටු ටිකක් අරගෙන ගිහිල්ලා කියලා (නි)
මෙහෙම නිලධාරීන්ගෙන්ද අපි ආරක්ෂාවක් පතන්නේ? (නි)
ජනක, ඔයාගේ මොළේ ගිහිල්ලා ගලක ගහන්න. ඔයාලා වගේ අය ඉන්න නිසා තමයි ලංකාව ආපස්සටම යන්නේ (නි)
අනේ හැබෑටම මෙහෙමත් නින්දක්? (නි)