ලග්ගල පොලිස් ස්ථානාධිපතිට හදිසියේ ලැබුණු ස්ථාන මාරුව අවලංගු කරන්නැයි ප්‍රදේශවාසිහු ලග්ගල නගරය පුරා පෝස්ටර් ඇලැවුහ.

පොලිස් පරීක්ෂක ප්‍රියන්ත ගුණසේකර මහතා වසර දෙකක පමණ කාලයක් මෙම පොලිසියේ සේවය කරමින් සිට ඇත .

ප්‍රදේශවාසින් කියා සිටින්නේ පළාතට සේවාවක් ඉටු කරන රජයේ නිලධාරීන්ට ස්ථාන මාරු ලබා දීම දේශපාලන හා ජාවාරම් කරුවන්ගේ ජයග්‍රහණයක් බවයි.