ලග්ගල පොලිසියෙන් දින දෙකකට පෙර සොරා ගත් ආයුධ තොගය වැල්ලේවල සදගල පංසල් භූමියෙන් අද (16) උදේ 6.15 ට සොයාගත් බව පොලිසිය කියයි.
පන්සලේ නායක හාමුදුරුවන් මුහුණ දෙවා ගැනීම සඳහා ළිද ළගට වැඩම කළ අවස්ථාවේදී එම පාර්සලය දැක දායකයින්ට හා පොලිසියට දන්වා ඇත.
මෙම අවි වල ඇඟිලි සළකුණු සෙවීමට රහස් පොලිසිය පරීක්ෂණ පවත්වයි.
COMMENTS
මේක ඇතුළේම වැඩක් වෙන්නත් පුළුවන්. වැඩේ වරදින නිසා ආපහු ලැබෙන්න සළස්වන්න ඇති (නි)
මෙතන අදහස් දාපු සමහරු බොහොම දේවල් දන්නවා වගෙයි මේ ගැන (නි)
මේක පන්සල් වල ඉන්න හාමුදුරුවෝ හිරේ දාන්න අටවාගෙන යන අලුත් උප්පරවැට්ටියක්. අලින්ගේ බැරිවෙනකොට ආයුධ ගිහින් තියල හරි ශාසනය විනාශ කරන්න හදන්නේ (අ)
මේ දවස් වල පන්සලට ආහාරපාන වලින් දෙන දානෙට වැඩිය ආයුධ දානයක් දුන්නහම වැඩිපුර පින් ලැබෙනවා කියලා හිතලා ආයුධ ටික පන්සලට දානේ දීලාද දන්නේ නැහැ. (නි)
පන්සල් වත්තේ තියෙනවා කියල හාමුදුරුවන් නේද කියල තියෙන්නේ (අ)
දෙවියනේ! පන්සලකින්? (නි)
හාමුදුරුවරුන්ගේ අර විශේෂිත ආරක්ෂිත බලකාය හදන්න එකතු කරනවද දන්නෙ නැහැ (නි)
මේවා පන්සලකින්ම හමුවුණ එකනේ වැඩේ...
මට අර හදනවා කිවුව 1000හේ බලකාය මතක්වුණා මේ පුවත දකිද්දී (නි)
දැන් කාවද මේකට අත්අඩංගුවට ගන්න වෙන්නේ? (නි)
සමහරුන්ගේ අදහස් දැක්කහම හිනාත් යනවා. හැබැයි මටත් එහෙම හිතුනා (නි)
මේවා පසුවට ප්‍රයෝජනයට ගන්න හංගන්න ඇති (නි)
පන්සලකට අලි පැටියෙක් ගෙනත් දාලා යන්න පුළුවන් නම් ආයුධ ගෙනත් දාලා යන එක කජ්ජක්ද? (නි)
මේ වගේ මිනිස්සු ඉන්නකොට රටේ මේ වගේ දේවල් වෙන එක පුදුමයක් නොවේ. මෙතන අදහස් දාන්නේත් අන්න ඒ වගේ අය (නි)
මිනිස්සු 21 වෙනි ශතවර්ෂයේද නැතිනම් ගල් යුගයේද කියලා හිතෙනවා මේ අදහස් බලනකොට. පන්සල් භූමියකින් හමුවුණ පලියට හාමුදුරුවරු මේකට ගාවාගන්න තරම් නපුරු වෙන්න එපා. මේ අපරාධකාරයන් තමන්ගේ ගැළවිමට පන්සල් වත්තේ දමලා ගියා වෙන්න බැරිද. හොරකම් කරපු මිනිස්සු හොරබඩු තමන්ගේ ගෙදර තියාගන්න සිරිතක් තියෙනවාද? (නි)
ඔන්න කට්ටියකට ආයෙත් ජිනීවා යන්න අවස්ථාවක් ... (නි)
සමන්ගේ අදහස සමඟ එකඟ වෙනවා. අදහස් බැලුවහම පුදුම හිතෙනවා ඒ අයගේ විචක්ෂණ බුද්ධිය පිළිබඳව. අකුරු දැනගත්තට හෝ කියවීමට දැනගත්තට විතරක් මදි. අපි ලියන්නේ මොනවද කියලා හිතන්නත් බුද්ධියක් අවශ්‍යයි. (නි)
පොලිසියේ අය සම්බන්ධද දන්නෙ නැහැ මේකට. පොලිසියේ 4 දෙනෙක් ඉඳිද්දි කොහොමද අවි අරන් යන්නේ? (නි)
තව දවස් දෙකතුනක් යද්දී මේ හැමදේම හොඳටම දැනගන්න පුළුවන්වෙයි (නි)
මේකටත් දැන් මහින්ද මහත්තයාව ගාවගනියිද දන්නේ නැහැ. (නි)
පන්සල් වල අලි දාලා යනවා, අමුතු සත්තු වැටෙනවා, ආයුධ දාලා යනවා. අනේ මන්දා! (නි)
අනේ ඉතින් පන්සලටනේ බල්ලෝ, බළල්ලු, අලි හැම එකෙක්ම ගෙනත් දාන්නේ (නි)
දින දෙකක් ඇතුළත සොයාගැනීමත් පොලිසියේ වික්‍රමයක් නේද? අර 1000 ක සේනාංකය හදන්න මුලාරම්භයක්ද? (නි)
දැන් මෙය ඉන්දියාවේ ආරක්ෂාවට තර්ජනයක් වෙයිද දන්නෙ නැහැ (නි)
1971- 1989 කාලේ සෙල්ලම් වගේ පටන්ගත්තාවද්ද? (නි)
මෙය කාගේ හෝ කුමන්ත්‍රණයක්ද කියා සිතෙනවා (නි)
සමන්ගේ අදහසට මාත් එකඟයි. පන්සලේ වැරදි වැඩ සිදුවෙනවා යන මතය සමාජගත කිරීමේ ප්‍රවණතාවයක් මෑතක සිට රටේ පවතිනවා. (නි)
කොහොමහරි කමක් නැහැ හම්බවුණානේ (නි)
හමුවුණ එක හොඳයි. වරදකාරයින් අල්ලගන්නේ නම් වඩාත් හොඳයි. හරිම වැරදිකරුවන් අල්ලාගන්නේ නම් විශිෂ්ටයි. (නි)
පන්සල් වත්තේ හැංගුවාම හොයාගන්න බැරිවෙයි, සැකකරන එකක් නැහැ කියලා හිතලා හංගන්න ඇති (නි)
දැන් බලනකොට අලිපැටවු දාලා යනවා වගේ ආයුධත් දාලා යනවනේ (නි)
කුමාර්, ලොරියක් ගෙනල්ලා ගෙනියන්න හොරකම් කරලා තිබෙන්නේ කාලතුවක්කු නොවෙයි, ඉණේ ගහගෙන යන්න පුළුවන් පිස්තෝල 4 යි, කරතියාගෙන යන්න පුළුවන් ටී56 කුයි විතරයි. (නි)
මේවා මෙතන තියනව බව දැනගත්තෙ කොහොමද? එතකොට සැකකරු කවුද? වෙන කවුරුවත් ගෙනල්ලා පන්සල වත්තෙ හැංගුවද දන්නෙ නැහැනෙ. (නි)
මෙහෙම ගියොත් අතුරුදහන්වෙන සෑම භාණ්ඩයක්ම සොයන්න පන්සල් වලට යන්න වේවිද දන්නෙ නැහැ (නි)
දැන් සමහරු කියාවි මේවා එන්.ජී.ඕ. කුමන්ත්‍රණ කියලා (නි)
කාලය හොඳ ප්‍රශ්න විසඳන්නෙකි (නි)
ඇඟිලි සළකුණු වලින් අපිට වැදගත් දෙයක් දැනගන්න පුලුවන්වෙයි (නි)
ආයුධ සොයාගැනීම ගැන සතුටු වුණාට එය සිදුවුණ ආකාරය ගැන කණගාටුයි (නි)
ආයුධ සොයාගැනීමේ පුවත හිතට සැනසිල්ල ගෙන දෙන දෙයක්. හාස්‍ය මුසු දේවල් ලියනවාට වඩා පළමුව ආරක්ෂක අංශ අගය කරමු. (නි)
තුවක්කු ටික අරගෙන ගිහින් කවුරුහරි පන්සලේ තිබ්බද දන්නේ නැහැ (නි)
ඔන්න ඉතින් පන්සලක් ගාවාගත්තා. දැන් පන්සලට හාමුදුරුවන්ට බනිනවා. කරුණු සොයා බලන්නේ නැහැ. අනේ මෙහෙමත් මිනිස්සු! (නි)
ආගම් භේදයට, ජාතිභේදයට, ත්‍රස්තවාදයට, සොරකමට, වෛරයට, පළිගැනීමට මේ දේවල් වෙන්න පුළුවන්. තව විමර්ශනය කිරීමෙන් සත්‍ය සොයාගත හැකියි (නි)
මේක අදහස් දාන සමහරු ගැන ඇත්තටම දුකයි. ටිකක් හොයලා බලලා දාන්න (නි)
අපේ මිනිසුන්ට මේවා හොයාගත්ත එකත් දැන් වැරදියි වගේ (නි)
එකත් හොයාගත්ත වෙලාව බලන්නකෝ ඉතින්? ඇයි ඕක දවාලක හමුනොවුණේ? (නි)
මේවා බුද්ධ ශාසනයට අගෞරව කරන්න කරන දේවල් වෙන්න පුළුවනේ. සමහර අය එපාවුණ පූස් පැටවූ , බලු පැටවූ දාලා යන්නෙත් පන්සල් භූමියේ. මෝඩ විදිහට අදහස් දාන්නේ නැතුව ටිකක් මොළය පාවිච්චි කරන්න මිනිසුනේ. (නි)
අපි ඉවසලා ඉමුකෝ. ඇත්ත හෙළිවේවි (නි)
සම්බුද්ධ ශාසනය විනාශ කරන්න හදන මාර කල්ලි අද පන්සල ඇතුළෙන්ම බිහිවී තිබීම තමයි කණගාටුවට කරුණ. සමහර මාර සේනා නියෝජිතයෝ ඔවුන්ගේ වචන, බුද්ධ වචනය හා ගළපන්න හදනවා. බුදු බණ ශ්‍රවනය කරලා සාධුකාර දෙනවා වෙනුවට, සමහර චීවරධාරීන්ගේ කතා අහලා හුරේ දාලා අමුතු ජොලියක් ගන්න නාමික බෞද්ධයින්ට සමහර කාරණා නොවැටහුනාට, අද පන්සල පත්වී ඇති ඛේදනීය තත්වය ගැන අවබෝධයක් සැබෑ බෞද්ධයින්ට තිබෙනවා. (නි)
හොරකම් කරපු ආයුධ හාමුදුරුවන්ට හොරෙන් පන්සල් භුමියේ වළලා තිබිලා අහුවුණාම 88 දී පන්සල් 6 ක අහිංසක හාමුදුරුවරුන්ට අත්වුණ ඉරණම අපිට තාම මතකයි (නි)
මේ මිනිස්සු අපේ ආගම දහමත් මේ වැඩවලට යොදාගන්න හැටි? (නි)
මේක නම් කවුරුන් හෝ සිතාමතාම කරපු වැඩක් වගේ (නි)
පන්සලකින් හමුවුණ එකයි මගේ හිතට හරි නැත්තේ (නි)
මට නම් හිතෙන්නේ මේක ඒ වෙලාවේ පොලිසියේ රාජකාරි කළ අයගේ වැඩ නැති කරලා පළිගන්න කරපු වැඩක් වෙන්න පුළුවන් කියලා. පන්සල කියන්නේ අපේ රට රකින්න රජුන් තැනුව තැනක් මිසක රට විනාශ කරපු තැනක් නෙමෙයි. (නි)
මේ සිදුවන දේවල් සුළුකොට තකන්න බැහැ. බලය නැතුව ඉන්න බැරි මේ රටේ සමහර අය බලන්නේ උතුරේ නැත්නම් දකුණ හරි ගිනි ගොඩක් කරලා ආපහු බලය ගන්න. රජය තම බුද්ධි බලකාය තව තවත් ශක්තිමත් කළයුතු මොහොතකි මේ. (නි)
පොලීසියට කරන්න බැරි දේ සොබාදහම කරලා දුන්නා (නි)
ආයුධ හතර පහ දැන් වැඩිවෙලාද? අම්මෝ! කොහොමද අරගෙන ගියේ? ලොරියක් ගෙනල්ලද දන්නෙ නැහැ (නි)
"කාශ්‍යප, මාගේ ශාසනය පඨවි, ආපෝ, තේජෝ, වායෝ යන සතර මහා භූතයන්ගෙන් විනාශ නොවේ. මුහුද ගොඩගැලීමකින් හෝ වෙනත් ස්වභාවික හේතුවක් මත හෝ මිථ්‍යා දෘෂ්ටියකින් විනාශ නොවේ. මාගේ ශාසනය තුළින්ම ඒ සඳහා පිරිස පැනනඟිනු ඇත" යැයි බුදුරජාණන් වහන්සේ වදාළා නොවේද? (නි)
ඔන්න දැන් කට්ටිය පටන් ගනීවි පන්සල් වලට සහ හාමුදුරුවන්ට බනින්න (නි)
මේ සිද්ධියට පන්සල කිසිම සම්බන්ධයක් නැහැ. ඕනෑම කෙනෙකුට ඕනෑම දෙයක් පන්සල් වත්තේ දාලා යන්න පුළුවන්. (නි)
බුද්ධාගම ඉතා සුක්ෂම ලෙස අවමානයට ලක්කිරීමේ කාගේ හෝ තවත් වෑයමක්දැයි සිතෙනවා (නි)
මේ සිනහ වියයුතු සිදුවීම් නොවෙයි. (නි)
දැන් කවුරුහරි කෑගහයිද දන්නෙ නැහැ “මෙන්න ආයුධ හොරකම් කරපු අයගෙන් පළිගන්නවෝ“ කියලා (නි)
ආරක්ෂකයෝ බඳවා ගැනීමටත් පෙර ආයුධ රැස්කරනවද? (නි)
මේවත් විදෙස් කුමන්ත්‍රණද දන්නෙ නැහැ (නි)