අනුරාධපුර ගුවන් හමුදා කවුරට ගුවන් යානා මගින් සහ ගොඩ බිමින් එකවර ප‍්‍රාහාර එල්ල කර කිරිමේ සිද්ධිය ගැන අනුරාධපුර විශේෂ මහාධිකරණය හමුවේ විභාග වන නඩුවේ ලේඛන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි දුන් නියෝග පැහැර හැරිම සම්බන්ධයෙන් ඔක්තෝබර් 10 වැනි දින පෞද්ගලිකවම අනුරාධපුර විශේෂ මහධිකරණය හමුවේ පෙනී සිට හේතු දක්වන ලෙස අනුරාධපුර විශේෂ මහාධිකරණයේ විනිසුරු ඛේමා ස්වර්ණාධිපති මහත්මිය රහස් පොලිසියේ ස්ථානාධිතිවරයාට සහ රහස් පොලිසියේ විශේෂ විමර්ශන අංක දෙකේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක ඉන්දුක සිල්වා මහතාට නියෝග කළාය.
කොටි ත‍්‍රස්තවාදීන් විසින් අනුරාධපුර ගුවන් හමුදා කදවුරට ගුවන් යානා මගින් සහ ගොඩ බිමින් එකවර ප‍්‍රාහාර එල්ල කර ගුවන් යානා දහයක් සම්පුර්ණයෙන් විනාශ කර තවත් ගුවන් යානා හයක් අර්ධ වශයෙන් විනාශ කර ආරක්ෂක අංශ සාමාජිකයින් 14 දෙනෙකු මරණයට පත් කිරිමේ සිද්ධියට අදාළ නඩුව අනුරාධපුර විශේෂ මහාධිරණය හමුවේ යළි කැදවු අවස්ථාවේ නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ ජ්‍යෙෂ්ඨ අධි නීතිඥ දිලිප් පීරීස් මහතා අධිකරණයට කළ කරුණූ දැක්විමක් සැලකිල්ලට ගනිමින් මෙසේ නියෝග කැරිණි.
2025 දෙසැම්බර් මස 18
303
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
201
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
999
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ලේඛන නෑ : සිඅයිඩීයෙන් හේතු අහයි
ජගත් Monday, 07 September 2015 12:30 PM
වැඩි ආරක්ෂාවට කවුරුහරි ගෙදර අරගෙන ගියාවද්ද? නැත්නම් මේවට මොකද වුණේ ඇත්තටම? (නි)
නලීන් Monday, 07 September 2015 03:53 PM
අලි ලියාපදිංචි පොතත් අස්ථානගත වුණා කියපු නිලධාරීන් ඉන්න රටක් මේක...! ඔවුන්ට විනය ක්‍රියාමාර්ග නැද්ද? මෙහෙව් රටේ මේවා තවදුරටත් වෙන්න ඕනෑ නැති නිසා තමයි ජනතාව යහපාලනය තෝරාගත්තේ. (නි)
ඩෝසන් Tuesday, 08 September 2015 12:41 AM
ඔන්න ඔහොම වෙන්න ඇති හිඟන්නාගේ තුවාලය වගේ අවුරුදු 30ක් යුද්ධය පිළිකාවක් වගේ ඇදුනේ. (නි)
ධම්ම Monday, 07 September 2015 11:03 AM
ඖෂධ ප්‍රඥප්තියේ ලේඛනත් නැතිවුණා කියපු රටනේ මේ. (ම)
පුෂ්ප Monday, 07 September 2015 11:40 AM
නියම කතාව ධම්ම (නි)