අනුරාධපුර ගුවන් හමුදා කවුරට ගුවන් යානා මගින් සහ ගොඩ බිමින් එකවර ප‍්‍රාහාර එල්ල කර කිරිමේ සිද්ධිය ගැන අනුරාධපුර විශේෂ මහාධිකරණය හමුවේ විභාග වන නඩුවේ ලේඛන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි දුන් නියෝග පැහැර හැරිම සම්බන්ධයෙන් ඔක්තෝබර් 10 වැනි දින පෞද්ගලිකවම අනුරාධපුර විශේෂ මහධිකරණය හමුවේ පෙනී සිට හේතු දක්වන ලෙස අනුරාධපුර විශේෂ මහාධිකරණයේ විනිසුරු ඛේමා ස්වර්ණාධිපති මහත්මිය රහස් පොලිසියේ ස්ථානාධිතිවරයාට සහ රහස් පොලිසියේ විශේෂ විමර්ශන අංක දෙකේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක ඉන්දුක සිල්වා මහතාට නියෝග කළාය.
කොටි ත‍්‍රස්තවාදීන් විසින් අනුරාධපුර ගුවන් හමුදා කදවුරට ගුවන් යානා මගින් සහ ගොඩ බිමින් එකවර ප‍්‍රාහාර එල්ල කර ගුවන් යානා දහයක් සම්පුර්ණයෙන් විනාශ කර තවත් ගුවන් යානා හයක් අර්ධ වශයෙන් විනාශ කර ආරක්ෂක අංශ සාමාජිකයින් 14 දෙනෙකු මරණයට පත් කිරිමේ සිද්ධියට අදාළ නඩුව අනුරාධපුර විශේෂ මහාධිරණය හමුවේ යළි කැදවු අවස්ථාවේ නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ ජ්‍යෙෂ්ඨ අධි නීතිඥ දිලිප් පීරීස් මහතා අධිකරණයට කළ කරුණූ දැක්විමක් සැලකිල්ලට ගනිමින් මෙසේ නියෝග කැරිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැඩි ආරක්ෂාවට කවුරුහරි ගෙදර අරගෙන ගියාවද්ද? නැත්නම් මේවට මොකද වුණේ ඇත්තටම? (නි)
අලි ලියාපදිංචි පොතත් අස්ථානගත වුණා කියපු නිලධාරීන් ඉන්න රටක් මේක...! ඔවුන්ට විනය ක්‍රියාමාර්ග නැද්ද? මෙහෙව් රටේ මේවා තවදුරටත් වෙන්න ඕනෑ නැති නිසා තමයි ජනතාව යහපාලනය තෝරාගත්තේ. (නි)
ඔන්න ඔහොම වෙන්න ඇති හිඟන්නාගේ තුවාලය වගේ අවුරුදු 30ක් යුද්ධය පිළිකාවක් වගේ ඇදුනේ. (නි)
ඖෂධ ප්‍රඥප්තියේ ලේඛනත් නැතිවුණා කියපු රටනේ මේ. (ම)
නියම කතාව ධම්ම (නි)