
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
තීරු බදු රහිතව මෙරටට ගෙන්වන ලද රුපියල් ලක්ෂ දෙකකට අධික වටිනා විදේශීය දුම්වැටි තොගයක් සමග උප පොලිස් පරීක්ෂකවරයකු අත්අඩංගුවට ගත් බව කොළඹ වරාය පොලිසිය සඳහන් කරයි.
මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ එම පොලිසියට අනුයුක්ත කොළඹ වරාය නගර පොලිස් මුරපොළේ රාජකාරී කරන උපපොලිස් පරීක්ෂකවරයෙකි.
සැකකාර උප පොලිස් පරීක්ෂකවරයා සමග දුම් වැටි 14,400 ක් පොලිස් භාරයට ගෙන ඇත.
මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ උප පොලිස් පරීක්ෂක චන්දිමාල් වික්‍රමසිංහ ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් වරාය නගර පොලිස් මුරපොළ ගොඩනැගිල්ලේ යාබද අබලි දවය ගබඩා කර ඇති කාමරය තුළ සඟවා තිබියදී මෙම දුම්වැටි තොගය සොයාගෙන ඇතැයි පොලිසිය සඳහන් කරයි.
එම දුම්වැටි තොගය අතර වර්ග පහකින් යුතු දුම් වැටි තිබූ බව පොලිසිය වැඩිදුරටත් පවසයි.
සැකකාර උප පොලිස් පරීක්ෂකවරයා 2019 වසරේ පොලිස් සේවයට බැඳුණු තැනැත්තෙක් බවත් 29 හැවිරිදි පුද්ගලයකු බවත් පොලිසිය සඳහන්කරයි.
COMMENTS