(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

මාර්ග  බාධකයේ පොලිස් නිලධාරීන් රථ වාහන පරීක්ෂා කිරීමේ නිරතව සිටිනු දැක නැවත හරවාගෙන යාමට උත්සාහ දැරූ තීරෝද රථයක් නවතා පරික්ෂා කිරීමේදී  රුපියල් ලක්ෂ 60 කට ආසන්න වටිනා අයිස් මත්ද්‍රව්‍ය  තොගයක් සමඟ එම ත්‍රිරෝද රථ රියදුරු අත්අඩංගුවට ගත් බව දොඩංගොඩ ‍පොලිසිය කියයි.

එම සැකකරු සමඟ අයිස් මත්ද්‍රව්‍ය ගෑම් 225 ක් හා විද්‍යුත් තරාධියක් පොලිස් භාරයට ගෙනඇත.

දොඩංගොඩ පොලිස් ස්ථානයේ නිලධාරීන් පිරිසක් ඉකුත් 07වෙනිදින රාත්‍රී ජංගම සංචාරයේ යෙදෙමින් විෂමත්ද්‍රව‍්‍ය වැටලීම් රාජකාරී නිරතව සිටියදී දොඩංගොඩ හර්මන්  වත්ත දෙවන අදියර  ප්‍රදේශයේ මාර්ග බාධකයක් යොදවා රථවාහන  පරික්ෂා කිරීමේ යෙදී සිට ඇතැයි පොලිසිය කියයි.

එම අවස්ථාවේදී හර්මන් වත්ත ප්‍රදේශයේ සිට කළුතර මතුගම ප්‍රධාන මාර්ගය දෙසට ධාවනය කරමින් තිබූ තීරෝද රථයක් පොලිස් නිලධාරීන්  වාහන පරීක්ෂා කරන අයුරු දැක  නැවත හරවා යාමට උත්සාහ කිරීමේදී පොලිස් සැරයන් 54481 ඉඳුනිල් නිලධාරියා දිව ගොස් එම ත්‍රීරෝද රථය නවතා අනෙකුත් නිලධාරීන් සමඟ පරික්ෂා කර ඇතැයි පොලිසිය සඳහන් කරයි.