යුද්ධය පැවති කාල සීමාවේ දි සරණාගතයන් ලෙස ඉන්දියාවට පළා ගිය ශ්‍රි ලාංකික සරණාගතයින් ගෙන් ලක්ෂයකට වැඩි පිරිසක් තමිල්නාඩුවේ තවමත් සරණාගත කදවුරු වල ජිවත්වන බව පුනරුත්ථාපන හා නැවත ලියාපදිංචි කිරිමේ අමාත්‍යාංශය කියයි.
ඔවුන්ගේන් ඇතැම් පිරිස් මේ වන විට නැවත දිවයිනට පැමිණෙමින් සිටින බවත් යළි ශ්‍රී ලංකාවට පැමිණෙන එම පිරිස් වලට සරණාගතයින් පිළිබඳ එක්සත් ජාතින්ගේ මහ කොමසාරිස් කාර්යාලය සමඟ එක්ව ආණ්ඩුව පහසුකම් සපයන බව පුනරුත්ථාපන හා නැවත පදිංචි කිරිමේ අමාත්‍යාංශයේ ලේකම් වී.සිවඥානසෝති මහතා පවසයි.
එලෙස පැමිණෙන පිරිස් ශ්‍රි ලංකාවට පැමිණිමෙන් පසු ඔවුන්ගේ මුල් ගම්බිම් වලම නැවත පදිංචි කරවිම ට කටයුතු කරන බව ද පුනරුත්ථාපන හා නැවත පදිංචි කිරිමේ අමාත්‍යාංශ ලේකම් කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි ලංකාවේ නවතම පළාත් සභාවක් ලෙස තමිල්නාඩුව නම් කරමුද? (නි)
දැන් කීදෙනෙක් ආවද? තවත් කීදෙනෙක් යුරෝපා රටවල සහ වෙනත් රටවල ඉන්නවද?මේවා සංසන්දනය කරලා පෙන්වන්න කෙනෙක් නැද්ද? මානව හිමිකම් සංගමය සහ වෙනත් බටහිර රටවල් කියන පරිදි යුද්ධයේ අවසාන කාලයේ එතරම් පිරිසක් මැරුණද? මේවා තමයි විහිළු, කන්න ඕනෑ වෙනකොට කබරයා තලගොයා කරනවලු (නි)
මෙහෙම ලක්ෂ ගණනක් පලා ගියේ කාෙහාමද ? බෝට්ටු වලින්ද ? ඉන්දියාෙව තමිල්නාඩු වේමුල් පදිංචිකාරයෝත් එවනවද කොහෙද.(අ)
ඒ ලක්ෂය ආවොත් කාට ඡන්දය දෙයිද දන්නෙ නැහැ (නි)