(අංජුල මහික වීරරත්න)

රටේ සංවර්ධනය වෙනුවෙන් ජ.වි.පෙ. පෙරටුගාමී, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මෙන්ම පොහොට්ටුව වැනි ඕනෑම දේශපාලන පක්ෂයක් එක්ක සහයෝගයෙන් වැඩ කරන්න සූදානම් බව එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පැවසීය.

ලක්ෂයක් එක පැත්තක හිටියත් අපි ඉන්නේ තනියෙන් හෝ එක පැත්තක යනුවෙන් ද වජිර අබේවර්ධන මහතා කීය. 

හැම අවස්ථාවකදීම  වෙනස් ආකාරයකට කටයුතු කිරීම එක්සත් ජාතික පක්ෂයේ සිරිත බව ද බෙන්තොට COS ජල ක්‍රීඩා සමාජය  සංවිධානය කළ ළමා දින වැඩසටහනකදී අදහස් දක්වමින් වජිර අබේවර්ධන මහතා සඳහන් කළේය.