‘ එක්සත් ජාතික පක්ෂය පැරණිම දේශපාලන පක්ෂයක් . නමුත් ජනාධිපති අපේක්ෂකයකු පත් කර ගන්න ඔයුන්ට බැරි වුණා. ගියපාර මගෙ හමුදාපති වරයා එව්වා. මේ පාර මගෙ ලේකම් එවනවා . ගියපාර ෆොන්සේකා බිල්ලට දුන්නා මේ පාර සිරිසේන බිල්ලට දීලා . ‘ යැයි මහින්ද රාජපක්ෂ ජනපති කිරිබත්ගොඩ දී කීවේය.
‘ 2010 මැතිවරණයේත් සම්බන්ධන් සහ හකීම් මට වැඩ කළේ නෑ. නමුත් ප්‍රතිඵලය වැඩි ඡන්ද ලක්ෂ 18 යි. මේ පාර ඒක ලක්ෂ 20 ක් වෙනවා. මුස්ලිම් ජනතාව වැරදි තීරණයක් ගනීවියැයි මම හිතන්නේ නෑ.’



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහින්ද ජනාධිපතිතුමාගේ දිනුම ස්ථිරයි (නි)
ජයන්ත, සාමූහික ප්‍රතිඵලයක් අත්වෙන්නත් නිවැරදි නායකත්වයක් ඕනෑ.කුහක වෙන්න එපා. ජනාධිපතිතුමාගේ ජයග්‍රහණය වළක්වන්න කාටවත් බැහැ (නි)
ගිය පාර අපි දුන්නා ගෙදර ඡන්ද 7ක්.මේ පාර නම් අපි දෙන්නේ නැහැ (නි)
ඉන්දික, නායකයා කියන්නේ මොන වගේ කෙනෙකුටද කියලා ඔයා දන්නවද? (නි)
ජය වේවා! (නි)
කියන්න දේ බොහෝය.එහෙත් නොකියමි.(හේ)
අවුරුදු ගානක් එක්සත් ජාතික පක්ෂය පැරදිලා පැරදිලා හිතේ තියෙන පරාජය උහුලාගන්න නොහැකිවයි ඉන්නේ. කැපුවත් ලේ කොළ කියන අය තමයි මේතරම් දුක උහුලාගන්න බැරුව කෑගහන්නේ. අපි එයාලාට මොකුත් නොකියා ඉඳිමු. මොකද හැමදාම පැරදෙන එකනේ. ඒ නිසා හිතට පොඩි සතුටක්වත් දැනෙන්න ඕනෑතරම් කෑගහපුදෙන්. අපේ ජනපතිගේ දිනුම කවුරු කෑගැහුවත් නවතින්නේ නැහැ (නි)
අතිගරු ජනපතිතුමා, මේ දක්වා කල වැඩ වලට කළගුණ සලකන්නත් ඕනේ, එතුමා කරන්න යන වැඩ වල ගුණ තියන්නත් ඕනේ, එයයි ශ්‍රී ලාංකිකයන්ගේ නියම යුතුකම. එය මතක තියාගනිමු. (ර)
අපිනම් ඉන්නේ නිවැරදි තීරණයක් ගන්න. (ර)
මම කියන්නේ මහින්ද මහතා 55% - 56% අතර ගන්නවා කියලා. මේ ගැන අභියෝගයක් භාරගන්න කවුරු හරි කැමතිද? (ර)
අපේ ජනපති අනිවාර්යෙන් ජයගන්නවා. මෙතුමා ඉතාමත් අවංක නායකයෙක් , අපි කාටත් ආදර්ශමත් නායකයෙක්, 8 වෙනිදා අපේ ජනපති. (ර)
චන්දිමා, ඔයා තමයි මේකේ ලස්සන හරියටම දැක්කේ. (ර)
බලන් ඉන්නකෝ 9 වෙනිදට මොකද වෙන්නේ කියා (නදී)
ඇයි කිසිම මැති ඇමති කෙනෙක් පේන්න නැත්තේ? (ර)
නරක හීනයක් දැකලා වගේ. දිනන එක කෙසේ වෙතත් ලක්ෂ 20 කට වඩා වැඩි ගණනකින් පරදිනවානම් අනිවාර්යයි.(නදී)
දිනන හැටි මුහුණෙන් පේනවා (නදී)
ජනපතිතුමනි ඔබේ ජය නියතයි. (ර)
මොකද වැඩිපුර ගැහැණු අය වැඩිපුර මේ රැස්වීම් වල ගෙදර වැඩ නැද්ද?(නදී)
කව්රුහරි දන්නවද මේ වේදිකාවේ ඉන්න අනිත් අය කව්ද කියල ? පව් අනේ ලොක්කා (නදී)
ඔව් ඔව් ජනතාව එච්චර මෝඩ නෑ මේ පාර (නදී)
ඔබ හරියටම හරි. අපි ඔබ ළඟින්ම හිටියා. කව්ද දුරස් කලේ ? (නදී)
ලක්ෂ 20 වැඩි වැඩි ඡන්දෙන් දිනනවා. ඒක ස්ථිරයි.(හේ)
හරියටම දිනන ගාණ කියන එකයි පුදුමේ. (ර)
ජයවේවා (දිල්)
හිතන්නේ නැති ගොඩක් දේවල් මේ පාර වෙනවා. (ර)
ජයවේවා (දිල්)
9 වෙනිදා බලමු අපි. (ර)
ජයවේවා.(හේ)
සූ ගාලා පන්සියක් විතර සෙනග ඉන්නවා වගේ... (ර)
ජයවේවා ජනාධිපති තුමනි ඔබට ජයෙන් ජයම වේවා.(හේ)
ජනපති තුමාට ජය වේවා.(හේ)
මටනම් පෙනෙන්නේ ලැබුණු බලය අත හැර ගන්න අකමැති ප්‍රශ්නයක් වගේ තියෙන්නේ සිද්ධ වෙන දේවල් දිහා බලපුවම.(හේ)
ඒ තීරණය 9 වැනිදාට දැන ගන්න පුළුවන්.(හේ)
එහෙම දිනනවා නම් ඇයි අනික් අයට ඡන්ද කරන්න නොදෙන්නේ.(හේ)
ඔබ දිනනවා නමුත් වැඩි ඡන්ද 25000 ට අඩුයි.(හේ)
මට හිතින් හිනා යනවා මේවට.(හේ)
ඡන්දෙට කලින්ම අපේ ඡන්දෙත් දාලා ඉවරයි වගේ.(හේ)
බලමුකෝ 9 වැනිදාට.(හේ)
ඔබට ජය නියතයි ජනපතිතුමනි.(හේ)
ජයන්ත ..ජනාදිපතිතුමා කොන්ද කෙලින් තියන් නිවැරදි තීරණ ගත් නිසා තමයි අපිට රට බෙර ගන්න පුළුවන් වුනේ.දැන් ඇති නතර කරපල්ලා කියලා ඇමරිකාවෙන් කියද්දී අපේ ජනාදිපතිතුමා ඒ අයව තුට්ටුවකට මායිම් කරේ නැහැ .(හේ)
ඔබ හරි ජනාධිපතිතුමනි ලක්ෂ 20කින් දිනනවමයි.ජයවේවා.(හේ)
මුනේ නම් කිසිම හිනාවක් නෑ, බයද දුකද කියලා හිතාගන්න බෑ. සියලු දෙ නැසෙන සුලුයි ජනාදිපතිතුමනි.(හේ)
බලාගෙන ඉන්න (බ)
ඔබතුමාට ජයමවේවා.! සුබ නව වසරක් වෙවා.! (ර)
ජනාධිපති තුමා දවල් හීන දකිනවා වගෙය්, මේ කියන කතාවලින් තේරෙන්නේ රටේ ජනතාව පත්වෙලා තිබෙන පීඩනය ගැන එතුමාට කිසිම හැගීමක් නෑ කියන එකයි (බ)
රට බේරා දුන් අපේ වීර නායකයානේනි..! අපි ඔබතුමන් බේරා ගන්නවා. (ර)
මේ වගේ නායකයෙක් ආයේ අපිට ලැබෙන්නේ නෑ. මේ රටේ ඉන්නේ ඉතිහාසය මතක නැති ගුණමකු ජාතියක්. (බ)
වෙනසක් වෙනවා. එ්ක ෂුවර්. (ර)
ඉක්කමනට ගෙදර යන්න ඕන නිසානේ කාලින ජනාධිපත්වරණය තියන්නේ (බ)
හොඳ කෙනෙක් ලැබෙන බවනම් හොඳටම දන්නවා. (ර)
මේ රටේ ඉන්නේ ඉතිහාසය හොදට මතක තියන, හොදට කෙලෙහි ගුණ සලකපු බුද්දිමත් ජනතාවක්. එක නිසා තමයි මාෂා, ගිය සැරේ අපි කෙලෙහිගුණ සලකල, මේ සැරේ බුද්ධිමත් තීරණයක් ගන්නේ. (ර)
මේ පර මිනිස්සු නියම තීරණයක් ගන්නවා. (ර)
මාෂා, ඉතිහාසය නෙවෙයි වර්තමානයෙන් අනාගතය ගැන හිතන්න. (ර)
දින්නේ කවුද කියලා කියන්න බැහැ නමුත් ගියපාර දුන්නට මේ පාරනම් මම දෙන්නේ නැහැ. ඉවසුවා ඇති. වෙනසක් කරමු.(හේ)
අපි වැරදි තීරණ ගන්නේ නැහැ. (ර)
කොන්ද කෙලින් නිසා තමයි ගිය පාර ඡන්දෙ දුන්නේ . දැන් තව අවුරුදු 100ක් යනකන් ඔය කෙලෙහි ගුණ කතාව කිය කියා ඉන්නද හදන්නේ. (හේ)
මේ පාර නම් ඔබතුමා ලක්ෂ 20ක් මුළු ඡන්ද ප්‍රමාණයවත් ගන්න එකක් නැහැ වගේ (නදී)
හැමදාම කියන්න තියෙන්නේ එකම කතාව සහ විපක්ෂයේ වැරදි ටික විතරයි. (හේ)
කෝ ආචාර්ය තුමා පේන්ඩ නැනේ .. එතුමා නැති කිරිබත්ගොඩක් හිතා ගන්නටත් බැහැ වගේ..(නදී)
ලංකවේ ඉන්නේ ගුණමකුවෝ. හොඳක් කරන්න හොඳ නැ. මහින්ද දිනුවත් නැතත් ඔබට අපි ණය ගැතියි (නදී)
අතීතය කුමක් වුනත් අපට වෙනසක් ඕනා.(හේ)
ජයවේවා දිනුම නැතිනම් පරාජය (නදී)
අනේ වාසනාවන්... ඔබ තුමා දිනනවනම් කමක් නෑ. ලක්ෂ 20 ක් වැඩිපුර ලැබෙන නිසා අපි මෛත්‍රීට ඡන්දෙ දෙමු. පවුනේ ඒ මනුස්සයා. අපි බෙදා හදාගෙන ජීවත් වන ජාතියක්නේ.(හේ)
දැන් ඇති තව අයට දෙන්න කියල හිතෙන්න මනුස්ස කමක් නැත්ද එතකොට. අපි තමා ගුණමකු. අනිත් අයය බලලෝබී. නේද? (නදී)
ලක්ෂ 20 කින් දිනන බව මුනෙන්ම පේනවා. (නදී)
මාෂා, අපි වසර දෙදහස් ගණනක් පැරණි ලෝකයේ පැරණිම ගහ ලෙස සැලකෙන බෝසත් කුමරු බුදු බව ලැබූ උතුම් බෝදියට බුදුවරයෙකුට සමානව වැඳුම් පිදුම් වත් පිළිවෙත් කරන කෙලෙහිගුණ සලකන ජාතියක්. ජනාධිපති තුමාටත් එක පොදුයි. එකේ දෙකක් නැහැ අපි තාමත් එතුමාට ගරු කරනවා පින්දෙනවා වසර තිහක යුද්දේ ඉවර කරන්න ත්‍රිවිද හමුදාව, පොලෝසිය සමග නායකත්වය අරන් කාලකන්නි යුද්දේ ඉවර කලාට. හැමදේටම කලින් රට ගැන හිතමු නේද ? (ර)
අශාන්ති, ඔයා කියන එකම තමා මටත් ඔයාට කියන්න තියෙන්නේ. ඔයත් අනාගතය ගැන හිතන්න. (ර)
කටින් කිව්වට ඒ දේවල් කරන්න අමාරුයි.(හේ)
ඉතිහාසයෙන් තොර වර්තමානයක් නැත. (ර)
ඔබයි අපේ ජනපති. (ර)
වැඩේ තියෙන්නේ දින්නට පස්සේ ඡන්ද දායකයන් වන අපව කාටත් අමතක වෙන එකයි.? (ර)
ඔබ තුමා දිනනවා.ඒක සහතිකයි.(හේ)
කුමාර්, කල ගුණ අවුරුදු 5 කට සීමා කරන්න එපා. සදාකල් මතකයේ තියා ගන්න. (ර)
ඔබ තුමාට ජය ශ්‍රී.(හේ)
ඔබතුමා හරි ජනාධිපතිතුමනි. ඔබ තුමාට ජයවීවා.! (ර)
සිංහල දෙමල මුස්ලිම් බේදයක් නැතුව එක හා සමානව සලකන ඔබ සැමදා දිනේවා ජනධිපතිතුමනි , අප කෙළෙහි ගුණ දන්නවා මැතිදුනි.(හේ)
මේ මිනිස්සු බෝඩ් උස්සගෙන ඉන්නවා හරීම ලස්සනයි. (ර)
අනිවාර්යෙන්ම ජය. (ර)
කට්ටියගේ මුහුනුනම් එතරම් සතුටු දායක නැහැ වගේ. (ර)
මහින්ද රාජපක්ෂ ජනාධිපති තුමා යුද්ධය දිනුවා රටට වැඩ කොටසක් කළා , එහෙත් දෙවරක් සිටියා ඇති , වෙනසක් සිදුවන්නට ඕනේ , දිගු කාලයක් සිටීම එ්කාදිපති ක්‍රමයක් වෙනවා .(හේ)
කල ගුණ සලකනවා තමා වෙන ආණ්ඩුවක් අවා කියල නොසලකා ඉන්නේ නෑ. (ර)
මට නම් විශ්වාස කරන්න බැහැ. (ර)
ජනතාවට කළගුණ සැලකුව නම් බියවිය යුතු නැහැනේ. (හේ)
ඔබ තුමාගෙන් රටට සේවයක් වුනු බව ඇත්ත. නමුත්, සුදුසු කාලය පැමිණිවිට සෑම කෙනෙක්ම විශ්‍රාම යා යුතුය. බලය සදාකාලික නැත. ඔබතුමාට 8 වනදා එය පැහැදිලි වනු ඇත. (හේ)
සලකමු සලකමු කාලගුණ.(හේ)
මමත් ජනාධිපතිතුමාට ගරු කරනවා එ්ත් එතුමාට විවේකයක් අවශ්‍යයි වෙච්ච වැරදි හදා ගන්න. (හේ)
මෙතැන කවුරුත් ඇන කොටා ගන්න එපා.(හේ)
දේශයේ සමහර ලාංකිකයන්ට විදපු අමිහිරි අතීතය අමතකද? අමතක කරල ගුණමකු කම පෙන්නන්න හදනවද මන්ද? ජනපති මහින්ද සදා අමරනීයි.(නදී)
පෝස්ටර් අරගෙන ඉන්න අය දැක්කාම පේනවා කුලියට ගත්තු අය කියල පව් (නදී)
ඡන්දය කියන්නේ බුලත් අතක් වගේ කාලගුණ සලකන්න ගන්න දෙයක් නොවේ .ඒක මොන පක්ෂයට පාවිච්චි කළත් බුද්ධියට මුල් තැන දිය යුතු දෙයක් වග සමහරුන්ට අවබෝධයක් නැහැ .(දිල්)
රටේ හමුදාපති මගේ වෙන්නේ කොහොමද? (දිල්)
ඒකනම් හීනයක්.(දිල්)
මේ සාමකාමී රටේ ජාතිවාදය වපුරන්න කටයුතුකලාට මුස්ලිම් මිනුස්සු පමණක් නවේ සමස්ථ ශ්‍රී ලාංකිකයන්ම නිවැරදි තීන්දුව 8 වැනිදා ප්‍රකාශ කරාවි. (නදී)
අපේ සටන ජනපතිතුමනි පිවිතුරු හෙටක් වෙනුවෙනි.(දිල්)
කලගුණ සලකන්න අාව ජනතාවක් බව නම් පේන්නෙ නැහැ. බෝඩ් උස්සගෙන, වරදානවලට අැවිත් වගෙයි පේන්නෙ.....(නදී)
අපේ සටන ජනපතිතුමනි පිවිතුරු හෙටක් වෙනුවෙනි.(දිල්)
කල ගුණ සලකන්න කිරි හට්ටියකුයි පැණි මුලකුයි අරගෙන යන්න. මේක ජනාධිපතිවරණයක්. රටේ ඉරණම තීරණය කරන එකක්. ඒ දෙක පටලවාගන්න ඒපා.(නදී)
ඒ කියන්නේ අනිවාර්යෙන්ම ජනාදිපතිතුමා දිනනවා. මොකද දැන්ම රිපෝර්ට් එක දුන්න කියන්නේ ඔක්කොම ලෑස්ති කරලා ඇති.(නදී)
බලමුකෝ ඡන්දේ දවසට.(හේ)
කලගුණ සලකන්න ඕනෙම නම් කිරි හට්ටියක් වගේ දෙයක් අරන් බලන්න යන්න, ඡන්දය වගේ දේවල් එකට පාවිච්චි කරන්න එපා.(හේ)
මට දුක මේ මිනිස්සු මොනවා දැනගෙන ඔය බෝඩ් උස්සගෙන ඉන්නවාද කියලයි.(හේ)
එක විද්‍යාත්මක සගරාවක තිබුනා "මිනිස්සු නිවැරදි තීන්දු තීරණ ගන්නේ බඩ ගින්නේ ඉන්නකොට කියලා".බලමු.(හේ)
මේ පාර මිනිස්සු නියම තීරණයක් ගන්නවා. (ර)
අනිවාර්යයෙන්ම ඔබතුමා දිනනවා. සිංහල,දෙමළ, මුස්ලිම් මේ අයට හැමදාම මුල අමතක වෙනවා. ඔබතුමා ලබාදුන් නිදහස ඇති. වෙන මොකුත් ඕනෑ නැහැ. ජයශ්‍රී ලංකා! (නි)
ඔබතුමාට ජය නියතයි.කළගුණ දන්නා කට්ටිය ඉන්නවා නම් ඔබට ජය නියතයි. ඔබතුමාට සම්බුදු සරණයි! (නි)
කියන්න දේ බොහෝය. එහෙත් නොකියමි. (නි)
අදහස් වලින්ම එතුමාගේ ජය තහවුරු බව පෙනෙනවා (නි)
අපි සියළු දෙනාටම මෛත්‍රී කරමු (නි)
අපි ඉවසලා බලමුකෝ. නේද? (නි)
නොසැළෙන, නොනැමෙන රටට එඩිතර නායකත්වයක් පළමුව පත්කරගනිමු. වැරදි තියනවා නම් අපි රට ඇතුළේ විසඳාගනිමු. වැරදි තීරණ ගන්න එපා.අපේ රට දැන් ලස්සන රටක්. (නි)
කළගුණ සලකන්න කියලා හැමදාම බලය දෙන්න අපිට බැහැ. (නි)
ජනාධිපතිතුමනි, මනුස්සකම හඳුනන සියලුදෙනා ඔබ නැවතත් අපේ නායකයා කරන බව ඒකාන්තයි. (නි)
හරි හරි අපි බලමුකෝ! (නි)
අපගේ සදාදර නායකයා ඔබයි. ලංකාවේ සිංහලයින් කෙළෙහිගුණ දන්නවා (නි)
ජනපතිතුමනි, මේ රට අඳුරෙන් එළියට ගත්තේ ඔබයි. ඔබට අපි ණයගැතියි (නි)
ජයවේවා! (නි)
එතුමා කොහොමත් දිනනවා (නි)
චන්දිමා,ඔබට මෙහි පෙනෙන ලස්සන කුමක්දැයි අපට නොතේරේ. (නි)
ශාන්ත ලාල්, ඔයා කියන කළගුණ කුමක්ද? රට බේරාගැනීම කිසිවකු තනිව කළ දෙයක් නොව සාමුහික ප්‍රයත්නයක ප්‍රතිඵලයකි. (නි)
මේ ලක් පොළවට පහළ වු පින්බර ජනපති. ඔබතුමා තමයි නැවතත් ජනපති. (නි)
ඔබතුමාගේ ජය තමයි අපේත් එකම පැතුම (නි)
මහින්ද මහතා දිනන එක කිසි කෙනෙකුට නතරකරන්න පුළුවන්කමක් නැහැ (නි)
ජයවේවා! (නි)
ඔබතුමා එහෙම හිතුවාට සමහර බිම් මට්ටමේ ඉන්න අනුගාමිකයන් නම් හොඳටම බයවෙලා කියලයි අපිට එයාලගේ හැසිරීමෙන් පෙනෙන්නේ.... (නි)
ඔට්ටුයි, මෛත්‍රී 70% වඩා ඡන්ද ගන්නවා කියලා මම කියනවා (නි)
මගේ පැතුමත් එයමයි. ඔබතුමාට දළදා සමිඳුගේ පිහිට ලැබේවා! (නි)
ජයවේවා අතිගරු ජනාධිපතිතුමනි! (නි)
අපි 8 වෙනිදාට බලමුකෝ! (නි)
එසේ වන බව ස්ථිරයි (නි)
ඔබතුමාට දළදා සමිඳුගේ සරණයි. ජය වේවා !! (නි)
කළගුණ සැළකීම වටිනා ගුණධර්මයක් තමයි. (නි)