රුපියල් පහලොස් ලක්ෂ විසි දහසක් වටිනා රන් ආභරණ තම ගුද මාර්ගයේ සගවාගෙන ඉන්දියාවේ චෙන්නායි නුවර බලා යාමට පැමිණි ශ්‍රී ලාංකිකයෙකු කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී පෙර දින සවස අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක රේගු නීති අංශයේ අධ්‍යක්ෂක ලෙස්ලි ගාමිණී මහතා කීවේය.
සැකකරු 48 වියැති පුද්ගලයෙකු වන බවත් ඔහු මාල තුනක් සහ නමන ලද වළලූ 04 ක් කාබන් කොළ වල ඔතා ගුද මාර්ගයේ සගවාගෙන යාමට උත්සහ කර තිබු බවත් රේගුව කියයි.
අත් අඩංගුවට ගනු ලැබු රන් අභරණ වල බර ග්‍රෑම් 304 කි.
ඔහු එයාර් ඉන්ඩියා ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් ඉන්දියාවේ චෙන්නායි බලා යාමට ඊයේ සවස කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළට පැමිණ සිටියදී අත්අඩංගුවට ගෙන ඇත.
මේ පිළිබඳ විමර්ශන කටයුතු ගුවන් තොටුපොළ රේගු අධ්‍යක්ෂක දීපාල් සිරිබද්ධන මහතාගේ උපදෙස් පිට නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක දර්ශන විෙජ්සිරිවර්ධන මහතාගේ මෙෙහෙයවීමෙන් රේගු අධිකාරීවරුන් වන ඊ.එම්.ඕ.කේ දි සේරම්, ආර්.සී යුවේරා, සහකාර රේගු අධිකාරීවරුන් වන සී.පී කොට්ටච්චි, සුසන්ත අබේවර්ධන, අසංග ගුණසේන, ජනිත විමලදාස, රවිදු විජයවර්ධන සහ බුද්ධි ද සිල්වා යන නිළධාරීහු සිදිුකරති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙච්චර ප්‍රමාණක් ගුද මර්ගයේ හංගගෙන ගියේ කොහොමද කියලා මට නම් පුදුමයි. (ස)
මේ රත්තරන් වල මිළ අඩු කර විකුණන්න බැරිද? (නි)
කව්රු හරි දන්නවද රත්තරන් ඩික්ලෙයාර් කරලා රටින් එලියට ගෙනියන්න දඩ හරි බදුහරි ඕනද කියල. සාමාන්‍යයෙන් රට ඇතුලට ගේන කොට නේද දඩ ගහන්නේ. මොකක්ද නිත්‍යානුකුල විදියරත්තරන් රටින් ගෙනියන්න තියෙන විදිය (දී)
ඔය වළල්ල ගුද මාර්ගයේ හංගපු හැටි දැනගන්න බැරිද? (දී)