(ඩයනා උදයංගනී)
දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වැසි ඇති වුවද දිස්ත්‍රික්ක 18 ක ජනතාව තවමත් නියඟයෙන් පීඩා විඳින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
මෙම නියං තත්ත්වය හේතුවෙන් එම දිස්ත්‍රික්කයන්හි පවුල් 5,00,530කට අයත් 1,705,979 දෙනෙක් පීඩාවට පත්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය අද (16) පස්වරු 4.00ට නිකුත් කළ වියළි කාලගුණ තත්ත්වය පිළිබඳ වාර්තාවේ දැක්වේ.
එම වාර්තාව අනුව ත්‍රිකුණාමලය, මඩකලපුව, අම්පාර, පොළොන්නරුව, අනුරාධපුර, කුරුණෑගල, පුත්තලම, කිලිනොච්චිය, වව්නියාව, මුලතිව්, යාපනය, මන්නාරම, රත්නපුර, මොණරාගල, මහනුවර, මාතලේ, හම්බන්තොට සහ නුවරඑළිය යන දිස්ත්‍රික්කවල ජනතාව මෙලෙස පීඩාවට පත්ව සිටිති.
මෙයින් වැඩිම පීඩාවකට ලක්ව සිටින්නේ පුත්තලම දිස්ත්‍රික්කයේ ජනතාව වන අතර එම දිස්ත්‍රික්කයේ පවුල් 87,145 කට අයත් 2,88,784 දෙනෙක් පීඩාවට පත්ව සිටිති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොන බොරුද මේ.... මහනුවර, මාතලේ හොඳටම වහිනවා.. කාගේද මේ බොරු වාර්තා?
පුත්තලමේ කොටසකට වහිනවා. ආණමඩුව ආසනයට වැස්ස නෑ. මේ පළාතේ ජනතාව හරියට දුක්විදිනවා. කන්න 3ක් වගාවක් නෑ. මේ සැරෙත් වැස්ස ෂුවර් නැති බවක් තමයි වැඩිහිටියො කියන්නෙ. ඉදල හිටල වැස්සක් ගියාට තවමත් වැව් හිදිලා. බොන්න නාන්න වතුර හිගයි. සහනාධාර වැඩසටහනක් ක්‍රියාත්මක වුණා. ඒකත් මාසයයි. මේ පළාත්වල ගොවි ජනතාව ඉන්නෙ. ඔවුන් කවදාවත් කාටවත් අත නොපා තමන්ගේ මහන්සියෙන් ජීවත් වුණු අය. නමුත් දැන් ඒ අයට කර කියා ගන්න දෙයක් නෑ. එයාලට දැන් කාගෙ හරි පිහිට අවශ්‍යම මොහොතක් මේක. ඒක මාසයකට දෙකකට නොවෙයි ආයේ කවද හරි වැහැල වැව්පිරිල වගාවක් කරල අස්වනු නෙළනකම්ම ඒ පිහිට අවශ්‍ය වෙනවා. රජයේ විතරක් නොවේ අපේ රටේ ඉන්න මහා ධනවතුන්ගේ පවා මේ පිළිබදව අවධානය යොමු වේවායි ප්‍රාර්ථනා කරමි.