රුපියල් ලක්ෂ තිහක් වටිනා රන් කැබලි තුනක් ගුද මාර්ගයේ සගවාගෙන ඉන්දියාවේ මුම්බායි නුවර බලා යාමට පැමිණි ශ‍්‍රී ලාංකිකයෙකුට රුපියල් විසි පන්දහසක දඩ නියම කළ රේගුව එම රන්කැබිලි තුන රාජසන්තක කළේය.
සැකකරු පනස් හැවිරිදි වියේ පසුවන මීගමුව ප‍්‍රදේශයේ පදිංචි රෙදිපිළි ව්‍යාපාරිකයෙකු බවත් ඔහු ඊයේ මධ්‍යම රාත්‍රියේදී කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගත් බවත් රේගු මාධ්‍ය ප‍්‍රකාශක රේගු නිවාරණ අංශයේ අධ්‍යක්ෂක ලෙස්ලි ගාමිණී මහතා කීවේය.
අත්අඩංගුවට ගනු ලැබූ රන් කැබලි වල බර ග‍්‍රැම් හයසීයකි.
ඔහු ශ‍්‍රී ලංකන් ගුවන්සේවයට අයත් යූ.එල් 141 දරණ ගුවන්යානයෙන් ඉන්දියාවේ මුම්බායි නුවර බලා යාමට කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළට පැමිණ සිටියදී සහකාර රේගු අධිකාරි නුවන් අබේනායක මහතාට සැකකරුගේ ගමන් විලාශය පිලිබඳ ඇතිවූ සැකයක් මත අත්අඩංගුවට ගෙන ඇත.
මේ පිළිබඳ රේගු පරික්ෂනය නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක දීපාල් සිරිබද්ධන මහතා විසින් සිදු කළ අතර විමර්ශන කටයුතු රේගු අදිකාරී මලික් පෙරේරා මහතාගේ මෙහෙයවීමෙන් නියෝජ්‍ය රේගු අධිකාරී නිෂාන්ත ජයසිංහ, සහකාර රේගු අධිකාරීවරුන් වන නුවන් අබේනායක, එච්.ගුරුගේ, එල්.පී.එම්.පී කුමාර, රුච්ර කරුණාතිලක යන නිලදාරීන් විසින් සිදු කළහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රත්තරන් කැලි ටික හොදට හෝදලා ගන්න. (දී)
අම්මෝ! කොච්චර ගද ඇද්ද? (නි)
රේගු නිලධාරී මහත්වරුන්ටත් ආස හිතිලා වගේ,අල්ලනවා අල්ලනවා ඉවරයක් නැහැ (නි)
දිලිසෙන සියල්ල රත්තරං නොවේ. (ස)
පශ්චාත් පැත්තේ විසර ගෙඩියක් ආවත් ඇවිදින්න අමාරුයි කියන එකේ ඔය මනුස්සයා කොහොම අවිද්දාද මන්දා (නි)
ගුදයත් හොඳ අදායම් මාර්ගයක් තමා. ගඳ වුනත් රත්තරන් අම්මප......... (දී)
ගුද මාර්ගයකට ගිය කල (දී)
මේ මුදලාලිත් ප්‍රාදේශීය සබාවේ හිටිය කෙනෙක් වගේ.(නදී)
අලුතෙන් පටන්ගන්නා ගුද මාර්ග ප්‍රවාහන සේවයට අයවලුන් කඩිනමින් බදවාගනු ලැබේ. ස්ත්‍රී පුරුෂ බේදයක් නැත[කොන්දේසි සහිතයි] (නි)
මේ අල්ලන රත්තරන් වලට මොකද වෙන්නේ?මේ වගේ අල්ලන රත්තරන් විකුනන්න ගිහිල්ලද ලොකු නෝනලා මහත්තුරු වගයක් සවුත්තු වුනේ? (නි)
බඩු ප්‍රවාහනය කරන අලුත්ම බහාලුම .......... (නි)
මම හිතනවා සම්පුර්ණ ශරීර පරීක්ෂණ ස්කෑන් යන්ත්‍රයක් අපේ ගුවන් තොටුපොළට අවශ්‍ය වේගන යනවා කියලා. බොහෝ රටවල දැනට මේක තියෙනවා. ඒ මගින් ලෙහෙසියෙන් ශරීරය තුල සඟවාගෙන යන දේවල් අල්ල ගන්න පුළුවන්. (නි)
ඕකෙන් වෙන්න මීට පස්සේ පිටරට යද්දී හා ගිහින් එද්දී ගුදය පරික්ෂාකිරීම අනිවාර්ය කරන එක.. (දී)
ටොන් දෙකහමාරක බඩු ගෙනයාමට හැකි පරිදි ගුද මාර්ගය සකසා ගනීවි මෙහෙම යනකොට. (නි)
අම්මෝ මෙතරම් ලොකු ඒවා ඇතුලට දා ගත්තේ කොහොමද? (නි)
රත්තරන් වලට තියෙන තැන...!!! (දී)
කැත නැද්ද
ඔන්න ආයෙත් ලක්ෂ 30 ක වටිනාකමක් දීලා. මේ මිනිස්සු මෙතෙන්ට එක එක දේවල් ඔබන්න ගිහින් දෙන වදයක් අම්මපා. මෙයාටත් හිනා යනවා ඇති කටිනුත් එක්කලා. (නි)
කුමාරිට ඇතුලට දාගත්තු හැටි දැනගන්න ඕනෙම නම් අහුවෙච්ච කට්ටිය ප්‍රයිවට් එකේ ගිහිල්ලා හම්බවෙලා දැනගන්න. (ස)
යම් කෙනෙකුගේ වටිනා දෙයක් ගුවන් පාලක මැදිරිවල ඉන්න රෙගු නිලදාරීන් අල්ල ගත්තම ඔහුට දඩයකුත් ගහල බඩුත් රාජසන්තක කරන එකම රට ලංකාව පමණි (w)
මේ මුදලාලි ගඟේ බැහැලා නාන්නේ නැතුව ඇති නේද? (දී)
අධිවේගී මාර්ගයටත් වඩා ගුද මාර්ගය සල්ලි උපයන තැනක් වෙලානේ. අනේ මන්දා ඔක්කොම ජනසතු ගුද මාර්ග රාජසන්තක කරයිද කියලත් බය හිතෙනවා. (ස)