
(ලක්මි කුඩලිගම)
යතුරු පැදි දෙකක් පාපැදි පහක් ඇතුලු රුපියල් ගණනක් වටිනා ගෟහ උපකරණ රැසක් සොරකම් කර පොලිසියට කට්ටි පනිමින් සිටි පුද්ගලයකු බුලත්සිංහල මොරවකවත්ත කැලෑවේ වාඩියක සැඟවී සිටියදි අත්අඩංගුවට ගත් බව බුලත්සිංහල පොලිසිය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ බුලත්සිංහල පරගොඩ මෝල්කාව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 40ක් පමණවූ දෙදරු පියෙකි.
මොහු කළක් සමාජයේ හොඳ පුද්ගලයකු වශයෙන් ජීවත්වී ඇති අතර පසුව මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වීම හේතුවෙන් මෙම සොරකම් සිදුකර ඇතැයි පොලිසිය පැවසීය.
ඔහු විසින් සොරකම් කර ඇති භාණ්ඩ අතර යතුරු පැදි දෙකක්, පාපැදි පහක්, කොම්පෙෂර් එකක්, වතුර මෝටරයක්, ත්‍රිරෝද රථ බැටරියක්, ගෑස් සිලින්ඩර දෙකක් සහ දුම්ගැසූ රබර් සීට් තොගයක් වන අතර ඔහු විසින් එම භාණ්ඩ බදුරලිය ප්‍රදේශයට උගස් කර තිබියදී පොලිසිය සොයාගෙන තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සමාජයේ සුදු චරිතයක් වෙන්න වසර ගණනාවක් යනවා. ඒක කලු කරගන්න විනාඩි ගණනක් ඇති...
කුඩු බීපු කෙනා ඇබ්බැහි වුණාම කුඩු ටිකගන්න ඕනෙම දෙයක් කරනවා. කුඩ්ඩෝ කියලා පිරිසක් රටේ ඇතිවෙන්නේ පොලිසියේ, පාර්ලිමේන්තුවේ ඉන්න තක්කඩි ටික කුඩු මුදලාලිලාත් එක්ක බුදියන නිසා. ලක්ෂ 4කට වඩා තරුණ තරුණියන් කුඩුවලට ඇබ්බැහි වෙලා, මේක දැන් පැතිරෙන්නේ පිරමිඩ් බිස්නස් එක වගේ. ඇබ්බැහි වුන කෙනාට ගොඩ එන එක ලේසි නැහැ. පොලිසිය, පාර්ලිමේන්තුව , මොනවද කරන්නේ? කුඩු මුදලාලිලගේ දොලපිදේනි කාලා සැප අරගෙන රටේ දරුවන් විනාශ වෙන්න හරිනවා.