ඩුබායි හි විදේශ රැකියා නියෝජිත ආයතනයකදී අමානුෂික ලෙස පහර කෑමට ලක්ව වූ බව කියන ශ‍්‍රී ලාංකික ගෘහ සේවිකාවකට මෙරට රැකියා නියෝජිත ආයතනයක් විසින් රුපියල් ලක්ෂ එකහමාරක් වන්දි වශයෙන් ලබා දීමට එකගතාවය පල කොට තිබියදී විදේශ සේවා නියුක්ති කාර්‍යංශයේ නිලධාරීන් විසින් එය වලක්වා තමන් බොරුකාරියක් ලෙස සලකා කටයුතු කළ බව හපුතලේ පී. ධම්මිකා මහත්මිය චෝදනා කරයි.
අබුඩාබි තානාපති කාර්‍යාලය මැදිහත්ව තමන්ට මෙරටට පැමිණීමට පහසුකම් සැලැස්වු බවත් තමන්ට වූ අසාධාරණය පිළිබඳ වාර්ථාවක්ද තානාපති කාර්‍යයාලය විසින් විදේශ සේවා නියුක්ති කාර්‍යශයේ සභාපතිවරයාට යවා එහි පිටපත අදාල නිලදාරින් වෙත එවා තිබියදි කිසිත් නොදන්නා මෙන් මෙසේ හැසිරීම නිසා තමන් දැඩි මානසික පීඩනයකට පත් වූ බවත් ඇය ලංකාදීපයට කීවාය.
තමන් කිසිවකුගෙන් වන්දි නොඉල්ලූ බවත් විවිධ පීඩාවන් විද දිවයිනට පැමිණ ඉතා දුකින් කාලය ගතකරමින් සිටියදී මෙරට රැකියා නියෝජිත ආයතනයකින් කතාකොට රපියල් ලක්ෂ එකහමාරක වන්දියක් දීමට කැමති බව ප‍්‍රකාශ කොට තමන්ට සිහිනයක් මවා පා එය ලබාගෙන විදේශ රැකියා නියෝජිත ආයතනයට විරුද්ධව ඇති පැමිණිල්ල ඉවත් කරගන්නා ලෙස ඉල්ලූ බව ඇය කීවාය.
රට රැකියාවට ගියේ විශ්ව විද්‍යාලයට තේරී සිටින දරුවා ඇතුළු දරු තිදෙනාට හොද අධ්‍යාපනයක් ලබා දීමට වුවද එහිදී විඳි කරදර හොදටම ප‍්‍රමාණවත් බැවින් තවත් තැන තැන රස්තියාදු විය නොහැකි නිසා ගමට වී පාඩුවේ ඉන්න දෙන ලෙසත් ඇය මෙරට රැකියා නියෝජිත ආයතනයට මුලින්ම පවසා ඇත.
පසුව ඔවුන් බත්තරමුලලේ පිහිටි විදේශ සේවා නියුක්ති කාර්‍යශයට යාමට වාහන කුලියද ගෙවන බවට පොරොන්දු වී සමථයකට පත් කර ගැනිමට එන ලෙස නිතර නිතර පෙරැත්ත කිරීම නිසා ඇය විදේශ සේවා නියුක්ති කාර්‍යංශයට ගොස් ඇත.
ඩුබායි හි එම විදේශ රැකියා නියෝජිත ආයතනයට එරෙහි චෝදනා බරපතල බැවින් ඒ පිළිබද පුළුල් පරික්ෂණයක් සිදු කර එය තාවකාලිකව අත්හිටවුන ලෙස අබුඩාබි තානාපති කාර්‍යලය විසින් විදේශ සේවා නියුක්ති කාර්‍යංශයට කරන ලද දැනුම් දීමට අනුව මේ වන විට අදාල විදේශ රැකියා ආයතනය තාවකාලිකව අත්හිටුවා ඇත.
අදාල ආයතනය මින් පෙරද ගෘහසේවිකාවන් පස් දෙනෙකු සිර කර තබා ගෙන සිටියදී තානාපති කාර්‍යායාලය මැදිහත්ව මුදා මෙවැනි දේ යලිත් නොකරන ලෙස අවවාද කර ඇති විදේශ රැකියා නියෝජිත ආයතනයක් බව කියති.
ධම්මිකා මහත්මිය ඇයට වූ අසාධාරණය පිළිබද කියා සිටියේ
‘‘ මම රැකියා නියෝජිත ආයතනයේ මහත්තයා කිවූ ලෙස බත්තරමුල්ල විදේශ සේවා නියුක්ති කාර්‍යංශයට ගියා. එතන සමථ අංශයේ නෝනා කෙනෙක් හිටියා. රැකියා නියෝජිත ආයතනයේ මහතා වන්දි මුදල පිළිබඳව ඒ නෝනා සමග කතා කළා. එවිට ඒ නෝනා මගෙන් ප‍්‍රශ්න කලා ඔයා කොහොමද ලංකාවට ආවේ කව්ද එව්වේ කියා.
මම කිව්වා අබුඩාබි තානාපති කාර්‍යාලයේ තානාපති මහින්ද බාලසූරිය මහත්තයත් පලමු ලේකම් සමරවීර මහත්තයත්, තෙවන ලේකම් රුවන් මහත්තයත් මගේ ප‍්‍රශ්නය දන්නවා එයාලා තමයි මට පිහිට වෙලා මගේ ජීවිතය බේරලා ලංකාවට එව්වේ කියලා. එහෙම එව්වේ නැත්නම් මගේ මළකඳ තමයි ලංකාවට එන්නේ කියාත් මම කිව්වා.
එතකොට මගෙන් ඇහුවා තානාපති තුමා අපිට දැනුම් දීමෙන් තොරව කොහොමද ඔයාව ලංකාවට එව්වේ කියලා. මම කිව්වා ඒක මම දන්නේ නැහැ අබුඩාබි තානාපති කාර්යාලයෙන් තමයි දැනගන්න ඕනේ කියා.
පසුව ඇය කීවා අපිට වන්දි මුදල සම්බන්ධයෙන් තීරණය කරන්න බැහැ කියලා තවත් මහත්මයෙකු වෙත මා යොමු කලා.
ඔහු ඇහුවා ඔයා කියන්නේ ඇත්තද , බොරුද, ඔයා කියන දේවල් අපි කොහොමද පිලිගන්නේ කියා. අපිට ඔයාගේ විස්තර ඩුබායි කොන්සල් ජනරාල් කාර්‍යාලයෙන් එවා තියෙනවා. ඔයාට කොහොමද වන්දි මුදලක් දෙන්නේ කියා.
එවිට මා කිව්වා මට එහෙදි ගොඩක් කරදර කළා. මගේ බඩු මළු , මංගල මුද්ද පවා හොරකම් කළා, මට හොදටම ගැහුවා, පයින් පවා මට ගැහැව්වා ඒ කරපු කරදර වලට ඔවුන් වන්දියක් දෙන්න තීරණය කරලා ඒක දෙන්නයි මේ මහත්තයා ඇවිත් ඉන්නේ කියා.
එවිට රැකියා නියෝජිත ආයතනයේ මහත්තයාගෙන් ඇහුවා ඔයාට කව්ද මෙයාට වන්දි දෙන්න සල්ලි එව්වේ කියලා. එවිට ඔහු කිව්වා ඩුබායි විදේශ රැකියා ආයතනයේ කාන්තාවක් තමයි මගේ ගිනුමට මුදල් දාලා තියෙන්නේ කියා.
එතකොට කිව්වා මෙයාට එහෙම වන්දි දෙන්න බැහැ සභාපතිතුමාට දාලා මේ ප‍්‍රශ්නය විසදමු කියලා. මට හුගක් දුක හිතුනා ඇයි මේ රැකියා නියෝජිත ආයතනයෙන් වන්දි මුදලක් දෙන්න කැමති වෙලා එතනට ගියහම ඇයි ඒක දෙන්න ඉඩ නොදෙන්නේ කියලා.
අබුඩාබි තානාපති කාර්‍යයාලයෙන් මගේ ගැන විස්තරය එවා තිබියදීත් මොවුන් කිසි දෙයක් නොදන්නා ලෙස හැසිරෙන්නේ ඇයි දැයි කියා මට සිතාගන්න බැහැ. මොවුන් මම පන බේරගෙන ආව විදිහ නෙමෙයි ඇහුවේ ලංකාවට ආවේ කොහාමද කියන එකයි. මම කාගෙන්වත් වන්දි ඉල්ලන්න ගියේ නැහැ. ඒජන්සියෙන් තමයි මට කරදර කරලා වන්දි දෙන්නම් කියලා බලාපොරොත්තු ඇති කරලා පාඩුවේ හිටපු මාව බත්තරමුල්ලට එක්කගෙන ගිහින් මේ වගේ අසරණ කරලා දැම්මේ.
විදේශ රැකියා නියුක්ති කාර්‍යංශයෙන් මා බොරුකාරියක ලෙසයි කතා කළේ. මට බොරු කීමට අවශ්‍යතාවයක් නැහැ. මට ඒජන්සියෙන් කරපු කරදර දැකපු අය ඕනා තරම් සාක්ෂියටත් ඉන්නවා. අපිට අසාධාරනයක් වුනහම කියන්න ඉන්න එකම තැනත් මෙතනයි ඇයි මේ විදියට කරන්නේ.
අනිත් එක මම ලංකාවට ආවේ නිති විරෝධී විදිහට නෙමෙයි. අබුඩාබි තානාපති කාර්‍යාලය මැදිත්වෙලා මාව එව්වේ. එනකොට තානාපති මහින්ද බාලසුරිය මහතා දෙමවිපියන් මෙන මට කතා කොට කිවේ ලංකාවේ මේ සම්බන්දයෙන් කරදරයක් වු අවස්ථාවක මෙන්න මගේ කාඩ් එකක් මම හිටපු පොලිස් පති මේක පෙන්නන්න කියලත් කිව්වා.
හිගන්නෙකුට වුනත් ආධාරයක්, වන්දියක් කව්රුහරි දෙන්න හදනවා නම් ඒක දෙන්න ඉඩ අරින්න ඕන නේදැයි ඇයි අසා සිටින ඇය ගැටළුවක් විසදා ගැනිමට දෙපාර්ශයව කැමති නම් තවදුරටත් මැදිහත්මක් අවශ්‍යයද කියලත් මම ප‍්‍රශ්න කර සිටී.
එ වගේම මේ පිළිබඳව අපක්ෂපාතී පරීක්ෂනයක් පවත්වන ලෙසත් මම බලධාරීන්ගේ ඉල්ලා සිටිනවා.
මේ පිළිබඳව විදේශ සේවා නියුක්ති කාර්‍යංශයේ උසස් නිලධාරියෙකුගෙන් විමසූ විට ඔහු පැවසූවේ
‘‘අපි ඇයට වන්දි මුදලක් දීමට විරුද්ධ වුනේ නැහැ. නමුත් එය තීරණය කරන්නේ අප නෙමෙයි සභාපති තුමා.
මුදලේ ප‍්‍රමාණය තීරණය කරන්නෙත් සභාපති තුමා. රුපියල් ලක්ෂයක්ද, දෙකක්ද රුපියල් පනස්දාහක් ද ඇයට ලබා දෙන්නේ කියා තීරණය කරන්නේ කරන්නේ ඔහු.
දැන් මේ වන්දි ගෙවන්න හදන්නේ වෙනත් රැකියා නියෝජිත ආයතනයක්. ඇයි වෙනත් රැකියා නියෝජිත ආයතනයක් ඇයට වන්දි ගෙවන්නේ.
අනිත් එක මේ කාන්තාව ඇත්තද කියන්නේ කියලා අපි කොහොමද දන්නේ. ගැහුවා නම් වෛද්‍ය වාර්ථා තිබිය යුතුයි. ඇය ලග කිසිම දෙයක් නැහැ. ඇය ලංකාවට ආපු විදිහ සොයා බැලිය යුතුයි. ඒකත් අපිට ප්‍රශ්නයක්. ඇයි හිටියේ ඩුබායි වල ඇය ඇවිත් තියෙන්නේ වෙනත් තැනක ඉදලා.
අපි ඇගේ ලිපි ගොනුව සභාපති තුමාට යොමු කර තියෙනවා‘‘.
මේ පිළිබඳව ඇයට වන්දි මුදල ලබා දීමට කටයුතු කරන විදේශ රැකියා නියෝජිත ආයතනය පවසන්නේ
‘‘අපේ ආයතන වලින් ඩුබායි වල රැකියා සඳහා යවන්නේ ඔය කියන රැකියා නියෝජිත ආයතනය හරහා. මම යවපු රැකියා වගයක් හිර වුනා. පස්සේ බැලූවා මොකද කියලා. එතකොට තමයි දැනගත්තේ එම ආයතතනය ‘බ්ලැක් ලිස්ට්‘ කරලා කියලා. පස්සේ මම හේතුව බැළුවා. එතකොට තමයි දැනගත්තේ මේ කියන කාන්තාවගේ ප‍්‍රශ්නයක් නිසා මෙය සිදුවූ බව.
ඉතින් මම කල්පනා කළ ඇයට යම් කිසි අසාදාරණයක් සිදු වු තිබෙනවා නම් ඇයට වන්දි මුදලක් දී පැමිණිල්ල ඉවත් කරගත්තම නැවත අපිට රැකියා සඳහා යැවීමේ පහසුකම ලැබෙනවා.
ඒ නිසා මම ඇයට කතා කොට ඇයට විදේශ සේවා නියුක්ති කාර්‍යංශයට වාහනයකින් පැමිණීමට මුදල් පවා දුන්නා.
ඇත්තටම ඇය ගිහින් තිබුනේ මගේ රැකියා නියෝජිත ආයතනයෙන් නෙමෙයි වෙනත් එකකින්. විදේශ සේවා නියුක්ති කාර්‍යංශයට මම කිව්වේ ඩුබායි වල රැකියා නියෝජිත ආයතනය බැල්ක් ලිස්ට් කරපු නිසා මට විශාලා පාඩුවක් වෙලා තියෙනවා. මෙතන තියෙන්නේ එක් අයෙකුගේ ප‍්‍රශ්නයක් ඒක වන්දියක් දීලා හරි විසදා ගත්තා නම් ප‍්‍රශ්නය ඉවරයිනේ කියා.
මේ ප‍්‍රශ්නය නිසා මට අද වෙනකොට රුපියල් ලක්ෂ විස්සක් විතර පාඩු වෙලා තියෙනවා. ඩුබායි වලට යවන රැකියා එකින් එක හිරවෙනවා. එක් ආයතනයක් කරපු වැරැද්දක් නිසා ආයතන ගනනාවක රැකියා අවහිර වෙනවා.
අර කාන්තාවට අසාදාරණයක් සිද්ද වෙලා තියෙනවා නම් අපි මග අරින්නේ නැහැ. ඇයට උදව් කිරීම අපේ යුතුකමක්. මොකද මේ ප‍්‍රශ්නය ගැන මම අබුඩාබි තානාපති කාර්‍යාලයේ සමරවීර මහත්තයාටත් කතා කළා. තානාපති මහින්ද බාලසූරිය මහත්මයා වුනත් මේ ප්‍රශ්නය දිහා අවදියෙන් ඉන්නේ.
විදේශ සේවා නියුක්ති කාර්‍යංශයෙන් මෙයාට දෙන්න ගිය මුදල් අවහිර කළේ නැහැ. ඔවුන් කිව්වේ මෙයාට දෙන වන්දි මුදල තීරණය කරන්න අපිට බැහැ. එය තීරණය කරන්නේ සභාපති තුමා ඒ නිසා අපි මේක සභාපති තුමාට දානවා කියලයි.
ඔය කියන ඩුබායි වල රැකියා නියෝජිත ආයතනයේ කාන්තාව මා පෞද්ගලිකව හදුනන්නේ නැහැ. ඇය මට මුදල් එව්වේ නැහැ. නමුත් මේ ප්‍රශ්නය විසදා ගන්න මා ඇය වෙනුවෙන් මුදල් ලබා දෙන්න සුදානම් යනුවෙන් ද ඔහු පැවසුවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයා ඩුබායි තානාපති කාර්‍යාලයෙන් පැනල ඇවිත් තියෙන්නේ එතනින් පිහිටක් නැතුව. අබුඩාබි තානාපති කාර්‍යාලයෙන් මෙයාට පිහිට වෙලා එවලා තියෙන්නේ. මෙයා ගැන වාර්තාවත් අබුඩාබි වලින් එවලා ඒජන්සිය බිලැක් ලිස්ට් කරලා නම් ඇයි අතට ගෙනත් දීපු වන්දිය කටට දාගන්න දෙන්නේ නැත්තේ. හැම විටම පොතේ හැටියට වැඩ නොකර මනුෂ්‍යත්වයෙන් වැඩ කරන්න. මිනිස්සු මේ විදියට රස්තියාදු කරන්න එපා. එක වරම ප්‍රශ්නය ඉහලට හරි පහලට හරි දානා විසදලා ඉවර කරන්න. ඔයාලා කරන දෙයින් අර ඒජන්සි අයිතිකාරයට ලොකු පාඩුවක් වෙලා එහෙන්. අර කාන්තාවටත් එපා වෙලා තියෙන්නේ. (නදී)
අයි එස් ඔ හම්බුනා කියල ට්ව අකේ දානවා මහා ලොකුවට...... අහිංසක මිනිසුන්ගෙන් හැමදාම හම්බවෙන්නේ බැනුම් සම්මානය තමයි (දී)
රට ගියාට මදි ශ්‍රි ලංකාවේ රජයේ නිලධාරියෙකුගෙන් වැඩක් කරගන්න සිස්ටම් එක දැනගන්නත් ඕනා. පිදිය යුත්තන්ට පිදිය යුතු වන්නේය.(නදී)
පෙනේද අපේ ඩුබායි සහෝදරයන්ගේ වැඩ? හා හා. ඔබලාටත් හොරෙන් අපි ඔබලාගේ රට අල්ලනවා. එතකොට මුළු ආසියාවේම මේ වගේ දේවල් අහන්න දකින්න ලැබෙයි ලඟදීම..(නදී)
බලාගෙන ගියාම ඒජන්සි වල අය විදේශ සේවා එකේ අයට වැඩිය හොදයි. අපේම බදු සල්ලිවලින් පඩි ගන්න අය තමා මේ ඔක්කොම බලු වැඩ කරන්නේ (නදී)
මෙතන තියෙන්නේ ඉරිසියාව, අර අහිංසක කෙනාට වන්දි මුදල ලැබෙන එකට .හරියට තමුන්ගේ සාක්කුවෙන් ගෙවනවා වගෙයි කට්ටියගේ හැසිරීම.(නදී)
ලක්ෂ එක හමාරෙන් පනස් දහසක් දෙනවා කීවා නම් ප්‍රස්නේ ඉවරියි.(නදී)
දැන් ඉන්න බොහොමයක් නිලධාරීන්ට අනුන්ගේ දුක තේරෙන්නේ නැහැ. තමන් විතරක් හැදුනොත් ඇති කියන පදනමට තමයි ඔවුන් වැඩ කරන්නේ.(නදී)
මම හැමදාම කියනවා වගේ අදත් කියන්නේ අබුඩාබි තානාපති කාර්යාලයේ උතුම් මහත්වරු මහින්ද බාලසුරිය ,සමරවීර මහත්වරු රටේ පිනට තානාපති සේවයට පත්වුණ මහත්වරුන් කියලයි එතුමනන්ලට මගේ උපහාරය (නදී)
රට විරුවෝ කියලා බොරුවට ප්‍රසිද්ද රැස්වීම්වල අහිංසක විදේශ ශ්‍රමිකයන්ව රවට්ටන සමහර දේශපාලඥයන් ඒ මිනිස්සුන්ට සිද්දවෙන හුදකලා ප්‍රශ්නවලදි ඒ මිනිස්සුන්ව අසරන කරනවා. අසරණ ග්‍රාමීය මිනිස්සුන්ව රවට්ටන, ඒ මිනිස්සුන්ගෙන්ම ජීවත් වෙන ජනතා නියෝජිතයිනි ධර්මයේ නාමයෙන් හෘද ශාක්ෂියට එකගව රටට සේවය කරන්න.(නදී)
ඔය වගේ අසාධාරණ වැඩ තමයි විදේශ සේවා අය කරන්නේ... වැඩකට ඇති දෙයක් කරන්නේ නෑ... (දී)
සිංහලය වෙනුවෙන් හඬ නගන සිංහල රාවයට,ජාතික හෙළ උරුමයට මෙන්න ඉදිරිපත්විය හැකි ලොකු පිනක් සිදු වෙන වැඩක්. මේ කාන්තාවත් සිංහලනේ.
පිටරට රැකියාවට යන හැම කෙනෙක්ම රක්ෂණ ආවරණයක් ගන්නවා. එහෙම නොගෙන ගුවන්තොටුපොලෙන් කිසිම කෙනෙක්ව ගුවන් යානයට යවන්නේ නැහැ. කීප තැනකින් හොයල බලනවා රක්ෂණ ආවරණය ලබගෙනද කියලා. එත් කෙනෙක්ට කරදරයක් උනාම හැමෝම හැසිරෙන්නේ අනේ අපි මුකුත් දන්නේ නැහැ ඔයා ගැන, අහවලා තීරණය කරන්න ඕනේ මොකක්ද කරන්නේ කියලා. ඔය වගේ කතා නොකියා අපි දුක් මහන්සි වෙලා රටට කරන සේවය ගැන හිතලා, අසරණ වෙලා ලංකාවට එන අහිංසක මිනිස්සු දිහා මානුෂිකව බලන ලෙස කාරුණිකව ඉල්ලා සිටිනවා. ඔය විදේශ සේවා එකේ ඉන්න හැම කෙනෙක්ම අමතක කල යුතු නැහැ, එයාල හැමෝම යැපෙන්නේ අහිංසක මිනිස්සු දහදිය , ශ්‍රමය වගුරවල එවන සල්ලි වලින් කියලා.(නදී)
කව්ද ඔය කාර්යාලයේ සභාපති? (නි)
දිලානි ඔයා නිකන් පව් පුරවා ගන්නෙපා කරන අපරාදවලට දඩුවම් සොභාව ධර්මයෙන් දෙයි. ලංකාවේ ගොඩක් රජයේ ආයතනවල තත්වය ඕකයි. ගමේ ග්‍රාම නිලධාරිගේ ඉඳලා උඩට යනකම් පගාවට ඕනි දෙයක් ලංකාවේ ගොඩදාගන්න ලේසියෙන්ම පුළුවන්. අයුක්තිය ආසධාරණය රජවෙලා ජනතාව අසරණවෙලා (නදී)
ඕව ඔහොම තමයි
දැන්වත් පේනවද ලංකාව ලෝකයේ කොහෙද තියෙන්නේ කියලා?(නදී)
අහිංසක මිනිස්සු මිනි පෙට්ටියෙන් එනවා බලන්නද බලධාරීන්ට ඕනේ.(නදී)
ජනාධිපතිතුමනි, මේ ගැහැනු රට යවන එක ගැනත් පිළිවෙලක් කරන්න. විදෙස් සේවාව අපි රට යනකොට අපෙන් මුදල් ගන්නවා. රට ඇවිල්ලා ගැහැනු අපි දුක් විදිනවා (නි)
ඔය කාර්‍යංශය කිසිම වැඩක් ඇති එකක් නෙමෙයි. කරන එකම දේ මැද පෙරදිග යන අය ලියාපදිංචි කරනවා කියල එකක් කරලා සල්ලි අරගන්න එක තමයි. රක්ෂණයක් තියෙනවලු. හැබැයි කාට හරි කරදරයක් උනොත් ඔය මොනවත් නෑ. 2009 විතර ඔය ගාන රුපි 12000 ක්. කාක්කෝ වගේ එයාර් පොර්ට් එකේ. කවුරු හරි දන්නවා නම් කියන්න මේ ලියාපදිංචි කිරීමට තියෙන නීතිමය බලය මොකක්ද කියලා.(නදී)
විදෙස් සේවාවෙන් නම් රට යන අයට සෙතක් නැහැ. මෙහෙ හිරේ ගැහැනු මිනිස්සු ඉන්නවා. කෝ ඒ අය ගැන බලනවද? ගුවන් තොටුපළේදී විදෙස් සේවා ගාස්තු නොගෙවා යන්න බැහැ. ගියාට පස්සේ අපි ගැන බලනවද? (නි)
මමත් සෞදි ඉන්නේ..මෙහෛ තානාපති සිට අනෙක් සියළුම නිළයන් පෙනී සිටින්නේ සෞදි ජාතිකයන් වෙනුවෙන්...ඒ තත්වය අනෙක් රට වලටත් අදාලයි....(නදී)
මේ අයට නේ අමාරුව තියෙන්නේ අසරණයෙකුට කීයක් හරි ලැබෙනවට. ඕකත් ලොකු ගානක්ද? අවදියෙන් සිටි ලංකාදීප ‘එසැණ‘ ටත් මහින්ද බාලසුරිය මහත්තයා ඇතුළු පිරිසටත් තුති (නදී)