(කේ.ජී.කපිල )
රුපියල් ලක්ෂ 80 ක් පමණ වටිනා ස්වර්ණාභරණ තොගයක් ඩුබායි සිට නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට ගෙන ආ මෙරට ව්‍යාපාරික කාන්තාවක් අද (11) අලුයම කටුනායක ගුවන් තොටුපොළ දී රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන ඇති බව වැඩබලන රේගු මාධ්‍ය ප්‍රකාශක විපුල මිනුවන්පිටිය මහතා පැවසීය .
ඇය 54 හැවිරිදි වරකාපොල ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරික කාන්තාවකි.
ඇගට හිර වන සේ හැද සිටි දිගු කළිසමේ සාක්කු වල මෙම ස්වර්ණාභරණ තොගය සගවා ගෙන තිබී රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබුණි .
ග්‍රෑම් 290 ක් බර අත් පළදනා තොගයක් සහ ග්‍රෑම් 945 ක් බර මාල තොගයක් මෙසේ නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට ගෙනැවිත් තිබුණි .
සහකාර රේගු අධිකාරීවරුන් වෙත ඒ.එන්.ජේම්ස් සහ සම්පත් ජයරත්න යන මහත්වරුන් මෙම අත් අඩංගුවට ගැනීම සිදු කර තිබුණි .
කටුනායක ගුවන් තොටුපොළ රේගු අධ්‍යක්ෂ ඕ.එම් . ජාබීර් මහතාගේ උපදෙස් මත නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ විපුල මිනුවන්පිටිය මහතා මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ ආරම්භ කර තිබේ .


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ පට්ටා හොරුන් කරන හොර වැඩනිසා පිටරට රැකියා කර එන කෙනෙකුට තම පවුලේ කෙනෙකුටවත් රන් ආබරණයක් ගෙනෙන්න බැරිවෙනවා. එම නිසා බඩු රාජසන්තක කිරීමට අමතරව ඉහලම දඩය ගහන්න ජීවිත කාලයටම.