IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


ලක්ෂ 78 ක රට සල්ලි සහ චීන්නු දෙන්නා සැකපිට

රුපියල් හැත්තෑ අට ලක්ෂ  විසිපන් දහස් හාරසිය විසි හයක් වටිනා විදේශ මුදල් සහ මැණික් රැගෙන ඉන්දියාව බලා යාමට උත්සහ කළ  චීන ජාතිකයෝ දෙදෙනෙක් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී රේගු නිලධාරීන්  විසින් අද අත් අඩංගුවට ගනු ලැබීය.

සැකකරුවෝ 26 සහ 59 වියේ පසුවන බවත්  ඔවුහු ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යු.එල් 195 දරණ ගුවන් යානයෙන් ඉන්දියාවේ දිල්ලි නුවර බලා යාමට පැමිණ ඇති බවත් රේගුව කියයි..

මොවුන් දෙදෙනාගේ ගමන් මලුවල තිබී ඇමරිකානු ඩොලර් 59,690 ක්, තායිලන්ත  බාත් එක් ලක්ෂ තිස්තුන් දහස් හාරසීයක් සහ  රුපියල් හාර ලක්ෂ පනස් දෙදාස් අටසීයක් වටිනා   මැණික් ගල් තොගයක්ද අත් අඩංගුවට ගෙන තිබේ.

මේ පිළිබඳ වැඩිදුර විමර්ශණ කටයුතු රේගු අධිකාරී සමන් බාලසුරිය, නියෝජ්‍ය රේගු අධිකාරීවරුන් ඩන්කන් හෙට්ටි ආරච්චි, අචල ජයරත්න, කේ. සෝමසිරි, කේ.පී.ඩී.යු කරුණානායක, ජේ.ඩබ්ලිව්.කේ.ජී ප්‍රසාන්ජිත්, ජේ.යු අහංගම, එම්.එස් කණකරත්න යන නිලධාරීහු සිදු කරති.

 

                  

 



අදහස් (0)

ලක්ෂ 78 ක රට සල්ලි සහ චීන්නු දෙන්නා සැකපිට

ගෞරියෙල් Saturday, 15 August 2015 03:57 PM

අපේ රටට එන ඕනෑම කෙනෙක් හරිම ඉක්මණට පුරුදුවෙනවා හොරකමට (නි)

:       0       0

සම්පත් Sunday, 16 August 2015 12:33 AM

රේගු නිලධාරීන්ට අපේ ප්‍රණාමය! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 249 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 181 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 987 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site