රුපියල් හැත්තෑ අට ලක්ෂ විසිපන් දහස් හාරසිය විසි හයක් වටිනා විදේශ මුදල් සහ මැණික් රැගෙන ඉන්දියාව බලා යාමට උත්සහ කළ චීන ජාතිකයෝ දෙදෙනෙක් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී රේගු නිලධාරීන් විසින් අද අත් අඩංගුවට ගනු ලැබීය.
සැකකරුවෝ 26 සහ 59 වියේ පසුවන බවත් ඔවුහු ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යු.එල් 195 දරණ ගුවන් යානයෙන් ඉන්දියාවේ දිල්ලි නුවර බලා යාමට පැමිණ ඇති බවත් රේගුව කියයි..
මොවුන් දෙදෙනාගේ ගමන් මලුවල තිබී ඇමරිකානු ඩොලර් 59,690 ක්, තායිලන්ත බාත් එක් ලක්ෂ තිස්තුන් දහස් හාරසීයක් සහ රුපියල් හාර ලක්ෂ පනස් දෙදාස් අටසීයක් වටිනා මැණික් ගල් තොගයක්ද අත් අඩංගුවට ගෙන තිබේ.
මේ පිළිබඳ වැඩිදුර විමර්ශණ කටයුතු රේගු අධිකාරී සමන් බාලසුරිය, නියෝජ්‍ය රේගු අධිකාරීවරුන් ඩන්කන් හෙට්ටි ආරච්චි, අචල ජයරත්න, කේ. සෝමසිරි, කේ.පී.ඩී.යු කරුණානායක, ජේ.ඩබ්ලිව්.කේ.ජී ප්‍රසාන්ජිත්, ජේ.යු අහංගම, එම්.එස් කණකරත්න යන නිලධාරීහු සිදු කරති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ රටට එන ඕනෑම කෙනෙක් හරිම ඉක්මණට පුරුදුවෙනවා හොරකමට (නි)
රේගු නිලධාරීන්ට අපේ ප්‍රණාමය! (නි)