රුපියල් ලක්ෂ හැත්තෑ පහක් වටිනා රත්තරන් බිස්කට් පහලොවක් ගුද මාර්ගයේ සඟවාගෙන සිංගප්පුරුවේ සිට පැමිණි ශ්‍රී ලාංකිකයෝ දෙදෙනෙක් කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේදී අද අලුයම අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක, රේගු නීති අංශයේ අධ්‍යක්ෂක ලෙස්ලි ගාමිණී මහතා පැවසුවේය.
සැකකරුවෝ වත්තල සහ කොළඹ 12 යන ප්‍රදේශ වල පදිංචිකරුවෝ වෙති. ඔවුහු වයස 42 සහ 49 වියේ පසුවන රෙදි පිළි ව්‍යාපාරිකයෝ බව රේගුව කියයි.
මොවුන් දෙදෙනා කිලෝග්‍රෑම් එකහමාරක් වටිනා රන් බිස්කට් තම ගුද මාර්ගයේ සගවා තිබු බව රේගුව කියයි.
සැකකරුවෝ අද අලුයම 2.05 ට පමණ ඊ.කේ 349 දරණ ගුවන්යානයෙන් සිංගප්පුරුවේ සිට මෙරටට පැමිණ ඇත. ඔවුන්ගේ ගුවන් ගමන් විස්තරය පිළිබඳ ඇති වු සැකයක් මත මෙම රන් බිස්කට් සොයාගෙන ඇත.
ඔවුහු පෙරදින සිංගප්පුරුවට ගොස් ඇති බව රේගුව කියයි.
මින් එක අයෙකු ළඟ රන් බිස්කට් 3 ක් ද අනෙකා ළග රන් බිස්කට් 12 ක්ද තිබු බව රේගුව කියයි.
මේ පිළිබඳ විමර්ශන කටයුතු ගුවන්තොටුපොළ රේගු අධ්‍යක්ෂක ඒ.කේ.එන් වික්‍රමසිංහ මහතාගේ අධීක්ෂණය යටතේ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක ලාලන සෙනවිරත්න මහතා ගේ මෙහෙයවීමෙන් රේගු අධිකාරීවරුන් වන එස්.එල්.ඒ රිෆායි, එස්. ඥානදාස, නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂකවරුන් වන පී.එච්.යු.අයි විෙජ්පාල සහ සහකාර රේගු අධිකාරීවරුන් වන මංජුල කුමාර, එස් අතුකෝරල, රුවන් අල්විස්, රුවන් රත්නායක, දේවප්‍රිය වීරසිංහ, මහිල් මසුශංක, චතුර අබේසිරි ගුණවර්ධන, තුසිත අධිකාරම් යන නිලධාරීහු සිදු කරති.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අයියෝ! රත්තරන් වලට ගිය කල! (නි)
මේ මිනිසුන්ට ලැජ්ජා නැද්ද මන්දා මෙහෙම වැඩ කරන්න? (නි)
දැන් බලාගෙන ගියාම ගුද මාර්ගයත් හොඳ ආදායම් මාර්ගයක් වෙලානේ. මේ දිනවල දිගටම මේ රත්තරන් වැඩේ යනවා වුනාට ඒක අවධානය වෙන පැත්තකට හරවන්න කරන උප්පර වැට්ටියක්ද දන්නේ නැහැ කියලත් හිතෙනවා එහෙම වුනොත් අනිත් අනිත් පාරවල් වලින් ගජ රාමෙට කුඩු එතනෝල් වගේ දෙයක් එන්නත් පුළුවන් නේද? (බ)
ළඟදී ගත් රත්තරන් මාලේ දාපු වෙලාවේ සිට මහා වැසිකිළි ගඳක් ආවේ මොකද කියලා තේරෙන්නේ දැන් තමයි (නි)
මේ මිනිස්සු පත්තර කියවන්නේ නැද්ද? ප්‍රවෘත්ති අහන්නේ, බලන්නේ නැද්ද? අවම වශයෙන් වටාපිටාවේ මිනිසුන් එක්ක කතා බහ කරන්නේ නැද්ද? මෙවැනි ප්‍රවෘත්ති දැන් දිනපතා අහන්න ලැබෙනවා. (බ)
පස්සෙන් ඕවා අදින කොට මොවුන් කොහොම හිටියද දන්නෑ? ලැජ්ජාවක් නැති හොරුන්. (ර)
මේ හොර ජාවාරම් වල යෙදෙන අයට දෙන දඩුවම් වැඩි කල යුතුය. අඩුම තරමින් නීති විරෝධී ලෙස රුපියල් පනස් දාහකට වැඩි වටිනාකමින් යුත් භාණ්ඩ මෙරටට ගෙන අාවොත් පනවන දඩයට අමතරව මාස හයක් දක්වා සිර දඩුවම් නියම කිරීමට හැකිවන ලෙස නීති වෙනස් කළයුතු අතර,දැනට පවතින ක්‍රමය වන දඩ ගසා රේගුවමගින් වැරදි කරුවන් නිදහස් කිරීම වෙනුවට මහේස්ත්‍රාත් වරයකු වෙත චුදිතයන් ඉදිරිපත් කිරීම මගින් මෙම දඩුවම් පැමිණීමේ ක්‍රියාවලිය සිදුවන නිසා මෙම අයතා ක්‍රියාවලියට සම්බන්ධ වන පුද්ගල සංඛ්‍යාව අවම කිරීමට හැකිවනු ඇත.(අ)
මේ විදියට අල්ලන රත්තරන් වලට මොකද වෙන්නේ ඊළගට ? (ස)
ගුවන් මගියෙකුට ගෙන ආහැකි රත්තරන් ග්රෑම් ගාන කියද? (ස)