කෑගල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයයේ විශ්‍රාම වැටුප් අංශයේ ලිපිකරුවකු රුපියල් හැට තුන් ලක්ෂයක වංචාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් බව රහස් පොලිසිය කියයි.
ඔහු විශ්‍රාමිකයන්ගේ මුදල් ටික ටික තම පෞද්ගලික ගිනුමකට බැර කරගෙන ලැබුණු පැමිණිලි මත රහස් පොලිසිය පරීක්ෂණ ඇරැඹීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ දේවල් වලට හේතුව වන්නේ අදාළ නිලධාරීන්ගේ නොසැළකිලිමත්කමයි (නි)
මම දැකලා තියනවා මේ පුවත් තීරයේ සමහරු පිටරට රැකියා කරගෙන ඉන්න ලාංකිකයන්ට නොයෙකුත් දේවල් කියනවා. දැන් බලන්න ලංකාවේ ඉන්න සමහර කට්ටිය කරන දේවල්. මෙවැනි ජාතික අපරාධ කර කර භුමි පුත්‍රයින් වගේ ඉන්න අයට වඩා රටට බරක් වෙන්නේ නැතුව පිටරට ගිහින් හරි තමන්ගේ අවංක ආදායමකින් යැපෙන අය වැදගත්. (නි)
යටත් නිලධාරීන් මේ විදියට රජයේ මුදල් වංචා කරන්නේ කොහොමද? මෙවන් සිද්ධි ඇතිවන්නේ මුදල් ගනු දෙනු ගැන මනා අධීක්ෂණයක් නොතිබීම හේතුවෙන්. විශේෂයෙන් මුල්‍ය කළමනාකරණයේදී ප්‍රාදේශීය ලේකම් සහ ගණකාධිකාරී සිය රාජකාරිය අකුරටම ඉෂ්ඨ නොකළ විට මෙවන් තත්ත්වයන් ඇතිවීම වැළැක්විය නොහැකිය. (නදී)
මේ දේවල් තනි පුද්ගලෙකුට කරන්නත් ටිකක් අමාරුයි. හවුල් හොරුන් ඇති. අනෙක මේ කන්තෝරුව විගණන කටයුතු නොකෙරෙන තැනක්ද? මට පෙනෙන හැටියට ඉහළ සිට පහළටම වගකිව යුතු නිලධාරින් නිදාගෙන ඉඳලා වගේනේ. (නි)
මේක පිටිපස්සේ ෂුවර් එකටම සුපිරි හොර ඇමතියෙක් ඇති .පොඩි මිනිහෙක්ට මේ වගේ දෙයක් තනියම කරන්න බ කවදාවත් .(අ)
මේ කාර්යාලයේ විගණනය කියලා දෙයක් සිද්ධ වෙන්නේ නැද්ද? මුදල් වල ගිණුම් කටයුතු පරික්ෂා කරන්න කවුරුවත් නැද්ද? අදාළ නිලධාරීන් දැන්වත් හොයලා බලන්න (නි)
ආයේ අහන්න දෙයක් නැහැ. දේශපාලන ලැයිස්තුවකින් පත්වුණ කෙනෙක් වෙන්න ඇති. සුදුසුකම් ඇතුව පත්වුණ උදවියට මොකක්හරි චාරයක් තියනවා. (නි)
ටික ටික තම ගිණුමට බැරකර ගත්තා නම් සෑහෙන කාලයක් තිස්සේ මේ වැඩේ සිද්ධවෙලා. ඇත්තටම මේ ආයතනයේ වාර්ෂික ගිණුම් කටයුතුවත් නොකෙරන තැනක් වෙන්න ඇති. නැත්නම් තනි පුද්ගලයෙකුට මෙහෙම සුක්ෂම විදියට සල්ලි අදින්න පුලුවන්ද? (නි)
ප්‍රාදේශීය ලේකම් කාර්යාල මඟින් තමයි තැපැල් කන්තෝරු වලින් ගෙවන විශ්‍රාම වැටුප් පාලනය වෙන්නේ.වැටුප්ලාභියෙක් මියගියාම තැපැල් කන්තෝරුවට එන එම මාසයේ වැටුප බොහෝවිට නියෝජිතයෙක් නම්කරලා තිබුනොත් ඔහුට නොදී සුක්ෂමව වංචා කරන්න පුළුවන්. මහජන ආධාර දීමනා, වැඩිහිටි දීමනා ගැන හෙව්වොත් තව වංචා කරන මුදල් ගැන හොයාගන්න පුළුවන් (නි)
පරිගණක තාක්ෂණය මඟින් බැංකු කටයුතු ක්ෂණිකව හා නිවැරදිව කළ හැකි නමුත් වංචනික පුද්ගලයන්ට අධීක්ෂණ නිලධාරින්ගේ නොසැළකිලිමත්කම ප්‍රයෝජනයට ගෙන මෙවැනි වංචනික ක්‍රියාවල යෙදිය හැකියි. (නි)
මට නම් විශ්‍රාම වැටුප් කන්තෝරු ගැන මතක් වෙන කොට ලේ කෝප වෙනවා. මුදල් කටයුතු ගැන විතරක් නොවෙයි මේවායේ වැඩ කරන ලිපිකාර භවතුන්ගේ නොහොබිනා කටවල් ගැනත් විගණනය කරනවා නම් අගෙයි. වැඩක් කර ගන්න මේ තැන් වලට ගියාම මහජනයා තුට්ටු දෙකට දාලා කතා කරන්නේ. (අ)
මෙයට ඇතුලේ තව අය සම්බන්ධ ඇති (නදී)
අර හැමෝටම වදයක් වෙලා ඉන්න කඩේ යන පිස්සු කොලුවා ඉන්නෙත් ලංකාවේ වෙන්න ඇති නේද හර්ෂ? (නදී)