IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ලක්ෂ 63ක විශ්‍රාම වැටුප් වංචාවක්

කෑගල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයයේ විශ්‍රාම වැටුප් අංශයේ ලිපිකරුවකු රුපියල් හැට තුන් ලක්ෂයක වංචාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් බව රහස් පොලිසිය කියයි.

ඔහු විශ්‍රාමිකයන්ගේ මුදල් ටික ටික තම පෞද්ගලික ගිනුමකට බැර කරගෙන ලැබුණු පැමිණිලි මත රහස් පොලිසිය පරීක්ෂණ ඇරැඹීය.

 

 



අදහස් (0)

ලක්ෂ 63ක විශ්‍රාම වැටුප් වංචාවක්

ගාමිණී සිරිවර්දන Friday, 10 October 2014 09:52 AM

මේ දේවල් වලට හේතුව වන්නේ අදාළ නිලධාරීන්ගේ නොසැළකිලිමත්කමයි (නි)

:       0       0

හර්ෂ Friday, 10 October 2014 10:01 AM

මම දැකලා තියනවා මේ පුවත් තීරයේ සමහරු පිටරට රැකියා කරගෙන ඉන්න ලාංකිකයන්ට නොයෙකුත් දේවල් කියනවා. දැන් බලන්න ලංකාවේ ඉන්න සමහර කට්ටිය කරන දේවල්. මෙවැනි ජාතික අපරාධ කර කර භුමි පුත්‍රයින් වගේ ඉන්න අයට වඩා රටට බරක් වෙන්නේ නැතුව පිටරට ගිහින් හරි තමන්ගේ අවංක ආදායමකින් යැපෙන අය වැදගත්. (නි)

:       0       0

තිළිණ Friday, 10 October 2014 10:38 AM

යටත් නිලධාරීන් මේ විදියට රජයේ මුදල් වංචා කරන්නේ කොහොමද? මෙවන් සිද්ධි ඇතිවන්නේ මුදල් ගනු දෙනු ගැන මනා අධීක්ෂණයක් නොතිබීම හේතුවෙන්. විශේෂයෙන් මුල්‍ය කළමනාකරණයේදී ප්‍රාදේශීය ලේකම් සහ ගණකාධිකාරී සිය රාජකාරිය අකුරටම ඉෂ්ඨ නොකළ විට මෙවන් තත්ත්වයන් ඇතිවීම වැළැක්විය නොහැකිය. (නදී)

:       0       0

භානු Friday, 10 October 2014 11:15 AM

මේ දේවල් තනි පුද්ගලෙකුට කරන්නත් ටිකක් අමාරුයි. හවුල් හොරුන් ඇති. අනෙක මේ කන්තෝරුව විගණන කටයුතු නොකෙරෙන තැනක්ද? මට පෙනෙන හැටියට ඉහළ සිට පහළටම වගකිව යුතු නිලධාරින් නිදාගෙන ඉඳලා වගේනේ. (නි)

:       0       0

ධනුෂිකා Saturday, 11 October 2014 02:38 AM

මේක පිටිපස්සේ ෂුවර් එකටම සුපිරි හොර ඇමතියෙක් ඇති .පොඩි මිනිහෙක්ට මේ වගේ දෙයක් තනියම කරන්න බ කවදාවත් .(අ)

:       0       0

ධනුක Friday, 10 October 2014 11:20 AM

මේ කාර්යාලයේ විගණනය කියලා දෙයක් සිද්ධ වෙන්නේ නැද්ද? මුදල් වල ගිණුම් කටයුතු පරික්ෂා කරන්න කවුරුවත් නැද්ද? අදාළ නිලධාරීන් දැන්වත් හොයලා බලන්න (නි)

:       0       0

රංග Friday, 10 October 2014 11:24 AM

ආයේ අහන්න දෙයක් නැහැ. දේශපාලන ලැයිස්තුවකින් පත්වුණ කෙනෙක් වෙන්න ඇති. සුදුසුකම් ඇතුව පත්වුණ උදවියට මොකක්හරි චාරයක් තියනවා. (නි)

:       0       0

චාන්දනී Friday, 10 October 2014 11:50 AM

ටික ටික තම ගිණුමට බැරකර ගත්තා නම් සෑහෙන කාලයක් තිස්සේ මේ වැඩේ සිද්ධවෙලා. ඇත්තටම මේ ආයතනයේ වාර්ෂික ගිණුම් කටයුතුවත් නොකෙරන තැනක් වෙන්න ඇති. නැත්නම් තනි පුද්ගලයෙකුට මෙහෙම සුක්ෂම විදියට සල්ලි අදින්න පුලුවන්ද? (නි)

:       0       0

සුරංග නිරෝෂ් Friday, 10 October 2014 12:01 PM

ප්‍රාදේශීය ලේකම් කාර්යාල මඟින් තමයි තැපැල් කන්තෝරු වලින් ගෙවන විශ්‍රාම වැටුප් පාලනය වෙන්නේ.වැටුප්ලාභියෙක් මියගියාම තැපැල් කන්තෝරුවට එන එම මාසයේ වැටුප බොහෝවිට නියෝජිතයෙක් නම්කරලා තිබුනොත් ඔහුට නොදී සුක්ෂමව වංචා කරන්න පුළුවන්. මහජන ආධාර දීමනා, වැඩිහිටි දීමනා ගැන හෙව්වොත් තව වංචා කරන මුදල් ගැන හොයාගන්න පුළුවන් (නි)

:       0       0

සෝමදාස Friday, 10 October 2014 12:03 PM

පරිගණක තාක්ෂණය මඟින් බැංකු කටයුතු ක්ෂණිකව හා නිවැරදිව කළ හැකි නමුත් වංචනික පුද්ගලයන්ට අධීක්ෂණ නිලධාරින්ගේ නොසැළකිලිමත්කම ප්‍රයෝජනයට ගෙන මෙවැනි වංචනික ක්‍රියාවල යෙදිය හැකියි. (නි)

:       0       0

රවි Friday, 10 October 2014 01:26 PM

මට නම් විශ්‍රාම වැටුප් කන්තෝරු ගැන මතක් වෙන කොට ලේ කෝප වෙනවා. මුදල් කටයුතු ගැන විතරක් නොවෙයි මේවායේ වැඩ කරන ලිපිකාර භවතුන්ගේ නොහොබිනා කටවල් ගැනත් විගණනය කරනවා නම් අගෙයි. වැඩක් කර ගන්න මේ තැන් වලට ගියාම මහජනයා තුට්ටු දෙකට දාලා කතා කරන්නේ. (අ)

:       0       0

දයා අලහාකෝන් Friday, 10 October 2014 02:34 PM

මෙයට ඇතුලේ තව අය සම්බන්ධ ඇති (නදී)

:       0       0

පිටිගල Saturday, 11 October 2014 06:58 AM

අර හැමෝටම වදයක් වෙලා ඉන්න කඩේ යන පිස්සු කොලුවා ඉන්නෙත් ලංකාවේ වෙන්න ඇති නේද හර්ෂ? (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 160 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 149 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 957 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site