පොසොන් උත්සවය නිමිත්තෙන් කොළඹ නගරය ආශ්‍රීත ස්ථාන බොහෝමයක දන්සල් බොහෝවිය. කිරිබත්ගොඩ මාකොල පාරේ දුල්ෂාන් පෞද්ගලික ආයතනය බත් දන්සැලක් හා පළතුරු දන්සැලක් පැවැත්වීය.
12 වැනි වරටත් පැවැත් වූ එහි ව්‍යාංජන 12 කින් සමන්විත බත් දන්සලක්ද, පළතුරු වර්ග 12 ක පළතුරු දන්සැලක්ද රස වර්ග කීපයකින් සමන්විත අයිස්ක‍්‍රීම් දන්සලක්ද විය.
ජ්‍යෙෂ්ඨ අමාත්‍ය ඒ.එච්.එම්.ෆවුසි, නියෝජ්‍ය අමාත්‍ය ඩුලිප් විජේසේකර යන මහත්වරු දන්සැල විවෘත කිරීමට පැමිණියහ.
දුල්ෂාන් ෆැෂන් ආයතනයේ අධිපති කරුණා කොඩිතුවක්කු මහතා පැවැසුවේ මෙය තමන්ගේ පෞද්ගලික වියදමෙන් සිදු කරන බවයි. මේ සඳහා රුපියල් ලක්‍ෂ පනහකට වඩා මුදලක් වැය වූවත් ඉන් ලබන සතුට මුදලට වඩා වටිනා බවත්ය.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහජන මුදල් හොරාකන අයට ඔබතුමා ආදර්ශයක්.
මේ ලක්ෂ 50න් යුද්ධෙන් අවතැන් උනු අයට ගෙවල් 10 ක් හදලා දුන්නනම් ඔබතුමාට මීට වඩා පිං....
ඔබතුමාට වැඩි වැඩියෙන් ලැබේවා.....
ඔබ කරගත් මහගු පිනෙන් වැඩි වැඩියෙන් ලැබේවා....
වැඩේ නම් ලස්සනයි. ඉමහත් පිං.. නමුත් දොළොස් වාරෙකට ලක්ෂ 50 බැගින්... මැති ඇමතිවරැත් ආව...හ්ම්... හ්ම්....
මේ සල්ලි වලින් සල්ලි නැති පවුල් 20කට විතර ගෙවල් හදලා දුන්නා නම් කොච්චර ලොකු පිනක්ද?
ඔබතුමා වැනි උතුම් බෞද්ධයෙක් සිටීම පිළිබද ආඩම්බරයි. මේ දන්සැල් පුරුද්ද තියෙන්නේ ලංකාවේ විතරයි
එයාලට ගොඩක් පිං
සල්ලි තියනවනම් මොනව කරන්න බැරිද .මොනව උනත් වැඩේ හොදයි.
නූතන බෝධිසත්වයෙක්...
පුළුවන නම් රිජ්වේ ළමා රෝහලේ සැත්කම් වලට මුදල් නැතුව සිටින දුප්පත් දරුවන් කිහිප දෙනෙක්ට උදවු කරන්න.ඔබට ගොඩක් පින් ලැබෙයි
දන්සල් එපා වෙන සෝයා මීට්, පරිප්පු, ලුනු සම්බෝලේ සහ පෙගුන පපඩම් සංස්කෘතියෙන් මිදී වැඩක් කල ඒ මහතාට පින් .
බෙන්, කෙනෙක් හොද වැඩක් කළාම ඒක අගය කරන්න පුරුදු වෙන්න
පිනට කරපු දේවල් පෙන්නන්න එපා අයියා.කළ පිනත් නැතිවෙලා යයි
ලක්ෂ 50ක් කජ්ජක් නොවන බව දැනටමත් ඔය කැලණිය පැත්තේ ආචාර්‍ය දන්නවා ඇති. පරිස්සම් වෙලා හිටියොත් හොඳයි....
මීට වඩා හොද නැද්ද ඔය සල්ලි වලින් නැති බැරි අයට ඉන්න ගෙවල් 2ක් 3ක් හදල දුන්නනම්
කුසල් සිතට නැඹුරු වන පුද්ගලයා මුදල් පසුපස නොයයි
කොතරම් අඩුපාඩු තිබුණත් හිතේ ලැදියාවෙන් කෙනෙකුට කන්න දෙන්නේ සිංහලයා විතරයි
සල්ලි තියෙන අයට කරන්න දෙයක් නෑ වගේ.අනේ මහත්තයෝ, ඔබතුමා දන්නවද තවමත් මේ පුණ්‍ය භුමියේ නිවාස නැති කී දෙනෙක් ඉන්නවද කියලා?
වැඩේ හොදයි.ඒත් මේ මුදලින් ගෙයක් දෙකක් හදලා දුන්නනම් කාටහරි ඒ ගැන හිතලා ජීවිත කාලෙම සතුටු වෙන්න තිබුණා
බොහොම හොද වැඩක්.ඒත් මෙච්චර වියදම් කරලා ඇමතිවරු ගෙන්නලා මෙහෙම කරද්දි අපිට දෙපාරක් හිතන්න වෙනවා. මොකද මීයක් කඩන්නේ අත ලෙව කන්න නෙමෙයිනේ
ඔබ තුමාට වැඩි වැඩියෙන් ලැබෙන්න ඕනි
මේ සල්ලි වලින් දුප්පතුන් 10කට ගෙවල් 10ක් හැදුවනම් ඒවා ඔහුගේ මරණින් මතුත් ඉතිරි වී තියෙයි.නමුත් ආහාර රැදී තියෙන්නේ එක් දිනක් පමණයි
සේවකයන්ට දෙන මාසික වැටුප ටිකක් වැඩි කරල දෙන්න.එහෙමත් නැත්නම් පොසොන් එකට බෝනස් එකක් වත් දෙන්න. මොන දන්සල දුන්නත් ඒ අය වැඩ කලොත් තමා හැමදෙයක් ම. කොහොම උනත් මමත් ඒ පින අනුමෝදන් වෙනවා. සාදු......
තමන්ට පුළුවන් විදියට දන්සැල් දෙන එක අගය කළ යුතුයි.කුමාරි මොනවද දීලා තියෙන්නේ?සෝයා මීට්, පරිප්පු, ලුනු සම්බෝලේ සහ පෙගුන පපඩම් කන්න නැති අයත් අද රටේ ඉන්නවා
ගොඩාක් හොද වැඩක්. ඊටත් වඩා හොදයි ගෙයක් වගේ දෙයක් ඒ මුදලින් කලා නම් නේද?
ජීවිත කාලෙදි කරපු පිනක් විතරයි ඉතුරු වෙන්නේ.ඔබට ජය
මේ පින් බලෙන් ඔබටත් ඔබේ දෙමාපියන්ටත් යහපතක්ම වේවා!
ඔය ලක්ෂ 50න් දන්සැලක් දීලා ප්‍රසිද්ධියක් ලබා ගන්නවට වඩා හොද නැද්ද රුපියල් 2500 ගාණේ දුප්පත් පවුල් 2000කට දීලා මහත් පිනක් ලබා ගන්න එක
මේක හොඳ වැඩක් ,ප්‍රසිද්ධ වෙන්න .නමුත් ලක්ෂ 50 කින් මීට වඩා කොච්චර හොඳ පිනක් කර ගන්න තිබුණද...සැමදා පවතින්න.
චන්දිම මහත්මයා, මම හිතන්නේ ඔබතුමාට ව්‍යාපාර සම්බන්දව දැනීමක් නැහැ කියල. මෙහි පැහැදිලිව කියල තියෙනවා ඔහුගේ පුද්ගලික දානයෙන් කියල
ඔබ සියලු TAX වලින් නිදහස්.........
මොන හොද වැඩේ කළත් අකුල් හෙලන මිනිසුන් ඉන්නවා.. මේව කරන්නෙ ඒ අයගෙ සද්ධාවෙන්. ඔයාල යෝජනා කරන දේවල් ඔයාල කරන්න. එහෙම හොදයි නේද? කටින් බතල හිටවන්න එපා..
ඔබ තුමාට බොහොම පින්,,,ඔබෙ අයතනයටද හොදක්ම සිද්ද වෙවා!
කවුරුහරි හොඳ වැඩක් කරාම ඒකෙත් මොකක්හරි අඩුවක් කියන්ට මොන තරම් කට්ටිය ඉන්නවද? ඒ ගැන නම් කලකිරෙනවා!
ලංකාවේ ඉන්න ලොකු සල්ලිකාරයින්‍ට මේව හොඳ පාඩම්..මෙන්න වැඩ..ඔබට තෙරුවන් සරණයි.
දන්සැල් ලග ෙපාලිම් වල ෙසාපාකලා සතර අමා ගිනි නිෙවනාදා සුදහ ගින්දරේ බලා හිදින්ෙනා.
චේතනාහං භික්කවේ කම්මං වදාමි චේතයිත්වා කම්මං කරෝති කායේන වාචාය මනසා ''මහණෙනි, චේතනාවම කර්මය වෙයි"
අන්තිමේ අරන් යන්නේ අපි කළ පින් විතරයි
මේ සසරෙන් එතෙර වීමට නම් තමාම තමාගේ ගැළවුම් කාරයා විය යුතුය
දෙන දේ අත දිගෑරල දෙන කෙනාට තමා පින වැඩි. ඔබ එය කරගෙන තියෙනවා. එකෙ තේරැම ඔබ විශාල මුදලක් අතහැරියා කියන එකයි. අතහැරීම තුල තමා සතුට වැඩි. ලබන සැරේ ඔය මුදලින් පවුල් 4 - 5 කට නිවාස හදල දෙන්න. ඔබට තවත් කුසල් රැස්වේවි. ඔන්න මමත් පින් අනුමෝදම් වුනා.. සාදු සාදු අනුමෝදාමි ! තෙරුවන් සරණයි !
ගොඩක් පිං.
බොහොම හොඳ ක්‍රියාවක්. ඡන්දෙ ඉල්ලන්න අදහසක් එහෙම තියනවද දන්නෑ !!!!
සුජිත් නිශාන්ත හේවගේ මහතා වෙත මේ පුද්ගලයා මානසික අබාධයකින් පෙළෙන්නෙකි. ඔහු සමහර විට අසභ්‍ය වචන කොමෙන්ටු වල සඳහන් කරයි. අසභ්‍ය ලිංගික දේ කියමින් කාන්තාවන්ට විද්‍යුත් තැපැල් පණිවිඩ යවයි. එසේම ඔහු තමාගේ දුරකථන අංකයද කොමෙන්ටු වල සඳහන් කරමින් මානසික උපදේශනයේ දී සිටියි. යම් දිනක ඔහු අතින් රෝගියෙකුට අතවරයක් සිදු වුහොත් ඔබලාගේ මාධ්‍යටද යම් දිනක නරක නාමයක් එනු ඇත. මේ පිළිබඳව සලකා බලන්න. සත්‍ය ඇති සැටියෙන් පවසන මේ කොමෙන්ටුව ගැන සිතන්න
එක එක්කෙනා පින්කරන ක්‍රමය වෙනස්. ඒ මහතාගේ කැමැත්ත දන්සැලක් දී පින් කර ගැනීමයි. ඒ ගැන විවේචනය කිරීම සුදුසු නැහැ. බුදුන්ගෙ කාලෙත් වෙනසක් නැහැ. අනේපිඩුසිටු තුමා ජේතවන කුමාරයාගෙන් ජේතවනාරාමය සෑදීමට ඉඩම ගත් සැටි බලන්න. ඒ මුදලින් දුප්පතුනට ගෙවල් හදලා දෙන්න කියා බුදුන් වහන්සේ අනේපිඩුසිටු තුමාට කියා නැහැ. ජේතවන කුමාරයා අසාධාරණ ලෙස මුදල් ගත්තා කියා දේශනා කලේත් නැහැ.
මේ සල්ලි වලින් ගම්බද දරුවන්ට පොත්පත් ටිකක් දුන්නනම් හොද නැද්ද?
හොද මහත්ම ගතිගුණ ඇති මහත්මයෙක් ඔබට සුභ අනාගතයක්..
දන්සැල් දෙන එක හොදයි තමයි.. ඒත් ඒක අර්ථවත් වෙන්න ඕන.. හොදට ගෙවල්වල කන්න තියන උදවිය විනෝදෙට ඇවිත් කනවා.. ඒක් ඇති ආනිසංසයක් නැහැ. කන්න බොන්න නැති අඩුපඩු තියෙන අය බඩගින්න නිවන එක තමයි නියම දානයක් වෙන්නෙ... නැත්නම් නියම භක්තියෙන් වන්දනාවෙ යන අයට මහන්සිය දුරැවෙන්න කෑම දෙන්න ඕන.. මේකෙ ආනිසංසවලට වඩා ගොඩක් අය කියනවා වගේ බම් අගලක් නැති අසරණ පවුලකට ගෙයක් හදල දුන්නනම් ඒ මිනිස්සු ජීවිත කාලෙම පිං දෙනවා...
මෙන්න කරනවනම් වෑඩ
හොඳ දේ කවුරු කළත් හොඳයි.අනේ ගොඩාත් හොඳ පින්කමක්..සාදු සාදු සාදු
චේතනාව හොඳනම් ගොඩක් පින්....
මීට වඩා හොද නැද්ද දුප්පත් ඉගෙන ගන්න දක්ෂ ළමයින්ට උදව් කරානම්
දැන්වත් මිනිසුන් මිනිසුන් ලෙස සිතන්න පෙලබෙන්නේ නම් කෙතරම් අගනේද,ඔහු ගේ ක්‍රියාව ඇත්තක් නම් අපිද අගේ කරමු.නමුත් පසුව මහා භාණ්‌ඩාගාරයෙන් මුදල අතයටින් ලැබේනම්.......
මෙන්න ආදර්ශමත් දන්සැල්...මේවා හොඳට හිතට ගන්න.
දුල්ෂාන් ෆැෂන් ආයතනයේ අධිපති කරුණා කොඩිතුවක්කු මහතාණෙනි වටින පිනක් කරන්න අනිත් අයටත් ආදර්ශයක්.. ඔබට බුදු සරණයි...
වෙන කොයි රටේද මෙහෙම එව, කව, බොව කියල කන්න බොන්න දෙන්නේ? අපේ ශ්‍රී ලංකාවේ ඇරෙන්න, මහා පින්කමක්, සාදු, සාදු
දුප්පත් පවුලකට නිවසක් ඉදිකර දුන්න නම් මීට වඩා පළදායී සේවයක් වෙනවා,ඉතා උතුම් මහත්මයෙක්. ඔබට දීර්ඝායු වේවා !
හොඳ වැඩක් මෙයට සහය උන සියල්ලන්ටම පිං ලැබේවා..!
ඉතා හොද වැක්.. කරගෙන යන්න. බුදු සරණයි.!!!
මේ ලක්ෂ 50 වියදම් කරලා ගෙවල් 10ක් හදල දුන්නනම් මීට වඩා පිං.
මම හිතන්නේ නම් වියදම් උණ මුදලින් දුප්පත් පවුලකට නිවසක් ඉදිකර දුන්න නම් මීට වඩා පළදායී සේවයක් වෙනවා.. එහෙම කෙනෙක් ඔය පැත්තේ නැත්නම් අපේ රටේ ඕනතරම් ඉන්නවා.. ඉල්ලන්න කෙනෙක් නැති දුක කියන්න කෙනෙක් නැති හදවතින් හඩා වැටි වැටී ඉන්න ජීවිත්වෙන්න මහ පොළොවෙ අගලක් උරැම නැති අසරණ පවුල්.. එවැනි සත් ක්‍රියාවක් කළොත් ඔබගේ මුළු ජීවිත කාලයටම දකින්න ලැබෙනවා. එය දකින වාරයක් පාසා ඔබේ සිත සතුටු වෙන නිසා හැම මොහොතක්ම පාසා ඔබට අත්වන කුසල් අනන්තයි. අප්‍රමාණයි. මතු උපදින ජාතිවලත් ඔබ ධනවතෙක් වෙයි..එසේම වේවා!
මේක හොදයි. ඒත් හැමෝටම සල්ලි නෑ.. දුප්පත් අසරණ පවුලක් අධ්‍යාපනය දී නගා සිටුවන්න කටයුතු සිදුකළානම් මීට වැඩිය හොදයි නේද?
මෙයා වැඩ කරන ගෑනු ලමයින්ට පඩි දෙන්නැති එක්කෙනෙක්. ඒ ළමයින්ට පඩි වැඩි කරන්න.
අපිත් හරි ආසයි දන්සල් වදින්න. පිට රට ඉන්නකොට තමයි මේවයෙ අගේ දන්නෙ. හොද වැඩක්...
ඔබ තුමාට වැඩි වැඩියෙන් ලැබේවා..........
සතුටට වැඩිය ඔබට ලැබෙන පින උතුම්.. කවදා හරි හැමදේම දාල යන දවසට ඉතුරැ වෙන්නෙ ඒක විතරයි..
හොඳ මහත්මා ගති ඇති මහත්මයෙක්....ඔබට සුභ අනාගතයක්...
හිත ගිය තැන මාලිගාව කියන්නෙ මේකටනේ...
වැඩි වැඩියෙන් ලැබේවා... බුදු සරණයි
වැඩි වැඩියෙන් ලැබේවා මේ කරන පින්කම් වලට..
මහත්මයාණෙනි ඔබට බුදුන් දැක නිවන් දකින්න පින් ලැබෙනවා.
නුඹට සහ පවුලේ අයට නිදුක් නිරෝගී සහ දීර්ඝායුෂ ලැබේවා..
මේ ආකාර මිනිසුන් මේ මව්බිමේ තව තවත් ඉපදේවා.. සාදු... සාදු..සාදු...
ගෙවල් 10 ක් හදල දුප්පත් මිනිස්සුන්ට දෙන්න ලබන අවුරුද්දේ...ගොඩක් පින්..
ඔබතුමාට බොහොම පිං මේ කරන උතුම් ක්‍රියාවට.
බොහොම පින්......
ඉතා උතුම් මහත්මයෙක්. ඔබට පින්.
මෙන්න නියම බෞද්ධයෝ... ඔබට පින්.. දීර්ඝායුෂ ලැබේවා...
මිහිදු මහරතන්වහස්සේ ලංකාවට වැඩමකරලා දේශනා කළේ මීට වඩා උතුම් ධර්මයක්..
අද උදේ මාකොල පාරෙ මේ දන්සැල පැවැත්වුණු තැන කිලෝමීටර් දෙකක් විතර දුරට පාර දෙපැත්ත කඩදාසි පිගන්, පළතුරැ කෑලි ගෙවල්වල මිදුල්වලත් දාල ගිහිංත දන්සැල් කන මිනිසුන් තමන් ගැන විතරක් හිතල පරිසරය අපවිත්‍ර කරන්නේ ඇයි?
නියම ධානපතයෙක් ,වැඩි වැඩියෙන් ලැබේවා....
මෙම මහත්මයා බුදුන් දැක නිවන් දකීවා...බුදු සරණයි....
බුදුහාමුදුරුවොත් කිවුවට දානය උතුම් දෙයක් කියලා ඔහොම පෝළිම් හදලා ඇයි මහ මග කන්න දෙන්නේ? ඔය පෝළිමි වල ඉන්න අයගෙන් 95%ක්ම හොදට කන්න තියෙන අය ඉන්නේ.ඒ නිසා හිතලා බලලා අරුත් ඇති දෙයක් කෙරුවනම් නේද හොද?
ඉතා දුර්ලභ පවුලක්..
සෞඛ්‍ය ඇමතිතුමත් ඉන්නෙ..
සාදු සාදු සාදු ..තව තව වැඩි වැඩියෙන් පහළවේවා .සැමට දිර්ඝායු .
ඔබ කරගත් පින සතුටින් අනුමෝදන් වන අතර, සුහද සිතින් යෝජනාවක් කරන්න කැමතියි. සමහර විට මෙය ඔබ අතින් මීට පෙර සිදු වෙලාත් ඇති. ටිකක් වැඩිපුර සල්ලි අතේ ගැවසේ නම්, දිව පිනවා පසුදාම පසට එක්වෙන ආහාර වලින් මිනිසුන්ට සැලකුවාක් මෙන්ම , රටේ තියෙන දුප්පත් පාසල් කිහිපයකට පොත්පත් ටිකක්, රජයේ රෝහල්වලින් නොකෙරෙන ප්‍රතිකාර වලට මුදල් හිඟය නිසා පිළියම් නැතිව සිටින කුඩා දරුවෙකුට පිළිසරණක්, එසේ නැතිනම් වෙනත් ඒ වගේ පින් කමක් කලොත් එය ඔබට මීටත් වඩා මහත්ඵල මහානිසංස වෙන බව නිසැකයි. දිළිඳු පවුල් වලට ගෙවල් හදාදීම නම් මමත් එතරම් ප්‍රමුඛතා කරුණක් හැටියට දකින්නේ නැහැ, මොකද තම පවුලට ඉන්න හිටින්න තැනක් සපයාදීම අනුන් කරන තුරු නොසිට කරගැනීමට පවුලක් ගොඩනගා ගැනීමට පෙර මිනිසුන් උනන්දු විය යුතු නිසා.
ගෙවල් හදල දුන්නනම් හොදයි හැබැයි මේ තරම් ප්‍රචාරයක් ලැබෙන්නේ නැති වේවි..
ඔහු සැබෑ වනුෂ්‍යයෙක්.. ඔහුට දීර්ඝායුෂ ලැබේවා. මේ මුදල් දුප්පත්ම මිනිස්සු 100කට 50000 ගානෙ අවුරැද්දකට එක වතාවත් දෙනවනම් ඒ මිනිස්සු ජීවිත කාලෙම කෑම කයි කියල හිතනව. එක එතුමට සදා කාලික සතුටක් වෙයි. එතුමට බුදු සරණයි...
එතුමාට දීර්ඝායු වේවා !
නමෝ බුද්ධාය! යහපත් චේතනාවෙන් කරන්නාවූ දෙය මහත් පල මහානිසංශ වෙනවා. මෙතුමාට ගොඩක් පින් ලැබේවා !
මාර දන්සැලක් කලින් දන්නවනම් අපිත් යනවා.....
සන්ජීවගේ අදහස් මම අනුමත කරනවා.අද කාලේ අනවශ්‍ය වියදම් අවම කරගත යුතුයි
දුල්ශාන් ෆැෂන් එකේ බඩු ගණන් ,හැබැයි වැඩේ නම් නියමයි...
ගොඩක් පින් අතේ වැඩක්.. නමුත් මීට වඩා සතුටක් ලබන්න පුළුවන් වැඩ ගොඩ්ක් කරන්න පුළුවන් ඔය සල්ලිවලින් ... අපේ ලංකාවෙ අසරණ නැතිබැරි මිනිසුන්ට උදව්වක් කරලා..
ඔබට සැමදා ජය නියතයි මහත්මයෝ...වැඩි වැඩියෙන් ලැබෙවා...
ඔබ තුමාට ගොඩක් පින්. අපි හම්බකරන දේවල් වලින් අපිත් මොනවහරි කරන්න ඕන.එතකොට තමයි තව ලැබෙන්නේ...
සාදු සාදු සාදු !!! .............
ඔබගේ ව්‍යාපාර කටයුතු තව තවත් දියුණු වේවා .අන් අය මෙය ආදර්ශයට ගනිත්වා.....
ගෙවල් නැති අයට ගෙවල් 10 ක් හදල දුන්නනම් ඔබ තුමාට ජීවිත කාලෙම මීටත් වඩා සතුටු විය හැකියි....
ඔන්න දෙනවනම් දන්සැල්....හිතටත් සතුටුයි.පිනත් වැඩියි...
ලක්ෂ 50ක් නෙවෙයි අඩුම ගානෙ රැපියල් 50ක් වත් දෙන්නේ නැති අය මේ වගේ කතා කියන්න එපා.. තෙරැවන් සරණයි.
හිමීට මදිගොඩටයි අත දාන්නේ. හා හා බලාගෙන.
බඩගින්න දුප්පත් පෝසත් කාටත් එකයි.දන්සැලකට යන්නේ හොදට කාලා බඩ පුරෝගන්න.හැමදාම දන්සැල් නෑනේ
ඔබ තුමාට වැඩි වැඩියෙන් ලැබෙන්න ඕනි.
ඔබ මනුස්සකම ලොවට කියාදෙනව වගේම අනුන්ගෙ දුක දන්න කෙනෙක්.. දීර්ගායුෂ ලැබේවා.. බුදු සරණයි!!