යුරෝපා එජාප සංවිධානයේ පැරිස් ශාඛාවේ මහ සභා රැස්වීම පැරීසියේදි පැවැත්විණි. මෙම සභාවේදි නව රජයේ අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතා හා යුරෝපා එජාප සංවිධානයේ සභාපති දයා රණතුංග මහතා ශ්‍රී ලංකාවේ සිට ස්කයිප් තාක්ෂණය ඇසුරෙන් පැරිස් ශාඛාව ඇමතීය.
පසුගිය ජනාධිපතිවරණයේදී යහපාලනය හා ප‍්‍රජාතන්ත‍්‍රවාදය වෙනුවෙන් ඒකරාශීවූ යුරෝපා සංවිධානයේ පැරිස් ශාඛාවේ සමාජිකයන්ට ස්තුතිය පුදකර එම සංවිධාන එකමුතුවට ශක්තිය ලබාදීමට හැකිවීම ගැන සංවිධානය වෙනුවෙන් සතුට පළ කරන බවද එහි සභාපති රොහාන් දයාදර මහතා පැවසීය. යෝජනා ඉදිරිපත් කිරීමේ වාරයේදි සියලූ දෙනාගේ ඉල්ලීමක් වුයේ නව රජයේ ද්විත්ව පුරවැසිකම සදහා අය කරන ලක්ෂ පහක මුදල ගැනය. ඒ සඳහා විකල්ප යෝජනා කිහිපයක් අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා වෙත යොමු කිරීමට යුරෝපා සංවිධානයේ පැරිස් ශාඛාව පොරොන්දු විය.
යෝජිත ලක්ෂ පහේ සීමාව ඔවුන්ට දැරීම අසීරුය. පවුලේ දෙමාපියන්ගේ මාසික වේතනය විවිධ කටයුතුවලට වැය වන බැවින් එවැනි පවුලක් මාස අටකට පසු නිවාඩුවට තෝරා ගන්නා තම මව් බිමට යාම සඳහා සියලූම වියදම් ඇතුළුව මසක නිවාඩුවට අඩුම තරමින් ලක්ෂ දහයක්වත් වැය කිරීමට සිදුවේ. එවැන්නෝ දහස් ගනනකි. ඔවුන්ගේ නිවාඩු කාලය මව් බිමට කෝටි ගනනක් විදේශ මුදල් එක් කරන කාලයකි. ඉතුරු සොච්චමෙන් ද්විත්ව පුරවැසිකම ලබා ගැනීම ඉහත පවුලකට සිහිනයක්ම පමණි.
අනෙක් කරුණ හැත්තෑව, අසූව දශකයේ විදේශ ගත බොහෝ දෙනා විශ‍්‍රාම සැඳෑවට දැන් ළඟා වෙමින් සිටී. ඔවුන් බොහෝ දෙනා තම මව් රටේ විශ්‍රාම සුවයෙන් ජීවත් වීමට කැමතිය. එසේ වුවෝත් ඔවුන් වැය කරන්නේ විදේශ මුදල්ය. එයද රටට සම්පතකි. මෙම පුරවැසි මුදල දැරීම එම විශ‍්‍රාමිකයන්ටද අසීරුය.
ඔවුන්ගේ ඉල්ලීම වන්නේ ලක්ෂ තුනක පමණ සාධාරණ මුදලක් අය කිරීම දෙපිරිසටම සමබර බවයි. සංචාරක ගමනාගමනය හා අධ්‍යාපනික හේතු විදේශ පුරවැසිකම ලබා ගැනීමේ ප‍්‍රධානම අරමුණවේ. එසේ වුවද සිතින් ගතින් දෙකෙන්ම ඔවුන් මව් බිමේය. විදේශයේ බෙහෝ ශ්‍රී ලාංකික දරුවන් විවිධ ක්‍ෂේත‍්‍රවල ඉතා ඉහළම අධ්‍යාපනය අවසන් කළ දරුවන්ය. ඔවුන්ගේ ශිල්ප ඥානය ලබා ගැනීම රටට යහපතක් මිස අයහපතක් නොවන්නේය. විදේශ පුරවැසිකම් හිමි ශ්‍රී ලාංකිකයෝ වැඩි ප‍්‍රතිශතකයක් මෙම අපහසුතාවයට අසුවේ. සුපිරි මන්දිර බද්ද ප‍්‍රතිශෝධනය කළේ නම් පුරවැසි ඉල්ලීමට එසේ නොවන්නේ මන්ද යැයි අගතියට පත් වුවෝ අසති. එවැනි වාද විවාද වලින් පසු ඉහත කරුණු ඇතුළත් ලිපියක් අගමැතිට හා මුදල් ඇමතිට යොමු කිරීමට සියල්ලෝ කැමැත්ත පළ කළහ.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මමත් එකඟවෙනවා මහින්ද එක්ක. (නි)
මේ ලක්ෂ පහ අයකිරීම ඉතා අසාධාරණයි. මෙම ඉල්ලීම සාධාරණයි. (නි)
එදා ඉඳලා යහපාලනයක් පැතූ අපිටමනේ ගහන්නේ. (නි)
ලක්ෂ 5ක් කියන්නෙ පොඩි ගානක්ද! හම්බකරන තුට්ටු දෙකත් එවලා ඒ මදිවට තවත් නැති සල්ලියක් ඉල්ලනවා. (නි)
අපේ රටින් සල්ලිවලට ගිය අය මෙහෙම රට එන්න දුක්විඳිනවා නම්, හොරෙන් බෝට්ටු වලින් ගිය අයට මොකද වෙන්නේ? ඒ අය මේ අයට වඩා පව් නේද? මේ ඉන්න අයට නම් සල්ලි තිබෙනවා. කන්න තිබෙනවා. ඉන්න තැන් තිබෙනවා. රැකියා තිබෙනවා. නමුත් රට සිහින මවාගෙන බෝට්ටුවලින් ඉතාලියට ගොස් ඕස්ට්‍රේලියාවට දුක් විඳගෙන ගිය අයට පිහිටක් වෙන්න. ඒ අය ඉන්නේ අසරණ තත්ත්වයක. (නි)
මේකේ අදහස් දාන සමහරු මෙලෝදෙයක් දන්නේ නැහැ (නි)
මෙම පුරවැසි බද්ද ලක්ෂ දෙක කරන්න. එම මුදල සාධාරනයි. (නි)
ලක්ෂ 5 වැඩි නම් ගන්න එපා. ලංකාවේ නිදහස් අධ්‍යාපනයෙන් නොමිලේ ඉගෙනගෙන පරදේශක්කාරයන්ට මහලු වෙනකම් වැඩකරලා දැන් එනවා අන්තිම කාලේ රෝගී වුණාම ලංකාවේ රෝහල් වලින් නොමිලයේ බෙහෙත් ගන්න. ඔය හිටි දිහාටම වෙලා හිටියා නම් හොඳයි. ලක්ෂ 5ක්වත් ගෙවාගන්න බැරි අය අපිට එපා (නි)
ඇත්ත. මේ ගණන බොහොම වැඩියි (නි)
පිවිතුරු යහපාල, ඔය කතාව ඔයාගේ ලොක්කගේ පවුලටම නියමටම ගැළපෙනවා. නිකන් මෙතන ලියන මිනිසුන්ට අපහාස කරන්න කලින් ගණන් කරලා බලන්න එතන පරම්පරා ගානක කීදෙනෙක් පිටරටද කියලා. (නි)
ඇමෙරිකාවේ පුරවැසිකම ගන්න වැයවෙන්නේ මීට වඩා අඩු මුදලකි. (නි)
අනේ පිවිතුරු යහපාල, තමන්ගේ ඇහේ පොල්පරාල තියාගෙන අනුන්ගේ රොඩ්ඩ ගැන කියවන්න එපා. (නි)
පිටරට ඉන්න ශ්‍රී ලාංකිකයින් ගස් වලින් කඩලා සල්ලි හම්බකරනවා කියලනේ සමහරු හිතාගෙන ඉන්නේ. ඇමරිකාව, ඕස්ට්‍රේලියාව, යුරෝපයට සංක්‍රමණය වුණ අයට වෙනස හොඳට තේරෙනවා ඇතිනේ. (නි)
මමත් ජිවත් වන්නේ ප්‍රංසයේ . රැකියව කරන්නේ ප්‍රන්සයේ , ලක්ෂ 5ක් මෙහි රැකියා කරන අයට ලොකු ගණනක් නොවේ , සමහරුන්ට මාසික වැටුපක් , එය ලෙහෙසියෙන් ගන්නට ලැබිම ලොකු දෙයක් , එපමණයි , තම ජිවිත කාලයටම එක මාසික වැටුපක් මෙයට වෙන් කිරීම අපහසු දෙයක් නොවේ (අ)
අපිත් රට සල්ලි ලංකාවට යවලා හයිබ්‍රිඩ් වාහනයක් ගන්න බලාපොරොත්තුවෙන් හිටියේ. ඒත් හයිබ්‍රිඩ් හීනයක් වෙලා ගියා (නි)
අනේ මෙන්න මේ රෝයි කියන විදිහට වැඩේ කරන්න! අපිත් වැඩ කරන්නේ එය කියන විදිහට තමා! මේ රටේ ඔක්කොමත් එහෙම තමා කරන්නේ! (අ)
රටේ සල්ලි හොරකම් කළේ අපි නෙමෙයිනේ. ඇයි ඒවා අපෙන් අයකරගන්න හදන්නේ? (නි)
අපි ශ්‍රී ලංකාවේ ඉපදුනේ .අපිට මොකටද තව රටක පුරවැසිකම .කොහේ සිටියත් අපි නම් ලංකාවේ පුරවෙසියන් .දුන්නනම් කන්නලා. (අ)
ඔයාල 8 වැනිදා ඡන්දය දෙන්න ඇවිත් නැතිව කැමැත්තෙන් නැතිකරගත් පුරවැසි බව අඩු මුදලට ඉල්ලනවා. රට තුල ඉදන් ඡන්දය දීපු ජනතාවට අවශ්‍යයි දිනසීයේ වැඩපිළිවෙල ක්‍රියාවට නංවන්න. එම නිසා යුරෝපයේ ඇමරිකාවේ පුර වැසියන් වන ඔබලාගේ ප්‍රශ්න දින සියයෙන් පසුව ඉදිරිපත් කරන්න. (අ
හෙඳ ඉල්ලීමක්
ඉතාම සාදාරණ ඉතාම වැදගත් යෝජනාවක් අපගේ නොමද සහය එක පාරටම ලක්ෂ 5 දක්වා අය කරගන්න තීරණය ඉතාම අදූරදර්ශී අන්තවාදී තීරණයක් විශාල අයතා මුදල් පරිහරණයකට මාන බලමින් සිටින කූඨ තීරණයක්. ද්විත්ව පුරවැසි කම ලබා ගන්නෙ ශ්‍රී ලාංකිකයෝ ය යන්නත් අමතක වෙලා නේද? විදේශ රටවල රැකියා කරන රට ගැන හැගීමක් ඇති අයට ඉදිරියෙදි රට වෙනුවෙන් තව ගොඩක් තීරණ යෝජනා ගන්න සිදුවෙනව නියතයි. (අ)
කුම්බලා කටු කෑවනම් විඳවපන් බළලෝ.(අ)
ඉතාම හොඳ යෝජනාවක් (අ)
මේ අයට ලැජ්ජාවක් තියෙනවද ? කලිසමක් ද අඳින්නේ ?(අ)
යුරෝපේ පුරවැසි කම අරන් ඉන්න අයට ලක්ෂ 5 වැඩි නම් අනේ මන්ද.... ?මම කියන්නේ එක සාධාරණයි යුරෝපේ පුරවැසි කම ගත්තා නම් ලංකාවේ පුරවැසිකම ගන්න ලක්ෂ 5 මොකක්ද ? යුරෝපේ ඉදල ලක්ෂ 5 වැඩි කියනවා නම් පුරවැසිභාවය ගන්න ලංකාවේ විතරක් පුරවැසිභාවය තියන මිනිස්සුන්ට දෙයියන්ගේම පිහිටයි. (අ)
අදහස් ටික බැලුවම පිටරට ඉන්න ජනතාවට ලොකු පාඩමක් ඉගෙන ගන්න තියෙනවා. (ර)
මාලක,පිවිතුරු යහපාල තමයි එහෙනම් පෝළිමේ මුලටම ඉන්නේ.ඒත් ඉතින් 60 පැනලා නිසා වීසා දෙයිද මන්දා....? (නි)
කුමාර් මහත්තයෝ, ඔබතුමාත් මැදපෙරදිග සිටින නිසා මෙතන දැන් ඔහොම කියනවා. ඔබතුමා බටහිර රටක සිටියා නම් ඔවැනි කතා කියයිද....? (නි)
පිවිතුරු යහපාල බන්දුල පෙරේරාට ජයවේවා! (නි)
පුරවැසිකම සල්ලි වලට මොකටද ...!(හේ)
පුරවැසි බව නැති කරෙගන රට යන්නේ රටට අාදරයකට නොවෙයි. පසුගිය වසර 02 තුළ අවම වශෙයන් වැටුප මෙන් 10 ගුණයකවත් මුදල් ලංකාවට ඵවා නැත්නම් ගාස්තුව සමග තවත් රුපියල් මිලියනයක පමණ දඩයක් පැනවිය යුතුයි (අ)
මේ අයටට ලක්ෂ කීයක් වුණත් දීල පිටරට යන්න පුළුවන්, තමුන්ගේ රටට ලක්ෂ 5ක් ගෙවන්න බැහැ. (අ)
අනේ ඕව අපට ඕන ද ? (අ)
නිකන් වත් අපට එපා ......!!! (අ)
නීලවීර ප්‍රංශය, මහත්තයෝ ඔබතුමාට ප්‍රංශයේ ලොතරයියක්වත් ඇදුනද...? මම ජීවත් වෙන්නෙත් ඔය රටේම තමයි.අපි කිසිකෙනෙකුට ණය නොවී,කරදරයක් නොවී ගෙයක් දොරක් ( හැබැයි මැරෙනකම්ම ගෙය බැංකුවේ උකසට යටවී ඇත ) හදා ගෙන ජීවත් වෙනවා තමයි.නමුත්,ඔබතුමා කියනා ආකාරයේ සුර සැප විදීමටනම් අපිට හැකියාවක් නැත.එනිසා මුසාවාද කීමෙන් වලකින මෙන් ඔබතුමාගෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමි.
මම මීට මාස දෙකකට පෙර අනුරාධපුර සරසවි සිසුවෙකුට කොන්දේ සැත්කමක් වෙනුවෙන් පරිත්‍යාගයක් කළා. ඒ දරුවා ඉන්දියාවට ගොස් සැත්කම සාර්ථකයි කියා මට පින් දී පණිවුඩ එව්වා. මට කීමට අවශ්‍ය අපි ලංකාවෙන් පිටවුණ නිසාමයි එවන් උදව් කරන්ට හැකි වුණේ. අපි ඉතිරි කරන සතයක් පාසා එවන්නේ ලංකාවේ අපේම අය ජීවත්කරන්න. ලක්ෂ 5 ක් එකවර ගෙවනවා කියන්නේ යුරෝ 3500 ක්. (නි)
මේ වගේ මිනිසුන් ඉන්න රටකට වීසා ගන්න මම නම් ලක්ෂ 5ක් තියා සත පහක් ගෙවන්නේ නැහැ. සල්ලි කොච්චර තිබුනත් මේ වගේ අය එක්ක නම් ජීවත්වෙන්නේ මොකටද? (නි)
පොඩ්ඩක් හිතන්න. පුරවැසිබාවය සිංහලයන්ම විතරක් ඉල්ලන දෙයක් නෙමෙයි.වෙනත් රටවල් වලින් අපේ රටට ඇවිල්ලා ඉන්න විජාතිකයනුත් ඉල්ලනවා. එතකොට මේ ගණන නිවැරදියි නේද? (නි)
මෙතන තාමත් බඩ පිනුම් ගහන්නේ කවුද? (අ)
ලක්ෂ 5 ක් මදි. 10ක් ගන්න ඕනෑ. මේ අය ලක්ෂ ගණන් හම්බකරලා පිස්සු නටනවා. ලංකාවට ටිකක් දෙන්න බැහැ. ඔක්කොම නිකන් තමයි ඉල්ලන්නේ. (නි)
ලක්ෂ පහට නහයෙන් අඬන්නේ නැතුව ඔය රටටම වෙලා හිටියොත් නරකද? අනික පිටරට පුරවැසියන්ට මොන ලංකාවේ දේශපාලනයද? අර ඇමරිකන් පුරවැසියෝ ටික අපේ රටට කළ හරිය මදිද? (නි)
රට වෙනුවෙන් ලක්ෂ පහක් වියදම් කරන එක මහා ලොකු දෙයක් නෙමෙයිනේ. (නි)
අනේ කළණ, ඔයා දන්නා ටද්? අපි මෙහෙ ඇවිල්ලා කීයක්නම් සල්ලි ලංකාවට එවනවද කියලද හිතන්නේ. ඒවා නිසා තමයි ඔයාලා ඔය සතුටින් ඉන්නේ. ඉතින් අපිට කියන්නේ අපේම රටේ පුරවැසියෝ වෙන්න ගෙවන්න කියලද? (නි)
ඉන්දියාවේ පුරවැසිකම ගන්නත් යන්නේ ලක්ෂ 2යි.ඇමෙරිකාවේ පුරවැසිකම ගන්න යන්නේ රුපියල් ලක්ෂයකට අඩු මුදලක්. ලංකාවේ පුරවැසිකම ගන්න ලක්ෂ 5ක් මොකටද? (නි)
පිටරට ලාංකිකයන් තම පුරවැසිබව ඉල්ලුවහම මෙහෙ ඉන්න සමහරුන්ට තරහ යනවලු. (නි)
ලක්ෂ 10ක්ම අයකරගන්න කියලයි මම නම් කියන්නේ (නි)
මෙතන ඉන්න අයගෙන් රට ගැන හිතන අය ඉන්නේ එක අතක ඇඟිලි ගානටත් අඩුවෙන්. ඒ සුළු පිරිසට මගේ ප්‍රණාමය!ගොඩක් අය ජනවාරි 9 වෙනිදාට පසුව කරළියට බැහැපු අය. (නි)
පිටරටවල ඉන්න බොහෝදෙනා දුක්මහන්සි වෙලා හම්බ කරන්නේ. ලංකාවේ ඉන්න අය වගේ හැමදේටම ආණ්ඩුවෙන් සහන ඉල්ලන්නේ නැහැ.අනික අපි වගේ අයගෙන් තමා විදේශ විනිමය ලැබෙන්නේ. අපි ඉල්ලන්නේ සාධාරන දේවල්, ඇත්තම කිව්වොත් අපිට ලබාදෙන වරප්‍රසාද ගොඩක් අඩුයි (නි)
අපේ ලංකාවේ මිනිස්සු හරිම දක්ෂයි අනුන්ව බිල්ලට දීලා තමන්ගේ බඩ පුරවාගන්න. එක පවුලක 5 ක් හිටියහම ලක්ෂ 25 ක් ඕනෑ. (නි)
අපි ලංකාවෙන් ආවේ රටට අකමැත්තෙන් හෝ රටට අනාදරයෙන් නොවේ. ඔය කියන හැම කෙනෙක්ම අකමැතිද අවස්ථාව තියනවා නම් විදෙස්ගත වෙන්න? අකමැති අය කියන්න බලන්න. (නි)
හොඳ වැඩක් (නි)
මෙතන සමහරුන්ගේ අදහස් කියැවූවිට තේරෙන්නේ, පිටරට ඉන්න ශ්‍රී ලාංකිකයන් ගැන පුදුම කුහකකමක් තියනවා කියලා. පුළුවන්කමක් තිබුණා නම් තමන්ගේ පවුලේ යහපතට , ළමයින්ට උගන්නාගන්න, ඔයාලත් යන්නේ නැද්ද කියන්න. පිටරටවල හිටියා කියලා ලංකාවේ මිනිස්සු ඉන්නේ බකිංහම් පැලස් එකේ නෙමෙයි. (නි)
පැරිසියේ ජීවත්වන බහුතරය ලංකාවේ නම අපහාසයට පත්කර සරණාගත වීසා ලබා, පසුව කලක ප්‍රංශ පුරවැසිබව ලබාගත් අය. සමහරු පැන පැන පුවත් වලට මුහුණ පෙන්වා වාසි ලබා ගන්නා අය. ලංකාවේ පුරවැසිබවට ලක්ෂ 5 ක් කියන්නේ සුළු දෙයක් යුරෝපයේ රැකියා කරන අයට (නි)
මම ඉපදුනේ ලංකාවේ. ඉතින් මොකටද සල්ලි ගෙවන්නේ? (නි)
මමත් ද්විත්ව පුරවැසිකම ලබාගෙන දැනට විදේශ රටක ඉන්නේ.මට මගේ රට මගේ ජීවිතයට වඩා වටිනවා.කිසිම දවසක "ළිඳෙන් වතුර බීලා මුහුදට ආවඩන" කෙනෙක් නොවේ. නමුත් බොහෝ දෙනෙකු ද්විත්ව පුරවැසිකම ඉල්ලන්නේ රටට ආදරය නිසා නොව එය තිබීමෙන් තමන්ට වාසි ලැබෙන නිසාය. උපන් රටට ගරහන රටට බරක් වෙන අය ඕනෑතරම්. එබැවින් පුරවැසිකම දෙන්නට පෙර සොයා බලන්න ලංකාවට පසුගිය වසර 5 තුළ කොතරම් මුදලක් එවා තිබෙනවද කියලවත්. රටේ ජාතික ගීය දන්නවද කියලාවත් බලන්න. එහෙම නැතුව රටට බරක් වෙන, රටේ නිකන් දෙන දෙයක් ගන්න බලාගෙන ඉන්න අයට එන්න දෙන්න එපා. (නි)
මහෙෂ් කලිසම අඳින්නෙ ලැජ්ජාවටද?ශ්‍රී ලාංකිකයාගෙ ඇඳුම මොකක්ද? විදේශ රටක පුරවැසිකම ගන්නත් රු. 25000/ 30000/ ට වඩා ගෙවන්න නැහැ. ලිපිය කියවා හොඳින් තේරුම්ගෙන මේ අදහස් ලියන්න (නි)
මෙතන සමන් නමින් අදහස් දමා ඇති කෙනා මේ අපහාස කරන්නේ තමන්ගේම රටේ උපන් තමන්ගේම ජාතියේ අයට නේද? (නි)
ලංකාවේ ජීවත්වෙන බොහෝදෙනා සිතාගෙන ඉන්න හැටි වැරදියි.මොකද පිටරට ජීවත්වෙන බොහෝ දෙනාට ප්‍රශ්න තිබෙනවා. මේවායේ තත්වය දන්නේ ඔවුන් පමණි.කෙසේ හෝ වේවා උපයාගත් මුදලින් ඔවුන් ලංකාව තුළ ජීවත්වෙන පවුල් කීයක් රක්ෂා කරනවද කියලා සිතන්න.එමනිසා හිතට ආ පළියට මේ රටවල ජීවත්වෙන, රට ගැන කැක්කුමක් ඇති ජනතාවට ඊර්ෂ්‍යා කරන්න එපා. (නි)
සල්ලි වලට නම් මට එපා ...!!! (නි)
සමීර, කළණ, සමන් රෝයිලාගේ අදහස් අගය කරමි (නි)
දෙනවා නම් දෙන්න. නැත්නම් කැමති තීරණයක් ගන්න (නි)
දශක 2 - 3 ක සිට විදේශ රැකියාවන් කරන අයට තමන්ගේ විශ්‍රාම වැටුපවත් ලංකාවේ සිට ලබාගැනීමට ක්‍රමවේදයක් නැති නිසා තමා විදේශ පුරවැසිකම ලබාගැනීමට සිදුවෙලා තිබෙන්නේ. අපිට වඩා කුඩා රටවල් මේ ක්‍රමවේදය හදාගෙන තියෙනවා. මේවා හදාගන්න අපිට දූරදර්ශී හා ක්‍රියාශීලී පාලකයො අවශ්‍යයි. රටේ ජාතික ආදායමට විශාල ධනයක් එකතු කරලාදෙන ජන කොට්ඨාශයට සහනයක් දෙනවා වෙනුවට දඩයක් පැනවුවා. (නි)
මුදලට වඩා රට බෙදා වෙන්කළ යුතුයි යන මතය දරන මිනිසුන්ට ද්විත්ව පුරවැසිකම නොදිය යුතුයි (නි)
හැම සිංහලයම හරි ආත්මාර්ථකාමීයි. බොහොම අතළොස්සක් පමණයි දුප්පත් මිනිහෙකුට උදවුවක් කරලා තියෙන්නේ. යුද්ධයෙන් අසරණ වුණ උන්හිටිතැන් නැතිවුණ සිංහලන්ට එංගලන්තයේ ඉන්න අපි සියලුදෙනා සුලුවෙන්හරි දිගටම බැඳිලා ඉන්නේ. සතපහක උදව්වක් මොවුන් දුන්නේ නැහැ. මොකටද ඔබට ලංකාවේ පුරවැසිකම අවශ්‍ය. සුනාමිය වෙලාවේ ඔබලාට වඩා සුද්දෝ කරුණාවක් දැක්වුවා, පරිත්‍යාග කළා. (නි)
නිකන්වත් අපිට එපා. (නි)
1995 දී මට බටහිර රටක පුරවැසිකම ගන්න වියදම් වුණේ අයදුම්පත් ගාස්තුව ඇතුළු සියලුම වියදම් සඳහා ඩොලර් 55 යි. දැන් ඕනෑ නම් ඒ ගාස්තුව දස ගුණයකින් වැඩිවෙලා ඇති. ලංකාවේ ලක්ෂ පහක් අයකිරීම කිසිම සාධාරණත්වයක් නැහැ.මේ රටෙහි පුරවැසියෙකුට ගමන් බලපත්‍රයක් ලබාගැනීම සදහා වියදම් කළයුත්තේ ඩොලර් 220 යි. ශ්‍රී ලාංකික කාලය අවසන්වූ ගමන්බලපත්‍රයක් ලබාගැනීමට 400 කට වැඩි මුදලක් ශ්‍රී ලංකා රජය අයකරනවා.එහිත් කිසිම සාධාරණත්වයක් නැහැ. (නි)
ඊර්ෂ්‍යාව අපේ ජාතියේ වඩාත්ම ඉහළින්ම තිබෙන එකක්.අපායට ගියත් ඒක නැතිවෙන්නේ නැහැ. න්‍යාය නම් මට නැත්නම් නුඹටත් එපා. අපි ඉපදිලා තියෙන්නෙත් ශ්‍රී ලංකාවේ තමයි. ඇත්ත නම් අපිත් සිංහල ලක්වැසියෝ කියන එක. අපි ආවාට ඔයාලට හානියක් වෙන්නේ නැහැ. (නි)
වැඩිනම් ඉතින් නොගෙන ඉන්නකෝ. ඕනෑම නම් සංචාරක වීසා අරගෙන එන්න පුළුවන්. (නි)
පැරිස් සිටින අයට හොඳට මුදල් ඇත. හැකිනම් මිලියනයක් පමණ ප්‍රමාණයක් අයකිරීම සුදුසුයි. දැන් වෙන දේ බලාගෙන නිශ්ශබ්දව ඉන්න (නි)
ලක්ෂ 5 ක් පොඩි සල්ලියක්ද? (නි)
මේකද යහපාලනය? (නි)
කළණගේ සහ සමීරගේ අදහසට මම එකඟවෙනවා. ඔයාලා හරි. (නි)
නඩරාජා දැන් ඉතින් බොරුවට කියවනවා. හම්බ කරන සල්ලිවත් ලංකාවට එවනවද දන්නේත් නැහැ (නි)
ඇයි අපි එනවට අකමැති මෙච්චර? තාම හිතාගෙන ඉන්නෙ රට දුවන්නෙ තේ, රබර් පොල් වලින් කියලද? (නි)
ගියා නම් ගිය විදියට ඉන්නකෝ අපිට පවු නොදී. කෙනෙකුට තියෙන්න ඕනෑ එක මව්බිමක් පමණයි. මෙහෙ හොඳ නැති හින්දනේ ගියේ.දැන් මොකටද මේ අඬන්නේ (නි)
ලක්ෂ 5 නෙවෙයි . සාධාරණව ඉල්ලුම් පත්‍ර සලකා බලාවිද යන්න තමයි වැදගත්. ඒ මොකද පසුගිය කාලයේ ඔය ටික සිදු වුණේ නැහැ. (දිල්)
හිතවත් කුමාර,පිවිතුරු යහපාල, ඔයාලගේ පපුවට තට්ටුකරලා බලන්න තමුන්ට මේක වුණා නම් කොහොමද කියලා. පිටරට යන හැම කෙනෙක්ම රටට ආදරේ නැතුව යනවා නොවෙයි. පිටරටක ගිහින් ජීවත්වෙන්න කොච්චර මහන්සි වෙනවද කියලා ගිය කෙනෙකුගෙන් අහලා බලන්න. (නි)
යහපාලනයේ මංගල අය වැය ට මොකද වෙන්නේ ? (නදී)
සාධාරණයි. (නි)
හෙට ඇමෙරිකාව, ප්‍රංශය නැත්නම් වෙන දියුණු රටවලින් ලෙහෙසියෙන් වීසා ලැබෙනවා කියලා ආරංචි වුණොත් මෙතන කුහක අදහස් ප්‍රකාශ කරන හුඟ දෙනෙක් එම්බසි ඉදිරියේ පෝළිමේ ඉන්න හැටි බලාගන්න තිබුනා (නි)
තම මවුරටේ විශ්‍රාම සුවයෙන් ජීවත්වීමට කැමතිය යන්නෙහි තේරුම තම අත පය වාරු නැතිවන විට, දරුවන් විවාහ වී ඔවුනොවුන්ගේ වැඩ බලාගන්නා විට, තවත් ඒ රටවල සිට දුක්විඳිනවාට වඩා තම මව්බිම තරම් මිහිපිට සැපතක් නැති බවය. පින්කෙත හෙළ රන් දෙරණේ, යළි උපදින්නට යන්න මතක්වෙන්නේ එවිටය. (නි)
ඔබතුමාලා රට ගිය එක ගැන දැන් තීරණය අරගෙන ඉවරයිනේ. අපිත් ලංකාවේ ඉන්නේ. අපිටත් මදිපුංචිකම් නොවෙනවා කියලත් නොවෙයි, රට යන්න සුදුසුකම් නැතුවත් නොවෙයිනේ. දැන් ඔබතුමාලා හදන්නේ ඔබගේ ඔය රටවල්වල ඉගෙනගත් ඔබතුමාලගේ දරුවන්ට නොමිලේම මෙහෙ ඉහ්‍ළ පැලැන්තියේ රස්සා ලබාදෙන්න නොවෙයිද? රට ගියානම් ගිය රටට යුතුකම් ඉටුකරන්න. මෙහෙ ඉන්න අපේ අහිංසක දරුවන්ගේ රස්සා වලට කටුව ගහන්න එපා. පිටරටක උපාධියක් කියෙන එක මහා ලොකු දෙයකුත් නෙමෙයිනේ. (නි)
මේ කොහෙන්ද මේ අය ඇවිල්ලා තියෙන්නේ? (නි)
මම සුදුස්සාට සුදුසු තැනදීමට කැමැති කෙනෙකි. අපිට කියා ලෝකයේ වෙනත් රටක් නොමැත. රට දිවිහිමියෙන් රැකගැනීම ඔබගේත් අපගේත් වගකීමකි. සුළු ජාතිකයින් බහූජාතිකයින් සමඟ සුහදව ජීවත්වීමට හුරුවිය යුතුය. පළමුව රට, දෙවනුව දේශපාලනය වියයුතුය. (නි)
ලංකාවේ දුප්පත් මිනිසුන්ගේ සල්ලි වලින් ඉගෙනගෙන, සුද්දන්ට ආවඩන්න ගිහිල්ලා, කෝටි ගණන් හම්බකරන මිනිස්සු ලක්ෂ 5 වැඩියි කියනවා. මම නම් කියන්නේ ඔය මිනිසුන්ගෙන් ලක්ෂ 10 ක්වත් ගන්න ඕනෑ. ඔය වැඩි දෙනා අවුරුදු ගාණකට නිවාඩුවකටවත් ලංකාවට එන්නෙත් නැහැ. සල්ලි එවන්නෙත් නැහැ. අපේ කට්ටියත් ඉන්නවනේ ඔය රටවල් වල. (නි)
පිටරට ඉන්න අයගෙන් ලැබෙන විනිමයට කෘතගුණ සැළකීමක් හැටියටවත් ගණන අඩුකරන්න.ඔවුන් ඉතාම දුක් මහන්සිවෙලා ලංකාවට සල්ලි එවන්නේ (නි)
ලංකාවෙන් යුරෝපයට ගොස් රැකියාකර මුදල් හම්බකර පසුව පුරවැසිකම ලබාගත් අය දැන් නැවත ලංකාවේ පුරවැසිකම් ඉල්ලනවා නම් මේ මුදල ගෙවන්නම ඕනෑ. මොකද යුරෝපයට යන්න ලක්ෂ ගණනින් ගෙවන්න පුළුවන් නම් ඇයි දැන් බැරි? අනික ඔය ප්‍රංශයේ ඉන්නා ගොඩක් දෙනෙක් එහි පුරවැසිබව ගන්න අපේ රට ගැන මොනතරම් බොරු කියන්න ඇද්ද? (නි)
ප්‍රායෝගිකභාවයක් නැති ක්‍රියාවන් සිදුකිරීමට උත්සාහගන්නා නිසා මෙහෙම වෙනවා. (නි)
මම වසර 45ක සිට ඉන්නේ බටහිර රටක. මම ලංකාවට යන්නෙ නැහැ (නි)
අපේ බදු සල්ලි වලින් ඉගෙන ගෙන ලක්ෂ ගණන් දීලා රට යනවා .(දිල්)
ලක්ෂ තුනත් ගොඩක් වැඩියි ලක්ෂයක් නම් සාදාරණයි (නදී)
ලංකාවේ ඉන්න කවුරුත් අහන්නේ ඇයි පිටරට ගියේ කියලා අපි ලංකාවට ආදරේ නැතුව නෙමෙයි. ජීවත්වෙන්න විදිහක් නැති නිසා අපි මෙහෙ මහන්සිවෙලා කීයක් හරි යවන්නේ ලංකාවට. ලංකාවේ ඉන්න අය හිතන්නේ අපි කෝටිපතියෝ කියලා. නමුත් අපිට එච්චර සල්ලි නැහැ. ලක්ෂ 5ක් ගොඩක් වැඩියි (නි)
අපේ රටෙන් උසස් අධ්‍යාපනයට විශාල මුදලක් වියදම් කළ පසු කිසිදු ප්‍රතිලාබයක් ලංකාවට නොදී විදේශ ගත වීම වැලක් වීමට පියවර ගතයුතුය (අ)
ලංකාවට විදෙස්ගතවූ උගතුන්ගේ අවශ්‍යතාවයක් නැහැ වගෙයි. බොහොමයක් අය ඊර්ෂ්‍යාවෙන් බලන්නේ මේ අය දිහා. ලංකාවට උගත් අය අවශ්‍ය නැත්නම් , ලක්ෂ පහක් දීලා ගන්න තරම් ඕක ඔයතරම් වටිනවද? ලංකාවට සල්ලි යන එකත් නතර කරලා, එහෙ තියෙන දේපළත් විකුණලා දාන එකයි තියෙන්නේ. (නි)
ලංකාවෙන් ඔහේ යන්න ලක්ෂ ගණන් වියදම් කරන්න පුලුවන්නම් ඇයි ඔය ලක්ෂ පහ ගෙවන්න බැරි? අනික ලංකාවට වඩා ඔහේ හොඳ හින්දානේ ගියේ. ඒක නිසා ඔහේටම වෙලා ඉන්න. (අ)
අගමැති තුමනි ඇමති වරුනි ඔබතුමන්ලා යුරෝපා රටවල සිටින අය ගැන පමනක් සිතන්නේ මන්ද මේ මැද පෙරදිග සේවය කරන අපිත් ඔබලාව බලයට පත්කරන්න මහත් වෙහෙසක් ගත්ත ඒ ගත්තෙ අපි පත්වෙලා සිටින තත්වයෙන් මිදි අපේරටට සහ අපට යහපතක් ලබාගන්න අපි අපේ ගැටලු ඔබලාට දැන්වුව ඇයි අහුන්කන් නොදෙන්නෙ අපි සොච්චම් වැටුපක් ගන්න නිසාද ?නමුත් අවධානය යොමු කරන්න මේ සෞදියෙ පමනක් ලක්ෂ පහමාරක් ඉන්නව ලඟදි ජන්දයක් එනව අපිට අවධානය යොමු නොකරොත් අපි ඔයාලට සලකන්නෙත් එවගේ් තමයි අපිත් අන්තර්ජාලයෙ සැරිසරනව අන්තර්ජාලය තමයි ගිය රජය වෙනස්කරන්න මුලික වුනේ කියලත් මතක තබාගන්න (අ)
හොද වැඩක්. ලොකු දෙයක් (නදී)
මම නම් හිතන්නේ ලක්ෂයක් හොඳටම ඇති.ලංකාවේ අය ගණන් කියන්නේ කිසිම තක්සේරුවක් නැතුව.මේවා නිකම් ලංකාවට ලැබෙන සල්ලි. අපි ලංකාවට ඇවිල්ලා සල්ලි වියදම් කරලා යන්නේ. (නි)
හොඳ වැඩක් (නදී)
ඉතාම හොඳයි. අගය කළහැකි අදහසක්. ඇත්ත මේක තමයි. (නදී)
රට සල්ලි හොයන අයට ඕවා මොනවද? (නි)
මේ ඉල්ලීම සාධාරණයි (නි)