රුපියල් හතලිස් හය ලක්ෂ තිස් හතර දහස් එකසිය අනු හතක් වටිනා විදේශ මුදල් තොගයක් රැගෙන ඩුබායි බලා යාමට පැමිණි ශ්‍රී ලාංකිකයෝ දෙදෙනෙක් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී අත් අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක ලෙස්ලි ගාමිණී මහතා පැවසුවේය.
සැකකරුවෝ කොළඹ හා කොලොන්නාව යන ප්‍රදේශ වල පදිංචි ගොඩනැගිලි ද්‍රව්‍ය උපකරණ ව්‍යාපාරිකයෝ වෙති.
ඇමරිකානු ඩොලර් 4900 ක්, සෞදි රියාල් 113,000 ගමන් මලුවල සගවාගෙන යන්නට ඔවුහු උත්සහ දරා ඇත.
එමිරේට්ස් ගුවන්සේවයට අයත් ඊ.කේ 653 දරණ ගුවන් යානයෙන් ඩුබායි බලා යාමට මොවුහු පැමිණ ඇත.
මේ පිළිබඳ විවර්ශන කටයුතු රේගු අධිකාරීවරන් වන අජිත් ගලහිටියාව, එච්.එම්.ආර්.ඩබ්ලිව් නිවුන් හැල්ල, සහකාර රේගු අධිකාරීවරුන් වන සාගර කුමාර, කුෂාන් ගුණවර්ධන, සමිත ප්‍රේමතිලක, හේමන්ත කරුණාතිලක, ශෂික කුමාරසිංහ, තුෂාර පෙරේරා, සඳුනි මැඩොන්සා යන නිලධාරීහු සිදු කරති.
මේ පිළිබඳ රේගු පරික්ෂණය නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක ජේ.ඒ.ඩී.ඒ පෙරේරා මහතා විසින් සිදු කිරීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැරදී විදියට රටින් පිට කරන සෑම මුදලක්ම රාජසන්තක කරන්න ඕනේ. රටට මුදල් එ්ම පාලනය කිරීමක් කරන්න ඕනේ. සංචාරකන්ගෙන් මුදල් මාරු කිරීම පිළිගත් බැංකු මගින් පමණක් කල යුතුයි. (නදී)
සංචාරකයින්ගේ මුදල් හිඟන්නොත් දැන් මාරු කරනවා (නදී)
ඔක්කොම හොරු තමයි.(හේ)
කවුද දන්නේ නැහැ මේ ව්‍යාපාරිකයන්? නම දැම්මා නම් අපිටත් මොවුන් ගැන දැනගන්න පුලුවන්. අපරාදේ සල්ලි ටික! (නි)