රුපියල් හතලිස් ලක්ෂ අසු දහසක් වටිනා විදේශ මුදල් සහිත පාර්සල් දෙකක් තම ගුද මාර්ගයේ සගවාගෙන ඩුබායි බලා යාමට පැමිණි ශ්‍රී ලාංකිකයෙක් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී රේගු නිලධාරීන් විසින් අද අලූයම අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක රේගු නීති අංශයේ අධ්‍යක්ෂක ලෙස්ලි ගාමිණී මහතා පැවසීය.
සැකකරු 48 හැවිරිදි වියේ පසුවන දෙහිවල ප්‍රදේශයේ පදිංචි රෙදිපිලි ව්‍යාපාරිකයෙකි.
අත් අඩංගුවට ගනු ලැබු විදේශ මුදල් අතර බහරේන් ඩිනාර් 150, යුරෝ 6500, සෞදි රියාල් 31500, කුවෙට් ඩිනාර් 400, කටාර් රියාල් 2000, ස්විස් ෆ්‍රෑන්ක් 8000, ඕමාන් රියාල් 180 ක් සහ එක්සත් අරාබි එමීර් රාජ්‍ය ඩිනාර් 11400 තිබු බව රේගුව කියයි.
සැකකරු මෙම මුදල් තොගය පාර්සල් දෙකකට සකස් කර මුලින්ම සුදු පැහැ කොළ වල ඔතා පසුව එයට උඩින් කළු පැහැ කොලවළ ඔතා උපත් පාලන කොපු තුළ බහා ගුද මාර්ගයේ සගවා තිබු බව රේගුව කියයි.
සැකකරු එමිරේට්ස් ගුවන්සේවයට අයත් ඊ.කේ 349 දරණ ගුවන් යානයෙන් ඩුබායි බලා යාමට අද අලූයම තුනයි කාලට පමණ කටුනායකට පැමිණ ඇත. සැකකරුගේ ගුවන් ගමන් විස්තරය පිළිබඳ ඇතිවු සැකයක් මත රේගු නිලධාරීන් විසින් ඔහු පරීක්ෂා කර ඇත.
එහිදී සැකකරු මුලින්ම පවසා ඇත්තේ තමන් ලග කිිසිවක් සගවාගෙන නැති බවයි. පසුව රේගු නිලධාරීන් විසින් එක්ස් කිරණ පරික්ෂාවට යොමු කරන බව සැකකරුට පවසා ඇති අතර එම අවස්ථාවේ ඔහු බියට පත්ව ගුද මාර්ගයේ මුදල් සගවාගෙන ඇති බව රේගුවට පවසා ඇත.
රේගුව විසික් දීර්ග ලෙස ප්‍රශ්න කිරීමේදී ඔහු පවසා ඇත්තේ මෙම මුදල් මිතුරෙකු විසින් ලබා දුන් බවත් මෙම මුදල් ගෙනයාම වෙනුවෙන් තමන්ට ගුවන්ටිකට් පත සහ රුපියල් විසිපන්දහසක කොමිස් මුදලක් ඔහු විසින් ලබා දුන් බවයි.
සැකකරුගේ ගුවන් ගමන් විස්තරයට අනුව ඔහු අද ඩුබායි ගොස් හෙට ආපසු දිවයිනට පැමිණීමට නියමිතව තිබුන බව රේගුව කියයි.
මේ පිළිබඳ රේගු පරීක්ෂණය නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක ස්ටැන්ලි සේනාරත්න මහතා විසින් සිදු කර සැකකරුට රුපියල් ලක්ෂයක දඩයක් නියම කර එම විදේශ මුදල් තොගය රාජසන්තක කළේය.
මේ පිළිබඳ විමර්ශණ කටයුතු ගුවන්තොටුපොළ රේගු අධ්‍යක්ෂක ඒ.කේ.එන් වික්‍රමසිංහ මහතාගේ අධීක්ෂණය යටතේ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක ස්ටැන්ලි සේනාරත්න මහතාගේ මෙහෙයවීමෙන් රේගු අධිකාරී ජී.ජී
ප්‍රේමසිරි මහතාගේ මුලිකත්වයෙන් සහකාර රේගු අධිකාරීවරුන් වන තුෂාර පෙරේරා, සමිත ප්‍රේමතිලක, සිසිර පෙරේරා, සිසිර කුමාර, චින්තක කොට්ටච්චි, දිල්රුක්ෂි ගුණතිලක සහ ඩිලාන් වීරරත්න යන නිලධාරීහු සිදු කළහ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොහු කියන කතාව සත්‍ය දෙයක් නම් ඔහුට පාඩුව නිකන් ලැබෙන රුපියල් 25000 ක් සහ නිකන් ලැබුන ගුවන් ටිකට් පත පමණි. එහෙත් මුදල් දුන් තැනැත්තා මොහු දන්නා කෙනෙක් වෙන්න ඕනේ. මොකද මෙම මුදල් ඔහු ඩුබායි වලදී ඔහුට දෙන්න ඕනේ නිසා. කෙසේ වෙතත් රුපියල් 25000 ට ගුද මාර්ගය විකුණා කරගත් දෙය අශෝබනයි (නදී)
වාසනාවන්ත ගුද මාර්ගයක් , නිකන් ගුවන් ටිකට් පතක් සහ රුපියල් 25000ක් ගන්නට මෙම ගුද මාර්ගය කොපමණ පින් කරලා ඇතිද ? (නදී)
මිනිස්සු ගුද මාර්ගය මේ විදිහට භාවිතා කරනවා කියල දන්නවා නම්, මහා බ්‍රහමයා මේකට වෙනත් විසදුමක් සකස් කරනවා. මම කියන්නේ කාටත් පේන තැනක හයි කරනවා. (නදී)
අප වෙනි බහුතරයක් ලංකාදීප පුවත් පත අන්තර ජාලයෙන් කියවා , අපට සිතෙන ප්‍රතිචාර දමනට ඉඩ දීම අපේ වාසනාවක් , එහෙත් ප්‍රශ්නය අප දමන මෙම ප්‍රතිචාර මෙම වෙරදී කරනා අය කියවනවද කියන එකයි. ඔවුන් මෙම ප්‍රතිචාර කියවනවා නම් , උසාවියෙන් ලබන දඬුවමට වඩා ලැජ්ජාවක් දඬුවමක් මේවා කියවා ලබනවා කියා මම සිතනවා (නදී)
මෙච්චර ප්‍රමාණයක් ඔය ගබඩාවේ හැන්ගුවේ කොහොමද අප්පා. (නදී)
ගුද මාර්ගය ආදායම් මාර්ගයක් උනේ අද ඊයේ ඉදල නෙමෙයිනේ. (නදී)
මට ආවා මාරු අයිඩියා එකක්! මේවගේ කිහිපදෙනෙක් හොයාගෙන රට තුල ආරක්ෂිතව මුදල් ප්‍රවාහනය කිරීමේ සේවයක් ආරම්භ කලානම් හොරුන්ට අසු නොවී සේවා දායකයන්ගේ මුදල් සාධාරණ ගාස්තුවකට ගෙනගොස් දෙන්න පුළුවන්. රැකියා ප්‍රශ්නෙටත් විසඳුමක්. (ස)
ගුද මාර්ගයේ සඟවා ගෙන ගියත් , බලන්න අපේ මුදල් වාගෙද කියලා. නොහැකිලී , පොඩිනොවී ලස්සනට තියෙන හැටි (නදී)
අපේ මහත්තයෝ, ඕක ඇතුළේදීම මුදල් ගණන් කරන මැෂිමක් එහෙමත් තියෙනවද? (නි)
වාහම ගුද මාර්ගය ඇතුල සියලු මාර්ග පරීක්ෂා කිරීමට හැකි යන්ත්‍ර ලංකාවට ආනයනය කිරීමට කටයුතු කල යුතුයි. (නදී)
මේ දේවල් වලින් අපි ඉගෙනගන්න ඕනෑ දෙයක් තිබෙනවා. අද ලංකාවේ බැංකුවලට ගෙනයන මුදල් කොල්ලකනවා. වැටුප් ගෙවන්න ගෙනයන මුදල් කොල්ලකනවා. දිනපතාම අපට කොපමණ දේවල් අහන්න ලැබෙනවාද? ඉතින් මේ වගේ කට්ටිය හිරේ විලංගුවේ නොදමා සම්මාන දීලා ආරක්ෂිතව මුදල් ප්‍රවාහනය කිරීමට යොදාගත යුතුයි නේද? යතුරුපැදියෙන් පැමිණ උදුරාගෙන යන්න බැහැ. තුවක්කු පෙන්නලා වෙඩිතියලා උදුරාගන්නත් බැහැ. (නි)
මිනිහට බඩ යන්න බෙහෙත් දීලා බැලුවානම් හරි. තව මොනවා හන්ගන්න තියෙනවද දන්නේ නැහැ (නදී)
මින් ඉදිරියට ගුද මාර්ගය පරික්ෂා කරන්න සීසීටීවී කැමරා සවිකරන්න වෙයි (නි)
මේ වගේ අය කොච්චර අහුවෙන්නැතුව යනවා ඇත්ද. මීට වැඩිය ආරක්‍ෂක විධිවිදාන වැඩි කරන්න. (ර)