රුපියල් ලක්ෂ විසි හතක් පමණ වටිනා ඔප නොකල රන් කූරක් තම ගුද මාර්ගයේ සගවාගෙන ඉන්දියාවේ දිල්ලි නුවර බලා යාමට පැමිණි ඉන්දියානු ජාතිකයෙක් කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොලේදී අද අළුයම අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප‍්‍රකාශක රේගු නිවාරණ අංශයේ අධ්‍යක්ෂක ලෙස්ලි ගාමිණී මහතා පැවසුවේය.
සැකකරු හතලිස් හැවිරිදි වියේ පසුවන බවත් ඔහු නේවාසික වීසා ලබාගෙන මෙරට මැණික් සාප්පුවක සේවය කරන පුද්ගලයෙකු බවත් රේගුව කියයි.
ශ‍්‍රී ලංකාව හා ඉන්දියාව අතර නිතර යාම් ඊම් සිදුකරන සැකකරු සතුව තිබී ඔප නොකළ රන් වළල්ලක් සහ මුදු දෙකක්ද සොයා ගත් බව රේගුව කියයි. රන් කූර උපත් පාලන කොපුවක බහා ගුද මාර්ගයේ සගවාගෙන සිටි බව රේගුව කියයි.
අත් අඩංගුවට ගනු ලැබූ රන් වල බර ග‍්‍රෑම් 477 කි.
සැකකරු ඊයේ අළුයම එකයි තිහට පමණ එම්.ජේ 195 දරන මිහින් ලංකා ගුවන්යානයෙන් ඉන්දියාවේ දිල්ලි නුවර වෙත යාමට කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළට පැමිණ සිටියදී නියෝජ්‍ය රේගු අධිකාරී නිශාන්ත ජයසිංහ මහතා විසින් අත්අඩංගුවට ගෙන ඇත.
මේ පිළිබඳ විමර්ශන ගුවන්තොටුපොළ රේගු අධයක්ෂක සරත් නෝනිස් මහතාගේ උපදෙස් මත සහකාර රේගු අධිකාරීවරුන් වන එම්.ඒ අරුණ ශාන්ත, ඒ.එස් හේවාවිතාරණ, සී.පී කොට්ටහච්චි, එස්.සී ලොකු බාලසූරිය යන රේගු නිලධාරීහු සිදු කරති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මන්දා මේ මිනිස්සු මේ වගේ භයානක වැඩ කරන්නේ ඇයි කියල,,ලැජ්ජාව පොඩ්ඩක් වත් නැහැ. (දී)
දෙයියනේ (දී)
රුපවතිගේ ප්‍රතිචාර වලට හැමෝම හිනා වෙන නිසා රුපවති වෙන නමකින් එයාවම වර්ණනා කර ගන්නවා. අනේ රුපවති ඔයා මොකද ඔච්චරම හීන මානෙකින් පෙළෙන්නේ. සාමාන්‍ය විදිහට හිතන්න පුරුදු වෙන්න. එතකොට කව්රුත් හිනා වෙන එකක් නැහැ. (දී)
මේ මාර්ගයටත් පර්මිට් ගන්න නීතිය හැදුවා නම් ආණ්ඩුවට හොඳ අදායමක් හොයා ගන්න තිබුණා.රන් වළල්ල දාගන්න බැරිවෙන්න ඇති නේද? (ස)
දොස්ටර නැතත් කුර කුරමනේ (දී)
ගුද මාර්ගයේ රන් පොලුම ගෙනයන්න ඕනද සල්ලි හම්බ කරන්න?(දී)
සියලුම ඉන්දියන් පකිස්ථානුවන් ගුවන් තොටු පොලේදී ගුවන් යානයට නගින්න පෙර සහ ආපසු එනකොට වස්ති කරන්න. එතකොට සෑහෙන රත්තරන් සහ කුඩු හොයාගන්න පුළුවන්. (ස)
මේක මේ පුද්ගලික බස් යන මාර්ගයක් වගේ වෙලානේ දැන් (නි)
කී දෙනෙක් ගිය මාස ටිකට ඇල්ලුවද? ඒත් නිසි දඩුවමක් ලැබෙන්නේ නැහැනේ? ඒ නිසා මොන මාර්ග වල ගෙනාවත් කරන්න දෙයක් නැහැ. (ස)
ගුදමාර්ග වැඩේ නැගල යනවා වගේ (දී)
ඔව් සේරම්,මම යෝජනා කරනවා ඒ තනතුර බන්දුල පෙරේරාට දෙන්න කියලා. (නි)
කූරේ හැඩේ දැක්කම හිනා යනවෝ...... (ස)
මං දන්නවා ගුද මාර්ග ඇමැතිකමට සුදුසු කෙනෙක් ගැන. (නි)
ලංකාවේ හැමදේම ඇල්ලුවා කියලා නම් කියනවා. ඒත් ඒවාට කිසිම දෙයක් කරන්නේ නම් නෑ. හැමෝගෙම තියෙන්නේ බොරුව විතරයි. (ස)
හරිනේ ඔය කියන ගුද මාර්ගය අදායම් මාර්ගයක් කරගන්නේ නැතුව අද අමාරුයි නේද බලන්න. (ස)
ඔය පොල්ල හොඳට හෝදලාද මේසෙ උඩ තියල තියෙන්නේ?(නදී)
කරුණාකරලා ඔය නිතර එහාට මෙහාට යන එන අය ගැන තොරතුරු සොයා හොඳ අවදානයෙන් සිතියොත් ගොඩක් හොරකන් අල්ල ගන්න පුළුවන්. (ස)
ඇමතිතුමාට දැනගන්න තියන්න එපා බද්දක් අයකරගනී .(අ)
අර අහවල් දේවගැතිතුමා හෙම ඉන්දියාවේ යන්න අවොත් මොකද කරන්නේ... මිනිහගේ ඇඟේ රත්තරන් කිලෝ බර ගානක් තියෙනවා නේද..?? (ස)
ගුද ප්‍රශ්නය එන්න එන්නම උග්‍ර වෙනවා.අනේ දැන් නම් පිටරට යන්නත් ලැජ්ජයි ගුද පරීක්ෂණ ඇතිනේ. (ස)
ඔය මාර්ගය පිරික්සන්න වෙනම පිරිසක් පත් කළොත් නරකද? (නි)
චතුරිට නම් රේගු පරීක්ෂාව කරනකල්වත් ඉන්න වෙන එකක් නැහැ. (නි)
බලනකොට ගුද මාර්ගයත් පොඩිපහේ ගබඩාවක් නෙමෙයි නේද? (නි)
ගුද මාර්ගයටත් දැන් චෙක් පොයින්ට් දාන්න වෙනවා (නි)
දයා අලහකෝන්, නැතුව නැතුව මොන පොඩිද? (ස)
අතට වළලු ,..ඇඟිල්ලට මුදු,...වගේම ගුදයට පොලු සනීපයක් දැනෙනවා. හ්ම්ම්ම්ම් (ස)
සම්පුර්ණ ශරීර පරීක්ෂණ ස්කෑන් යන්ත්‍රයක අවශ්‍යතාවය පෙනෙනවා නේද? එතකොට ඔය එක එක මාර්ග පරික්ෂා කරන්න අවශ්‍ය නැහැ. මේවා දැන් බොහෝ ගුවන් තොටුපලවල තිබෙනවා. (ස)
සමහර පාලකයෝ කතා කරන්නෙත් ඔය පැත්තෙන්නේ! (ස)
මම නම් ඔය රත්තරන් පොල්ල ගුදයට දමාගෙන,හොඳට සුදු ළූණු කිලෝ එකක් බිත්තර 5 කුත් කාලා තමයි යන්නේ. පොල්ල එලියට ගන්නකොට කස්ටම් එකේ කට්ටියට දුවන්න. (ස)
ෆිල්ම් හෝල් වලට නොයා රන් කෙවිට බලන්න පුළුවන්.(නදී)
අපේ රටේ මොනතරම් අය ඉන්නවද නැව් මාර්ග ගුද මාර්ග වලින් බඩු ගේන. (ස)
රානී, එතකොට ගොඩක් හොදද? (නි)
බල්ලෝ මරලා හරි සල්ලි හම්බ කරන යුගයක අපේ බීච් බෝයිස්ලාත් මේ හරහා විදේශ විනිමය උපයනවා. අනෙක ඉතින් ඕනෑම දෙයක් කරන්න මේ රටේ මිනිසුන්ට නිදහස තියෙනවානේ. ඉතින් සල්ලි හොයන්න ගුද මාර්ගය පාවිච්චි කිරීමේ ඇති වරද මොකක්ද? (නි)
චතුරි !!! ඔයාගේ අදහස නම් මරේ මාරු හොදේ (දී)
අනේ මන්දා මොනවා කියන්නද කියලා !!!කියන්න ඕන දේ ලීවට පල නොකරන බව දන්නා නිසා ලියන්නේ නැහැ .., ගුවන් තොටුපලේ දැන් දැන් හොඳ දේවල් වෙනවා ගොඩක් හොරකම් අල්ලනවා. ගොඩක් හොඳයි. ''ඒත්'' මේ කිසිවෙකුට දඩුවම් නුදුන් නිසා ඉදිරියටත් මෙවැනි දේ සිදු වෙනවාමයි. (ස)
අර මානව හිමිකම් කතා කරන අය, ඉන්දියාවට යන අයගේ ගුද මාර්ගය පරීක්ෂා කිරීමත් මානව හිමිකම් උල්ලංගනය කිරීමක් කියන්ට ඉඩ තිබෙනවා. (දී)
හැබැයි මේ ව්‍යාපාරයට ගැහැණු උදවිය සම්බන්ද කරගන්න එක වාසියක් තියනවා. දන්නවනේ ඒ මොකද කියලා.(නදී)
රත්තරන් වුනත් කූරක්නේ....ඒ මිනිහා වාඩිවෙලා හිටියේ කොහොමද දන්නේ නැහැ. කරලා තියෙන වැඩේ කැත වුනාට .....ඒ වෙනුවෙන් පල කරලා තියන අදහස් දක්කම නම් හොඳටම හිනා යනවා.....ඉෂාර ඔබේ අදහස දැකලා මට හොදටම හිනා......ඒ වුනත් ඔබේ අදහසේ වැරද්දක් නැහැ. මේ අහන්න දකින්න වෙන දේවල්වල හැටියට. ගුවන්තොටුපොළ ආරක්ෂණ අංශයේ වෙනම පරීක්ෂණ අංශයක් ඒ වෙනුවෙන්ම (ගුදමාර්ග චෙක් පොයින්ට්) ආරම්භ කරන්න වෙයි වගේ නොදුරු දිනකම..... (ස)
දැන් ගුද මාර්ග පරික්ෂාවට වෙනම රෝ එකක් දාන්න වෙයි වගේ. වාසනාවට තවම කාන්තාවෝ මේක කරන්න පටන් ගත්තේ නැහැ. (නි)
මේ මිනිස්සු දැන් ගුද මාර්ගයත් හොඳ ආදායම් මාර්ගයක් කරගෙන වගෙයි. (ස)
අනේ ඉතින් සමහරු මේවා උරච්චි කරලා පොඩි වුන්ගේ කටේ ගානවා. රන්කිරි කට ගානවා කියලා. හොඳ වෙලාවට අපේ අම්මට ඒක කරන්න සල්ලි තිබිලා නැහැ. ඒ අතින් බලන කොට මගේ කටේ අරව ගෑවිලා නැහැ.. (ස)
හේමන්ත ඔයා මොනවද දන්නේ. කාන්තාවෝ තමයි මුලින්ම මේ ජංගම ගබඩාව පටන්ගත්තේ කීවට අමනාප වෙන්න එපා. එයාලට ගබඩා කැක්කුම තියෙනවා. (නදී)
හෙට අනිද්දා අපේ ඇමති මණ්ඩලයට අලුත් ඇමති තනතුරක් හදාවි ගුද මාර්ගය පිලිබඳ ඇමති කියලා. මොකද දැන් කාලයේ ගුද මාර්ගය බොහෝ දේවලට පාව්ච්චි කරනවා. ගුද මාර්ගයෙන් රටට විදේශ විනිමය ගේන්න ක්‍රම සොයා බලන්න බීච් බෝයිස්ලා රට යවන්න . නැතිනම් සුද්දෝ ආවම බීච් බෝයිස් ල එක්ක ඉන්න නීති ගත කරන්න. ගුද මාර්ගයෙන් රත්රන් ගෙන ඒම නීති ගත කරන්න . මේ ගුද මාර්ගය පිලිබඳ ඇමති තුමාට පුළුවන්. (නදී)
දැන් පෙළ පොත් අලුත් කරන්ඩ වෙනවා . බඩු ප්‍රවාහන මාර්ග වලට ගුද මාර්ගයත් ඇතුලත් කරන්ඩ වෙනවා. (ස)
දක්ෂ රෙගු නිලදාරින්ට මොන මාර්ගය උනත් හොඳට තේරෙනවා . පකිස් ඉන්දියානු දමිල සහ සමහර අපේම සිංහලයන් අධෝ මාර්ගය මගින් මත් කුඩු . විදේශ මුදල් රත්රන් පොලු ගසා රටින් පිකිරීමත් රටට ගෙන ඒමත් කරනවා . අපේ විශිෂ්ට රෙගු නිලදාරින්ට අපි ස්තුති වනවා ඔබ කරනා සේවය වෙනුවෙන් (දී)
සහතික ඇත්තමහත්තයෝ..ඔබතුමාම ඕක කොච්චර පාවිච්චි කරනවද කියල කොමෙන්ට්ස් බැලුවම පේනවනේ.(අ)
නියම වික්‍රමයක් (දී)
ශාහ් දැන් ලෝකේ ගොඩක් දියුනුයි වගේ, හැම දේකින්ම අලුත් අලුත් විවිධ ප්‍රයෝජන ගන්නවා.(නදී)
ශ්රී ලංකා ගුද මාර්ග පරීක්ෂණ මධ්‍යස්ථානයක් කියලා එකක් දාන්න වෙයි මෙහෙම ගියොත් (නි)
රූපවති මේ ප්‍රවෘත්තිය දකින්න නැතුව ඇති. දැක්කනම් අපිට හොද දැනුමක් ලබදෙයි. ඇයගේත් අත්දැකීම් ඇතිනේ. මොනවා උනත් වියදමක් නැති ප්‍රවාහන මාර්ගවලට තමයි මේ කොටස අයිති වෙන්නේ. (නදී)
අනේ හේමන්ත කාන්තාවෝ බඩු ගෙනියන්නේ වෙනත් තැනක.(නදී)