රුපියල් විසි හත් ලක්ෂ අනූ අට දහස් හයසිය දහ අටක් වටිනා විදේශ මුදල් තොගයක් තම ගමන් මල්ලේ සගවාගෙන ඩුබායි බලා යාමට පැමිණි ශ්‍රී ලාංකිකයෙක් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේදී රේගු නිලධාරීන් විසින් අද අත් අඩංගුවට ගනු ලැබීය.
සැකකරු දෙමටගොඩ පදිංචි 36 හැවිරිදි පුද්ගලයෙකි.
අත් අඩංගුවට ගනු ලැබු විදේශ මුදල් අතර සෞදි රියාල් 70,000 ක්, කුවෙට් ඩිනාර් 360ක්, බහරේන් ඩිනාර් 80ක්, ජෝර්දාන් ඩිනාර් 25ක් සහ ඕමාන් රියාල් 20 ක් තිබු බව රේගුව කියයි.
සැකකරු මිහින් ලංකා ගුවන් සේවයට අයත් එම්.ජේ 407 දරණ ගුවන් යානයෙන් මෙරටට පැමිණ තිබේ.
මේ පිළිබඳ රේගු පරික්ෂණය සිදු කළ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක සිසිරද සිල්වා මහතා විසින් සැකකරුට රුපියල් විසිපන්දහසක දඩයක් නියම කළ රේගුව එම මුදල් තොගය රාජසන්තක කළේය.
මේ පිළිබඳ විමර්ශණ කටයුතු නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක සිසිර ද සිල්වා මහතාගේ මෙහෙයවීමෙන් රේගු අධිකාරීවරුන් වන උපුල් වසන්ත සහ අශෝක රත්නායක යන නිලධාරීහු සිදු කළහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රේගු නිලධාරීන්ට අපේ ප්‍රණාමය! (නි)
කොච්චර කිවුවත් මිනිස්සු හැදෙන්නෙ නම් නැහැ (නි)
අපේ රේගු නිලධාරීන් ගොඩක් දක්ෂයි (නි)
සම්මකම්මනත නැති කළා (අ)
මිනිස්සු නොදැනුවත් කමටත් මෙහෙම කරනවා. දෙශපාලුවන්ගේ කළු සල්ලි සුදු කරන්නත් මෙහෙම කරනවා. මේ ගැන පරීක්ෂණ කරන්න. (අ)