හෙරොයින් මත් කුඩු තොග වශයෙන් ගනැවිත් මිලි ග්‍රෑම් 20 පැකට්සේ ඔතා නිට්ටඹුව, වේයන්ගොඩ, මීරිගම, තිහාරිය, බෙම්මුල්ල, පස්යාල ඇතුළු ප්‍රදේශ ගණනාවකට බෙදා හරින බව කියන පුද්ගලයකු නිට්ටඹුව උනගහදෙනියේ නිවෙසක් වටලා මත් කුඩු ග්‍රෑම් සියයක් සමග අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
හෙරොයින් තොගයේ වීදි වටිනාකම රුපියල් විසි පන් ලක්ෂයක් බව ද පොලිසිය සදහන් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පසුගිය දින කීපයේ පකිස්ථානයේ සිට කුඩු මෙහෙට ඇවිත් අහු උනා . පකිස්ථානයේ , ඇෆ්ගනිස්ථානයේ වගේ රටවල් වල ත්‍රස්තවාදී කණ්ඩායම් සල්ලි එකතු කරන්නේ මේ වගේ පියපර වලින් . මේවා ලංකාවටත් එන්නේ මෙහෙත් අන්තවාදී ත්‍රස්තවාදයක් පටන් ගන්න . මේක දැන්මම නැවැත්තුවේ නැත්නම් කොටින්ට අන්ත වෙනවා . මගේ අදහස ආගමික සහජීවන අසහන කාරයෝ ඉන්නවනම් මට බැනපල්ලා . (දී)
චන්ද්‍රා, අහසින් වැඩිපුර එනවා කියල තමයි හිතාගෙන හිටියේ නේද? හැබැයි පළමු වතාවට වැටහුනා මුහුදෙන් තමයි වැඩිපුරම එන්නේ කියල. පකිස්තානයේ තොග ගබඩාවලින් නැව් ගත කරලා අපේ ලක්බිමට එනවා. අපි අපේ හදවතින් අහමු. උත්තරේ දන්නවා නේද?
මේ කුඩු පිටු පස ඉන්න මහා මොළ කරු අත්අඩංගුවට ගන්න
ලංකාවේ කුඩු වල ප්‍රභෝදයක් උනා කියලා මට හිතෙනවා. රටේ කි තැනින් ඇල්ලුවද (දී)
කුඩු ගෙන්නන ලොක්කන්ව අල්ලන්න් නැතුව පොඩ්ඩන්ව අල්ලල්ල වැඩක් නැහැ (දී)
හොයන්න ඕනේ මේවා කොහොමද ලංකාවට ආවේ කියලා (දී)
තෝරු, මෝරු කුඩු ව්‍යාපාර වලින් සුර සැප විඳිද්දී හාල්මැස්සෝ අල්ලලා වැඩක් තියෙයිද? ලංකාවට කුඩු කිලෝ 250-260 එනකොට මේ ග්රෑම් 100 මොන කජ්ජක්ද? අර කෝටි 250ක කුඩු තොගය ආනයනය පිටිපස්සේ ඉන්නේ කවුද කියලා එලි කෙරුවනම් වටිනවා නේද? (දී)
හඬක් නගන්න කැමති වෙන්න නම් පුළුවන් .සුදු වැන් හීනෙන් පෙන්න ගත්තම බය හිතෙනවා නේ. ළමයි ලපටි ගෙදර උන්දැ ගැනහෙම මතක් වෙන කොට .අනේ මට බැහැ. . (දී)
රන්පොකුණුගම තියන කුඩු නවත්වන්න පොලිසියට හැකිවේව (දී)
සෙනරත් මහත්තයෝ ඔයා හරියටම හරි ඒ දෙය කරන්නේ නැති එක තමයි දැන් වෙලා තියෙන්නේ. (නදී)
හැම ගමකම කුඩු වෙළෙන්දන් කව්ද කියලා ගමේ හැමෝම දන්නවා. ඒත් ඒ ගමේම පොලිසිය දන්නේ නැහැ. වෙස් වලා ගත් පොලිස් නිලදාරීන් මේ කාර්යට යොදවා නීතියට කොටු කර ගත හැක. දැන් ඔබ කියාවි මේ අයව ඇල්ලුවම දේශපාලකයෝ විසින් ඔවුන්ව මුදා ගන්නවා කියලා. පොලීසිය සැකයකින් තොරව හොද හැටි දන්නවා නම් හරියටම කුඩු වෙළෙන්දා කව්ද කියලා. සැකකරු නිදහස් කල පසුව ඒ පුද්ගලයා ගැන පුද්ගලිකව වග බලා ගත යුතුය.(නදී)
ලංකාවට මත්කුඩු එන්නේ අහසින්ද කියලත් හිතෙනවා ,මුළු සමාජයම විනාස කරන ජාවාරම් නවත්වන්න නීති නැත්තේ ඇයි, නීති හදන අය භයද , නැත්තම් මේ ව්‍යාපාර කරන්නේ නීති හදන්නොමද ? ඇත්තටම සැබැ උවමනාවක් ඇත්නම් මේ වගේ දේවල් නතරකරන්න අදම හඩක් නගමු මොකද කියන්නේ කැමතිද ? (දී)
මෙච්චර කුඩු ඇල්ලුවට දඬුවම් ලබෙනහැටි කොහොමද කියල අපි දැනගන්නේ කවදද? (දී)
මොනවා කීවත් වැඩක් නැහැ මේ අයට මරණ දඩුවම ක්‍රියාත්මක කරන්ඩ ඕනේ අදම. එතකොටය් මේ අයට බයක් හිතෙන්නේ. නැතිනම් අපේ සමාජය කවදාවත් හදන්ඩ බැරි වෙයි.(නදී)
ආගමීක ආයතන , ස්වෙච්ඡා ආයතන ,සමාජ සේවා දෙපාර්ත්තුමේන්තුව ,මහජනයා ,පොලීසිය හමුදාව ,රේගුව,මාද්‍ය එකතුවී වැඩකළ යුතුයි.(නදී)
චන්ද්‍රා, අපි කැමතිවෙලා මොනා කරන්නද? කවදාවත් මේවා නතර වෙන්නේ නැහැ. මොකද අපේ රටේ නිතිය පන මදි නිසා. කොච්චර ඇල්ලුවත් දඩයක් ගහලා නිදහස් කරනවානේ අනෙක ඔය ඇල්ලුවේ හාල් මැස්සෙක් .කකුළුවෙක් විතරයි.(නදී) තෝරු,මෝරු,අහුවෙන්නේ නැහැ !! නැහැ නැහැ උන්ව අල්ලන්නේ නැහැ (අනේ අපොයි මගේ රට )