රුපියල් විසිහතර ලක්ෂ අට දාස් දෙසිය තිස්පහක් වටිනා විදේශ මුදල් තොගයක් තම ගමන් මල්ලේ සගවාගෙන සිංගප්පුරුව බලා යාමට පැමිණි ශ්‍රී ලාංකිකයෙක් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී අත් අඩංගුවට ගනු ලැබීය.
සැකකරු වැලිගම ප්‍රදේශයේ පදිංචි 47 හැවිරිදි ව්‍යාපාරිකයෙකි.
ඔහු ලග තිබී ඇමරිකානු ඩොලර් පහලොස්දහසක්, සෞදි රියාල් දස දහසක් අත් අඩංගුවට ගෙන ඇත.
ඔහු ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යු.එල් 302 දරණ ගුවන් යානයෙන් සිංගප්පුරුව බලා යාමට කටුනායකට පැමිණ තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd