රුපියල් ලක්ෂ පහලොවක් වටිනා හෙරොයින් පැකට් දෙකක් තම ඉකිළි වල අලවාගෙන ඩුබායි සිට මෙරටට පැමිණි ශ්‍රී ලාංකිකයෙක් කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී අත් අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක රේගු නීති අංශයේ අධ්‍යක්ෂක ලෙස්ලි ගාමිණී මහතා කීවේය.
සැකකරු දෙමටගොඩ ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි පුද්ගලයෙකි. ඔහු නිතර නිතර ඩුබායි සහ ශ්‍රී ලංකාව අතර ගමන් බිමන් සිදු කර ඇති බව රේගුව කියයි.
අත් අඩංගුවට ගනු ලැබු හෙරොයින් වල වටිනාකම ග්‍රෑම් 216 කි. ඔහු මෙම හෙරොයින් පැකට් දෙකක් වන සේ සකස් කර ඉකිලි දෙකෙහි අලවාගෙන රැගෙන විත් තිබු බව රේගුව කියයි.
රේගුව විසින් දීර්ඝ ලෙස ප්‍රශ්ණ කිරීමේදී ඔහු පවසා ඇත්තේ තමන් කාලයක් බන්ධනාගාරගතව සිටි බවත් එහිදී හඳුනාගත් පකිස්ථාන ජාතිකයෙක් මාර්ගයෙන් ව්‍යාපාරික කටයුතු සඳහා ඩුබායි ගිය බවයි.
ඔහු මීට දින තුනකට පෙර එනම් පසුගිය පස්වෙනිදා ශ්‍රී ලංකාවේ සිට ඩුබායි බලා ගොස් ඇති බව රේගුව විසින් කරන ලද පරීක්ෂණ වලදී අනාවරණය කර ගෙන ඇත.
ඔහු එමිරේට්ස් ගුවන්සේවයට අයත් ඊ.කේ 348 දරණ ගුවන් යානයෙන් ඩුබායි සිට මෙරටට පැමිණ සිටියදී රේගු නිලධාරීන්ට ඇති වු සැකයක් මත පරික්ෂා කරද්දී මේ බව දැන අත් අඩංගුවට ගෙන ඇත.
මේ පිළිබඳ විමර්ශන කටයුතු ගුවන් තොටුපොළ රේගු අධ්‍යක්ෂක ඒ.කේ.එන් වික්‍රමසිංහ මහතාගේ අධීක්ෂණය යටතේ රේගු අධිකාරී ශාන්ත පියදාස සහ සහකාර රේගු අධිකාරීවරුන් වන ඩබ්ලිව් ප්‍රේම ජයන්ත, විපුල ප්‍රනාන්දු, ඒ.කේ.ආර් සමන්ජිත් සහ එම්.එම්.එම් රිස්වි යන නිලධාරීහු සිදු කරති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඩුබායි රට මත් ද්‍රව්‍ය වලට තහනම් නියෝග දැම්මත් ජාත්‍යන්තර ගුවන් තොටුපොලේ සුක්ෂම උපකරණ හා රේගු නිලධාරීන්ගේ ඇස් වසා ආවත් කටුනායකදී හසුවීම පුදුමයක් නොවේ ! (අ)
ඩුබායි රට මත් ද්‍රව්‍ය වලට තහනම් නියෝග දැම්මත් ජාත්‍යන්තර ගුවන් තොටුපොලේ සුක්ෂම උපකරණ හා රේගු නිලධාරීන්ගේ ඇස් වසා ආවත් කටුනායකදී හසුවීම පුදුමයක් නොවේ ! (අ)
බලධාරීන් වෙතටය ලංකාවටත් වෙන්නේ ඇෆ්ගනිස්ථානයට සහ පකිස්ථානයට වූ දේමය (ස)
කොහෙන් ගියත් පාකිස්තානයේ නම කුඩු වලට ගෑවෙනවා! (නි)
ලේකම් ගේ ලිපියෙන් එලියට ගන්න ගිය කුඩු කන්ටේනරයට මොකද වුනේ? (නදී)
ලේකම් ගේ ලිපියෙන් එලියට ගන්න ගිය කුඩු කන්ටේනරයට මොකද වුනේ? එය දැන් කෝ. එය ගෙනාවේ කව්ද කියා එලිවුනේ නැහැ තවම (නදී)
එ්කේ තිබුනේ පිටි. කුඩු කිව්වත් පිටි කිව්වත් දෙකම එක මයි. එ්ක දැන් ඉවරයි. ආයෙත් හාරා හාරා අවුස්සන්න එපා. (නදී)