පොළොන්නරුව ගල්ලෑල්ලේ මිල්කෝ කිරි කම්හලේ කිරි ලීටර් 6000කට රසායනයක් මිශ්‍ර වීමෙන් පාවිච්චියට ගත නොහැකි වී ඇතැයි එහි සේවකයෝ කියති.
කිරි තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ 10ක් බවද ඔවුහු පවසති.
මිල්කෝ සාමාන්‍යාධිකාරී සුදත් මුණසිංහ මහතා පැවසූයේ එවැනි සිද්ධියක් ගැන පරීක්ෂණයක් පවත්වන බවයි. එම කිරි ඉවත් කරන බවද ඔහු කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක හරි කතාවක්නේ. කිරි ටික නාස්ති වෙලා තියෙන්නේ නිකන්මද? සම්මත නිෂ්පාදන ක්‍රියාවලියන්ට අනුකූලව කළා නම් ලක්ෂ දහයක් කාණු දිගේ යනවද? (නි)
ඔය වගේ අත්වැරදීම් වෙනවා. ඒකට වැඩවර්ජන උද්ඝෝෂණ කරලා වැඩක් නැහැ. කවුරුවත් සිතාමතා ඔය වැඩේ කළා නම් ඒක කඩාකප්පල්කාරී ක්‍රියාවක්. නොසැළකිල්ල නිසා වුණා නම් ඒකට අඩු පුහුණුව, නියමාකාර ක්‍රියාපටිපාටියක් පැහැදිලිව නොතිබීම වගේ දේවල් පවා බලපාන්න පුළුවන්. ඉදිරියට එවැනි වරදක් නොවීමට නිසි ක්‍රියාපටිපාටියක් හඳුන්වාදීම තමයි වැදගත් වෙන්නේ. ඔයතරම් පරික්ෂා කරලා අහසට යවන අභ්‍යවකාශ යානා පවා අතපසුවීම් නිසා බිමට කඩා වැටෙනවා. අධිෂ්ඨානය වියයුත්තේ වැටි වැටී නැගිටිමු යන්නයි. (නි)