දකුණු ඉන්දියාවේ මර්මස්ථානවලට පහර දීම සඳහා පාකිස්තානයේ ත්‍රස්තවාදීන්ගේ සහාය ලබන කණ්ඩායම් ශ්‍රී ලංකාව හා මාලදිවයින සංක්‍රමනික කේන්ද්‍රය ලෙස පාවිච්චි කරතියි ඉන්දියා ආරක්ෂක අංශ සෝදිසියෙන් සිටියි.
පාකිස්තානයේ ත්‍රස්තවාදීන් නිසා නොමග ගිය මූලධර්මවාදී කොටස් මාලදිවයිනේ සිටින බවට ඉන්දියාවට තොරතුරු ලැබී ඇත.
ශ්‍රී ලාංකිකයකු චෙන්නායි නුවර දී අත්අඩංගුවට ගැනීමත් සමග ඉන්දියාවේ සැකය වැඩි වී තිබේ.
මෙම සැකකරු චෙන්නායි හා බැංගලෝරයේ ඇමෙරිකා හා ඊශ්‍රායෙල කොන්සල් කාර්යාල පිළිබඳ ඔත්තු බලා ඇතැයි පිළිගෙන ඇත.
ශ්‍රී ලාංකිකයා ඔත්තු බැලීමේ කටයුතු සඳහා ඉන්දියාවට විසි වාරයක් පමණ ගොස් ඇතැයි ඉන්දියාව කියයි.
ඔහු කොචි හා විෂාඩ් වරාය ගැන ඔත්තු බලා ඇතැයි ඉන්දියාව කියයි.
වෛද්‍ය ප්‍රතිකාර හෝ නිවාඩු ගත කිරීම සඳහා ඉන්දියා සල්ලි රැගෙන කාබුල් නුවර සිට ඉන්දියාවට එන ඇෆ්ගන් ජාතිකයන් ගැන ඉන්දියාව දැන් වැඩි සැලකිල්ලක් යොමු කරයි.
ඉන්දියාවට එන ඇතැම් ඇෆ්ගන් සංචාරකයනට පාකිස්තානයේ සමහර ආයතනවලින් හොර සල්ලිද ලැබෙතියි ඉන්දියා නිලධරයෝ කියති.
ඇෆ්ගන්වරුන් යන එන ඉන්දියා රෝහල් හා ආයතනවලට ඉන්දියාව උපදෙස් දී ඇත්තේ ඔවුන්ගේ ගෙවීම් චෙක්පත් හෝ ටෙලර් යන්ත්‍රයෙන් හෝ නිසි ලියැවිලි සහිතව බාර ගන්නා ලෙසයි.
පකිස්තාන සහයෝගය ලබන ත්‍රස්තවාදීන් උතුරු ඉන්දියාවෙන් රටට ඇතුළුවෙතියි ඉන්දියාව විශ්වාස කරයි.
අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකිකයා පවසා ඇත්තේ මාලදිවයිනේ සිට චෙන්නායි නුවරට එන දෙදෙනකුට පහසුකම් සපයන ලෙසයි. ඉන්දියා ආරක්ෂක අංශ පවසනුයේ එම දෙදෙනා ඉන්දියාවේ ත්‍රස්ත ප්‍රහාර සඳහා ඒමට සිටි බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ එල්.ටී.ටී.ඊ.එකට පුහුණුව සහ අවි දුන්නේ ඉන්දියාවයි. දැන් ඒකට වන්දි ගෙවන්න සිද්ධ වෙලා වගේ. පිටරටින් සල්ලි ගෙන තමන්ගේ ලංකාවට හතුරුකම් කරන අය ඉන්න රටේ, පාකිස්ථානයෙන් සල්ලි ගෙන ඉන්දියාවේ පෙරළි කරන අය ඉන්න එක පුදුමයක්ද? (නි)
දැන්නම් ඉන්දියාවත් බයවෙලා වගෙයි (නි)
දැන්ද මේක දන්නේ? අපිට නම් හැරෙනකොට තේරෙනවා පාකිස්ථානය මෙච්චර ලංකාවත් එක්ක අනියම් ඇසුරක් පවත්වද්දී. (උදාහරණ : කුඩු කන්ටේනරය) (නි)
ඔය එළිවෙන්නේ ටික ටික (නි)
මෙහෙ ඉන්න පාකිස්තාන් අය කඩ දාගෙන ඉන්නේ කොහොමද කියලා හොයලා බැලුවොත් හොඳයි.කුඩු ගේනකොටත් මුලට එන්නේ ඒගොල්ලෝ හින්දා (නි)
දැන්වත් තේරෙනවද බොදු බලසේනා නිකන් රණ්ඩු කරේ නැහැ කියලා. (නදී)
මේ ප්‍රශ්න කරන්නේ මිගමුව පැත්තේ ඉන්න පකිස්ථාන ජාතිකයන් පිළිබඳවද? දැන් බලාගෙන ගියාම ටික ටික තමයි එලි වෙන්නේ. දැන් මේ කොමෙන්ට්ස් දාන කට්ටිය මැද්දේ මම ජාතිවාදී වෙයිද දන්නේ නැහැ.(නදී)
එතකොට තමිල් නාඩුව අර ත්‍රස්තයින්ගේ ගර්භාෂය නේද. (නදී)
ඔහොම යමු තව ඉදිරියට. කාලය කෙතරම් දරුණුද වැටහේ එතකොට (නි)
අපිට ඔය ත්‍රස්තවාදීන් පහර දෙන කොට සැලසුම් කරේ බොහොමයක් ඉන්දියාවේ සිටයි. ඉන්දීය රජය නොවුනත් රජයේ සමහරුද ඒවාට උදව කරා. ඒවා දැන් කණපිට හැරිලා . එහෙත් ලංකාව ත්‍රස්තවාදයට උදව් කරන රටක් නොවේ. එයට විරුද්දව සැම තැනම ක්‍රියා කරන රටක්. දෙබිඩි පිළිවෙත් නැහැ ත්‍රස්තවාදය වෙනුවෙන්.(නදී)
ඔන්න බලන්න ඒකෙත් හැටි (නි)
ඔය පටන් ගත්ත විතරයි. හොඳ හොඳ සෙල්ලම් ඉස්සරහට බලාගන්න පුලුවන් වේවි. (ස)
අනුන්ට කල දේ තමන්ට පල දේ. (ස)
එතකොට කොටි පෝෂණය කරන තමිල්නාඩුව තියෙන්නෙ මොන රටේද ? (නි)
ගන්දර සයිමොන් හරි. (නි)
සමිපත් මල්ලි ඔය කියන්නේ කොටි සංවිධානය ගැන නෙවෙයි. (ස)
ඉංදියාවටත් දැනෙන්න ඕන යුධ බිය මොකක්ද කියලා. (ස)
ත්‍රස්තවාදය ලෝකෙ කොහෝ තිබුණත් එක වගේ කරදර තමයි මිනිස්සුන්ට වෙන්නේ. සැම දෙනාගේ සහයෝගය සාකච්ඡාව තුළින් නිසි විසදුම් දී නිරාකරණය කර ගැනීම තමා හොඳ. (ස)
ඉන්දියාවේ තමිල්නාඩු කියන්නේ දකුණු ආසියාවේ ත්‍රස්තයන් බෝ කරනා හා පුහුණු කරනා නගරයක් . අපි දැක්කා පසු ගිය කාලයේ බෞද්ධ හිමිවරුන්ට එලව එලවා පහර දෙනවා ත්‍රස්තයන් , තමිල්නාඩු බලදාරින් කිසි දෙයක් කලේ නැහැ ඔවුන්ගේ ආරක්ෂාවට. ලංකාවට විරුද්ද ත්‍රස්තයන් බෝ කිරීම පුහුණු කිරීම අප රටට අපහාස කිරීම තමිල්නාඩු බලදාරින් නිතරම කරන දෙයක්. ඔවුන්ටත් ත්‍රස්ත බිය අනිවාර්යෙන් එති විය යුතුයි. එවිට ඔවුන්ගේ මොලයට වැටහිමක් ඇති වේවි . මොකක්ද ත්‍රස්තවාදයෙන් සිදුවන්නේ කියන එක.(නදී)
ගන්දර,ඉන්දියාවේ ආණ්ඩුව කෙළින්ම උදවු කළා. (නි)
කොහොමද වැඩේ?ඉන්දියාවට එහෙම වෙන එක ගැන මම පුද්ගලිකව සතුටු වෙන ගමන්ම මේකෙන් ලංකාවට අනතුරක්ද දකිමි.මෙහෙම පුහුණු ත්‍රස්තවාදීන් ලංකාවේ ඉන්න එකෙන් අපට ප්‍රශ්න ඇති වෙන එක වළක්වන්න බැහැ. (නි)
ඒ ගමන මේ මොකද්ද වෙන්න යන්නේ? (නි)