ඉන්දියාවයි හා ශ්‍රී ලංකාවයි හරියට සහෝදරයන් දෙන්නෙක් වගේ රටවල් දෙකක් බව රාජ්‍ය ඇමති සුජීව සේනසිංහ මහතා කීවේය.
ඉන්දියාවට හා ශ්‍රී ලංකාවට ආවේණික අත්කම් නිර්මාණ බටහිර දියුණු රටවලට අපනයනය සඳහා රටවල් දෙකටම වෙළඳපොළ විවෘත වන බවත් දෙරට අතර සහයෝගීතාවය වැඩි දියුණු කර ආසියාවේ බලවත් රටවල් දෙකක් කිරීමට අපට හැකියාව ඇති බවත් ඔහු පැවසීය. ශ්‍රී ලංකාවේ ඉන්දියා මහ කොමසාරිස් කාර්යයාලය හා ඉන්දීය විදේශ අමාත්‍යංශයේ ආයෝජන සහ තාක්ෂණ ප්‍රවර්ධන අංශය සංවිධානය කළ “ ඉන්දු ශ්‍රී ලංකා ශිල්ප කලා” අත්කම් හා රෙදි පිළි ප්‍රදර්ශනය කොළඹ දී විවෘත කරමින් ඔහු එසේ කීවේය.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අයියාගේ බඩේ බිජු වල රඟ දැනෙන්නේ කෙකර ගානකොටයි. සමහර විද්වතුන් දකින අන්දමට මුටසීව රජතුමාගේ කාලේ පටන් ඉන්දියාව පුංචි ලංකාව ඔවුන්ට ගැතිකර ගැනීමට වෙර දැරුවා. අපේ වීරෝධාර ලාංකිකයන් ඔවුන්ට විරුද්ධව නැඟී සිටියා. අවුරුදු දහස් ගණනක් අප විරුවන් ලේ පුදා මේ භුමිය රැක්කා. නමුත් දැන්? (නි)
මාල දිවයිනට මල්ලී කීවත් ඉන්දියාවට අයියා කියන්න නම් 'වානා'. ඒ දවස් වල නම් කරට අත දාගෙන හිටපු ගඩාෆිගේ ලිබියාව, ස්වාසිලන්තය, කොන්ගෝ වගේ රටවල් නම් අපිට කියන්න ඇත්තේ 'මචං' කියල වත්ද? (අ)
සුජීව සේනසිංහ කථා කරන්නෙ හොඳ සිහියෙන්ද,අවසිහියෙන්ද?(අ)
සුජීව සේනසිංහ කථා කරන්නෙ හොඳ සිහියෙන්ද, අවසිහියෙන්ද?(අ)
ඉන්දියාව ඉස්සරහා දණගහන නිවට දේශපාලනයක් අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ (නි)
අනේ මොකට කියනවද (බ)
අසල්වැසි රටවල් අයියල මල්ලිලා බාප්පල නැන්දම්මල නෙවෙයි. කරුණාකරලා ආත්ම ගෞරවයක් ඇතුව කොන්ද කෙලින් තියාගෙන රටක් වශයෙන් පවතින්න නම් ඔය වගේ "හේත්තු වෙන" අදහස් පල කරන්න එපා ඇමති තුමා. රාජපක්ෂ රජයේ මුල්‍ය ප්‍රතිපත්ති ගැන විශාල පැහැදීමක් අපිට නැතත් ශ්‍රී ලංකාව ස්වාධින රාජ්‍යයක්ය යන ආකල්පය ඔහු අපේ මිනිස්සු තුල ඇති කළා. ඒ වටිනා අවබෝධය ආරක්ෂා කරන්න.(බ)
මෙයා කියන්නේ මොනවද කියලා මෙයාවත් දන්නේ නෑ (බ)
ඔව් ලංකාවයි ඉන්දියාවයි අයියයි මල්ලියි වාගේ වුණාට රණ්ඩු කරගනිද්දි නම් එහෙම දෙයක් පෙනෙන්නේ නැහැ. පසුගිය රජය කාලේදී ඉන්දියාව වැඳපුදා ගැනීමට ගිය ස්වාමීන් වහන්සේලාටත් පහරදෙන තරමට ඉන්දියාව ලංකාව සමඟ විරසක වෙලා තිබුනේ. නමුත් අද වර්තමානයේ ඇති වෙලා තිබෙන වෙනස පිළිබඳව ඒ අතින් නම් අපිට ගොඩාක් සතුටුයි. (නි)
කන්නේ මොනවාද ? (බ)
ඔයිට වැඩිය හොදයි තෝසෙයි වඩෙයි වගේ කියල කිවුව නම්..(බ)
අැත්තටම මේ වගේ අයද මේ රට පාලනය කරන්නේ කියල හිතෙනවා.මෙයා කථා කරන්නේ හරියට මැරිලා ඉපදිලා වගෙයි.රටේ යුද්දේ තිබුන කාලේ ඔය අයියල , මල්ලිලා , බාප්පල, මාමල කොහෙද හිටියේ.රුසියාව,චීනය, පකිස්තානය වගේ රටවල් තමයි අපිට අමාරු අවස්ථාවේදී සහයට හිටියේ. නැතුව ඔය හිගන ඉන්දියාව නෙවෙයි. ඇත්තටම මුන්ගේ යහපාලනේට අපිත් සහය දීල දැන් කණගාටු වෙනවා. (බ)
නැතුව නැතුව, එතකොට අපිට ඇමරිකාව පරද්දන්නත් ඇහැකි වේවි (ඒකටලුනේ ඔහෙලා එට්කා ගේන්නෙත් නේද - එහෙම නැතුව ඉන්දියාව බලෙන්ම ඇඟේ ගසන නිසා නෙවේනේ?). (බ)
60% ශ්‍රී ලාංකික ඡන්දදායකයින් පත්කළ අයගේ වැඩනේ මේ (නි)
අයියට හේත්තුවෙලා ඉන්නකෝ බලන්න. මල්ලිගේ ඔලුවවත් හොයාගන්න බැරිවෙයි තව අවුරුදු දෙක තුනකින්. කට තිබුන පලියට බලය තිබුන පලියට කියවන මේ දේශපාලකයන් නිසා අපි වලපල්ලටම යමින් සිටිමු. (බ)
අපි නොදන්න ඉන්දියාව ,අසල වැසි රටවල් ඔක්කොම ඒ ගොල්ලොත් එක්ක තරහ අැයි කියල පොඩ්ඩක් හිතල බලන්න (බ)
දොඩවන අය. මෙවුන්ටත් ඡන්දෙ දුන්නා නේද අපේ රටේ මෝඩයෝ. (බ)
මේ මිනිස්සු කොහොම හරි ලංකාවේ කොල්ලන්ගේ රස්සා ටික ඉන්දියාවට දෙයි මොකද ඉන්දියාවනේ මේ ගොල්ලන්ට බලයට එන්ඩ උදව් කළේ (බ)
ඔව් ඔව් අය්යා කරන්නේ මල්ලිට පාර්ට් එක දාලා මල්ලිගේ දේවල් කඩා වඩා ගන්න එකනේ (බ)
හින්දි ෆිල්ම් බල බල රට කන්න හදන අමුනුස්ඝයෙක්, ඒ රටට ගිහින් බලන්නකෝ රගේ, සත්තුන්ගෙන් පිරුණු රටක්. (බ)
පසුගිය වසර 2500 ක පමණ අප දන්නා ඉතිහාසය තුළ ඔය කියන අයියා ලංකාව යටත් කරගැනීම සඳහා විටින් විට ලංකාවේ රජ කළ රජවරුන්ට විරුද්ධව කී වරක් යුද්ධ ප්‍රකාශ කරලා තියෙනවද කියල කියන්ට දන්නේ ඉතිහාසය ඉගෙනගෙන තිබෙන කෙනෙක් පමණයි. (බ)