අපේ රටේ මහා ජනතාවගෙන් කිහිප දෙනෙකු පැනමාවේ ෆොන්සේකා නිතීඥ සමාගමේ ගිනුම් ආරම්භ කර තියනවා කියන ආඩම්බර තොරතුරු අපිට ලැබි තිබෙනවා.
දැන් මේවා ගැන හොයා බලා කවුද මේ ආඩම්බර කාර ව්‍යාපාරිකයෝ, කවුද මේ තරම් ධනවතුන් කියලා පරික්ෂා කිරීමේ වගකීම අපේ රටේ ආණ්ඩුවට වගේම පොලිසියටත් තියෙනවා.
‘‘විදුලි බල නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා මහතා එසේ පැවැසුයේ බණ්ඩාරගම නගරයේ ලංකා ධිවර සංස්ථාවේ වෙළඳ සැළක් අරඹමිනි.‘‘
‘‘ලෝකයේ කළු සල්ලි නොහොත් හොර සල්ලි හංගන තැන් කිහිපයක් තියෙනවා. එකක් සිංගප්පුරුව , පැනමාව, ඒ වගේම යුරෝපයේ තියෙනවා මෑන් ඔෆ් අයිල්ස් කියලා වෙනම දුපතක් , එක්සත් අරාබි එමිර් රාජ්‍යය , ඩුබායි ‘‘
එම මුදල් තමයි විවිධ ක්‍රම වලින් අයුතු ලෙස උපයා ගන්න ධනය පැනමාවේ ෆොන්සේකා නීතිඥ සමාගම පවත්වාගෙන ගිය ලිපි ගොනු දහහතර දහකට වැඩි ප්‍රමාණයක් එළියට ගියා. ඒ ලිපි ගොනු වලින් දෙදහක් විතර තියෙන්නේ ෂි ෂෙල්ස් දුපතේ ලියා පදිංචි වෙච්ච සමාගමේ.
අපේ රටේ සමහරක් පසුගිය දවස් ෂි ෂෙල්ස් වල ගනුදෙනු පටන් ගත්තා. බොහෝම උනන්දුවෙන්.
ජනතාව කිව්වම මහ ජනතාවගෙන් තේරි පත් වූ අයගේ පවුල් වල ඉන්න මහ ලොකු අය ෂි ෂෙල්ස් වල ගනුදෙනු පටන් ගත්තා



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නම් දැනගන්න ඇතත් නැතත් මුළු ජනතාව පොල්ගහන්න මිරිස් අඹරන්න ඕනේ ඔන්න ඔය මහා පරිමාණ හොරුන්ට වදින්නටයි ...(බ)
මෙයා ගොඩක් දේවල් දන්නවා මඩ නැතිව වැඩක් මොනවා හරි කරන්න මහත්තයෝ (බ)
පැනමා ලිපිගොණු මිලියන ගණනක් එළිදැක්වීමෙන් පසු, ඇතිවී තිබෙන ජාත්‍යන්තර තත්වයෙන් ප්‍රයෝජනයට ගෙන, ලංකාවේ මේ හා ඇඳුනු දේශපාලකයින් හෝ ව්‍යාපාරිකයින් ඇත්නම් ඔවුන්ගේ නම් ප්‍රසිද්ධ කළ යුතුය...එතෙක් අපට බලා සිටින්නට සිදුවී ඇත. (බ)
අන්න චම්පික ඇමති කාලේ විදුලි බල මණ්ඩලේ සභාපති විද්‍යා අමරපාල එක කෙනෙක්. චම්පිකව අත් අඩංගුවට අරන් ප්‍රශ්න කරන්න සල්ලි කාගේද කියල එතකොට දැනගන්න පුළුවන්. තව එක්කෙනෙක් තිලංග සුමතිපාලගේ සහෝදරයා. යහපාලන නියෝජ්‍ය කතානායකගේ සහෝදරයා. අජිත් ඇමති තුමා නිකන් දොඩවන්නේ නැතිව ඒ අය ගැන මේ යහපාලන ආණ්ඩුව හොයල බලන එක නේද හොඳ? (බ)
මගේ අම්මෝ ඉන්න සෙනග. මුහුදේ මාළු වගේ. (බ)
පහුගිය ආන්ඩුවේ ලොක්කෝ ඔක්කොටම ඇති මේවායේ ගනුදෙනු. (බ)
රජයක් හැටියට මුන්ට විලි ලජ්ජා නැහැ අද වෙනකන් මේ ගැන ගන්න පිළිවෙත කියා නැහැ ඊට හේතුව මුන් දෙගොල්ලගෙම හොරු මේ ලයිස්තුවේ ඇති කියල නිශ්චිතවම හිතෙනවා අපිට (බ)
ජාත්‍යන්තර වත්කම් සීමාවලට හසු නොවන ආකාරයෙන් මුදල් විශුද්ධිකරණය කළ අය ලංකාවේ ඇත්නම් ඔවුන්ගේ නම් ප්‍රසිද්ධ කළ යුතුමය. එසේ නොකර අතිශයෝක්තියෙන් කරන කතා පැවසීම නිෂ්ඵල දෙයකි. (බ)
පිළිවලට ලිස්ට් එක එලියට දාන්න. අපිට බලන්න පුළුවන් කාගේ කාගේත් රගපෑම්.(බ)
මිනිස්සු බලයට කොතරම් කැදරද කියලා මේවයින් තේරුම් ගන්න පුළුවන්..හැබැයි පැවතීමක් නැහැ....(බ)
මේ අැමැතිලා ඉස්කෝලේ ගිහින් නැහැ. ජනතාව මුලා කරනව බොරු කියල. මේ බොරුවලට මිනිස්සු රැවටෙන්නේ නැහැ. (බ)
තාජුදීන් ගේ වගේ බොරු සැක ඇතිකරන්න එපා. මිනිස්සු නොමග යවන්න..(බ)
ෆොන්සේකා සමාගමේ ආයෝජනයට අවමය ඇමරිකන් ඩොලර් 1000/=.... අර කෝටි 8 වියදම් ගිය ජෝගින් පාත් එක හදපු එවුන් ගැනයි කඩාපු කාලකන්නි ගැනයි හොයපල්ලා (බ)
මෑන් ඔෆ් අයිල් නෙමේ අයිල් ඔෆ් මෑන් ඔහේ කියවනවා. (බ)
රටේ කිසිම සංවර්ධනයක් නැහැ . තියන ඒවත් කඩල දානවා . අල්ලපු හොරෙකුත් නැහැ .සමහර මිනිස්සු මේවා කියන විට ඇස් කටවල් ඇරගන අහගන ඉන්නවා .. මිනිසුනේ හිතන්න .මෙයාල තමා ලොකුම හොරු අපේ බදු මුදල් වලින් පඩි අරගෙන රටට කරන කිසිම සුගතියක් නැහැ .(බ)
1977 සිට කළ ගනුදෙනු එළිවන හින්දා සමහරු හරි අපුරුවට ලස්සන වචන සෙට් එකක් දාලා පැනමාවටම බෝලේ පාස්කරන්න උත්සාහ ගන්නවා කියලයි අපිට හිතෙන්නේ (නි)
තව තව හොඳ සෙල්ලම් ඉදිරියට දැනගන්න ලැබේවි (නි)
කටමැත දොඩවනවා ඉවරයක් නැහැ. දැන්නම් කටින් වැඩ පෙන්නලා වැඩක් නැහැ. තමුන් දක්ෂයින් බව ක්‍රියාවෙන් පෙන්වන්න (නි)
බලනකොට අපේ රටේ මිනිස්සු දුප්පත් කියලා කියන්නේ බොරුනේ (නි)
අනිවාර්යෙන්ම රාජපක්ෂලාත් කොනක ගෑවිලා ඇති. එළිවෙන යාමෙට හොඳ හොඳ සෙල්ලම් කිවුවලු. (නි)
කාගෙ කාගෙත් බොරු එළිවෙන හැටි බලන්න පුළුවන් රූපවාහිනී විවාද වලදී (නි)
යහපාලනයේ දේශපාලකයන් තරම් වංචාව සහ දුෂණය ගැන කතාකරන යුගයක් මෑත ඉතිහාසයේ අපි නොදුටුවෙමු. අන් අය විවේචනය කරන්නේ තමන් නිර්දෝෂවද යන්න අපි බලා සිටිමු. විවේචනයට පමණක් සීමාවී ඇති වංචාව සහ දුෂණය, නීතිය ක්‍රියාත්මක වන්නේ කවදාද යන්න අද ජනතාවට ඇති ප්‍රශ්නයකි. දේශපාලන ගනුදෙනු පියවා ගැනීමේ අවියක් තනාගැනීමේ උත්සාහයක් පමණක්වේද? (නි)
මේවා කිවුවා කියලා විතරක් වැඩක් නැහැනේ (නි)
88 - 89 කාලේ සිද්ධවුණ අපරාධ ගැනත් හොයන්නකෝ. (නි)
මේ මහත්තයා හරියටම තොරතුරු දන්නවා වුණත් ඒවා ඔප්පු කරගන්න බැරිවුණානේ (නි)
අපෝ! දහම්ට මොකද ගිය ආණ්ඩුවේ හොරු ගැන කිව්වහම මුහුදේ මාලු මතක්වෙන්නේ? (නි)
පැනමාවේ කළු සල්ලි අල්ලන ගමන්ම විදෙස්ගත ශ්‍රමිකයන් දහදුක් විඳලා එවපු සල්ලි හොරාකාපු නිලධාරින් ගැනත් හොයන්න. (නි)
පරණ කට්ටියගේ හොර සෙවිය යුතුයි. හැබැයි ඒ අතරම දැන් ඉන්න කට්ටිගෙත් හොරකම් කරන්න හිතාගෙන හරි ඉන්නවා නම් ඒකටක් වැට බැඳිය යුතුයි කියලත් මතක තබාගත යුතුයි. පරණද අළුත්ද කියලා වෙනසක් නැතුව රට කන හොරුන්ව දැන් ජනතාවට අප්‍රසන්නයි (නි)
යහපාලනයේ දේශපාලකයන් තරම් වංචාව සහ දුෂණය ගැන කතාකරන යුගයක් මෑත ඉතිහාසයේ අපි දැක්කේ නැත්තේ ඊට කලින් තරම් හොරකම් කරපු යුගයක් අපේ රටේ නොතිබුන නිසයි (නි)
ධර්මදාස ගමගේට උතුර දකුණ මාරුවෙලා වගෙයිනේ කතාව (නි)
වසර 30 ක් පුරාවට යුද්දෙට විනාශ කරපු දේපල, ජිවිත සල්ලි, කාපු එවුන් ගැන කතා නොකරන්නේ අයි?(කෞ)
හැමදාම එක එක කතා කියා කියා ඉන්නවා විතරයි. වැඩක් කරන්නේ නැහැ . යකෝ හොරකම් කරලා තියනවනම් හොයල දඩුවම් කරපල්ලකෝ. (කෞ)
ගෙදර ගියොත් අඹු නසී.මග හිටියොත් නුබ නසී. වගේ තමයි මේ ආණ්ඩුවට වෙලා තියෙන්නේ.ඔක්කොම ඉන්නේ එක ගොඩේ. කොහේ අල්ලන්නද (බ)