පසුගිය සතියේ සෞදි අරාබියේ නැගෙනහිර පළාතේ පමණක් ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙකු මරණයට පත්වී ඇති බව වාර්තාවේ. මින් එක් අයෙකු වන හම්බන්තොට පදිංචිව සිට මීට කලකට පෙර සෞදි අරාබියේ දමාම් පළවැනි (1)කාර්මික ජනපදයේ ප්ලාස්ටික් නිෂ්පාදන භාණ්ඩ කර්මාන්ත ශාලාවක රැකියාවකළ වයස 40 ක පමණවූ දෙදරු පියෙකු වූ කන්දය්යා කුමාර වන අතර හදිසියේ ඇති වූ හෘදයාබාධයකින් එවෙලේම මරණයට පත්ව ඇතිබව වාර්තාවේ.කන්දය්යා කුමාර නමැති මොහු මිය ගියේය. එම ආයතනයේම රැකියාව කළ අම්බලන්තොට 29 හැවිරිදි ගයාන් ප්‍රියංකර මහතා යන්ත්‍රයකට සිරවීමෙන් ජීවිතක්ෂයට පත්වුයේ පසුගිය අගෝස්තු අවසන් සතියේය,
මේ අතර දමාම් සිට කිලෝමීටර් 200 ක පමණ දුර ප්‍රදේශයක මාළු නිෂ්පාදන ගබඩා සංකීර්ණ ආයතනයක රැකියාව කළ අබ්දුල් සලීම් මොහොමඩ් ආදම් නමැති ශ්‍රී ලාංකිකයෙකු පෙරේදා මියගොස් ඇති අතර ඔහුගේ මෘතදේහය මේවනවිට අල්කොබාර් රෝහලක තැන්පත් කර ඇතිබව එම ආයතනයේ රැකියාව කරන ශ්‍රී ලාංකිකයෙක් පවසයි. අබ්දුල් සලීම් ආදම් මහතා සෞදි අරාබියට පැමිණ ඇත්තේ මීට වසර 30 අට පමනබවද වාර්තාවේ,මේ පිලිබදව අදහස් දැක්වූ රියාද් ශ්‍රීලංකා තානාපති කාර්යාලයේ සිරිපාල ගම්මන්පිල මහතා පැවසුවේ අබ්දුල් සලීම් මහතාගේ මරණයට අදාල ලිපිලේඛන මේවනවිට අදාළ ආයතනය සමග හුවමාරු කරගනිමෙන් අනතුරුව මිහිදන් කටයුතු සෞදි අරාබියේදී සිදුකිරීමට නියමිත බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සඳා/ශාන්ත මාලදිවයින ඔයාල දකින තරමට සෞදිය නරක නැහැ. වැරදි වැඩ මෙහේ කරන්න බැහැ. අනික ඔය කියන තරම් දියුණුවක් ලංකාවේ නැහැ තියෙන්නේ දේශපාලන මඩවලක් පමණි. (නදී)
සඳා, නෑ කමක් හෙම තියනවද? දන්නේ නැති නිසයි අහන්නේ. සෞදියට නෙමෙයි ඒරොප් වලටත් ගැහැණු යවනවට මම නම් කැමති නැත. ඒරොප් හිටපු කෙනෙක් හැටියට. සෞදිය බියෙන් සැකයෙන් තොරව ජීවත් වෙන්න නීති පද්ධතියක් තියන රටක්. හොරකම, මිනීමැරුම් ,වංචාව, දුෂණය නැති රටක්. (නදී)
ලංකවේ මෙච්චර දියුණුවක් තියෙද්දී ඇයි සෞදි යන්නේ? (නදී)
සඳා ඔයාගේ අදහසට නම් මමත් ඒකගයි. ලෝකේ එපාම කරපු රට තමා සෞදිය කියන්නේ. (නදී)
කොහෙද සඳා ඔය කියන දියණුව තියෙන්නේ ? ඔය මනින්නේ ඇස්වලට පේන දෙයින්. ආර්ථික වශයෙන් අපි ගොඩක් පහල. මතක තියාගන්න, රටවලින් එන ඒ මුදල් තමයි අපේ ලොකුම ආදායම. හැබැයි ඒ අදායමෙන් බොහොම පොඩ්ඩක් ලංකාවේ මිනිස්සුන්ට ලැබෙන්නේ. අනිත් ඒවා යන දිහාව දෙයියෝ තමයි දන්නේ. (නදී)
මරණය කුමන රටක සිටියත් සිදුවන දෙයකි. ආයුෂ අවසාන නම් ඊට මුහුණදිය යුතුය. (නි)
ගොන් කතා කියන්නෙපා හෙලෝ. අපේ රටට විදේශ විනිමය එන්නේ පිට රට වැඩ කරන අය මාස්පතා එවන සල්ලිවලින්. අපේ රටේ අපනයනයට වඩා ආනයනය වැඩියි. ඉතින් කොහෙන්ද විදේශීය විනිමය හොයා ගන්නේ අඩුම තරමේ පෙට්‍රල් ටිකවත් ගන්න. (නදී)
අපි සෞදියේ සේවයට යන එක නතර වෙන්නේ කවදාද? (නි)
ශාන්ත මාල දිවයින එපාම කරපු රටක් නෙවෙයිද? මම අවුරුදු 12ක් සෞදි අරාබියේ වැඩ කරන කෙනෙක්. එහි පුර වැසියන් අප හා ඉතාම සහයෝගයෙන් වැඩ කරනවා. වැරදි කලොත් රජ තුමා ගේ දඬුවම් බොහොම සැරයි. නීතිය අකුරටම ක්‍රියාත්මක වෙන මේ රටේ දූෂණ, වංචා, හොරකම්, මිනී මැරුම් අපේ රටට සාපේක්ෂව හුඟක්ම අඩුයි. අනවශ්‍ය දේ නොකර රටේ පවතින නීතියට ගරු කරමින් වැඩ කරන පිරිමි අයට මේ රට රැකියා කිරීමට ඉතාම සුදුසු රටක්. මත් පැන්, දුරාචාර තහනම් නිසා. ඒ තත්වය වඩාත් යහපත්. කාන්තාවන් සෞදි අරාබියට වහල් වැඩ සඳහා එවන එක ගැන නම් මම කතා කරන්නේ නැහැ. (නදී)
කව්රු කොහොම කීවත් ලෝකයේ ජීවත් වෙන්න හොදම රටක් තමයි සෞදි අරාබිය. හොරකම බොරුව අල්ලස දුෂණය මිනීමැරුම් නැති රටක් (නදී)
ලංකාවේ දියුණුව කිව්වේ අාශ්චර්යටද? (නදී)
සෞදියේදී පින පෑදේ (නදී)
සඳා ලංකාවේ දියුණුව තියෙන්නේ ආස්චර්යමත් කට්ටියට විතරයිනේ (නදී)
ආසාවට රට යන්නේ නැහැ කව්රුත්. ආර්ථික ප්‍රශ්ණ වැඩිවෙනකොට මිල මුදල් නැතිව අසරණ වෙන කොට කාටත් රට යන්න වෙනවා (නදී)