ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර නව නිපැයුම්කරුවන්ගේ ප්‍රදර්ශනයේ දී ශ්‍රී ලංකාවේ දොස්තර එස්.ජේ.බී. ලෙනදොර හා දිනේෂ් කටුගම්පොළ ස්වර්ණ හා රජත සම්මාන දිනූහ. රටවල් 46කින් නව නිපැයුම් දහසක් පමණ ප්‍රදර්ශනයට ඉදිරිපත් කැර තිබිණි. උදරයේ සැත්කම්වලදී වේදනා අවම කිරීමේ උපකරණයක් නිපැයීමට දොස්තර ලෙනදොර සමත්විය. අරුක්කුවක හෝ ගෝලයක අර්ධ විශ්ක්ම්භය සෙවීමේ මීටරයක් නිපදැවීමට කටුගම්පොළ සමත්විය. නොවැලැක්විය හැකි හේතුවක් නිසා කටුගම්පොළ මහතාට ජිනීවා යෑමට නොහැකි විය. නව නිපැයුම් කොමසාරිස් දීපාල් සුරියආරච්චි මහතා පැවැසුයේ මේ ජයග්‍රහණය නව නිපැයුම්කරුවනට සානු බල සපයන බවයි.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රට වෙනුවෙන් වැඩ කරන්න අපේ විරුවන්ට තවත් දිරි දෙන්න
ලංකාවේ අයට හොද ආරම්භයක්
ශ්රී ලංකාවට සුභ පැතුම්
මේවට තමයි අපි ගරු කරන්න ඕනි.උණුසුම් සුබ පැතුම්. රටටට ආඩම්බරයක්
ඔබ ගැන ආඩම්බරයි
ඔබට ජාතියේ ප්‍රණාමය