ලොව අති දුර්ලභ ශාකයක් වන කෝන්තාලං ශ්‍රී ලංකාවෙන් වඳවී යාමේ තර්ජනයට ලක්ව ඇතැයි පරිසරවේදීහු පෙන්වාදෙති. ශ්‍රී ලංකාවේ දැනට වාර්තාවන එම වර්ගයේ අවසන් ශාක හතර ගාල්ල රූමස්සල කන්දේ නැගෙනහිර බෑවුමේ පිහිටි උණවටුන වැල්ල දේවාල භූමියේ පිහිටා තිබේ.
උද්භිද විද්‍යාත්මකව සියලොකාපස් රම්පි Xylocarpus rumphii ලෙස හඳුන්වන කෝන්තාලං ශ්‍රී ලංකාව, මැඩගස්කර් දූපත් හා මැලේසියාවේ වෙරළබඩ ප්‍රදේශවලින් වාර්තා වී ඇත. සිංහල වෙදකමේ සුප්‍රසිද්ධ ‘‘ගොපළු ගුලිය“ නමැති ඖෂධය මෙම ශාකයේ කොටස් යොදාගෙන සාදයි.
මීටර අටක් හෝ දහයක් පමණ උස්ව වැඩෙන කෝන්තාලං ගසේ මාර්තු අප්‍රේල් මාස වලදී සුදු පැහැති කුඩා මලක් හටගෙන බෙලි ගෙඩියක් වැනි ඵලයක් ඇතිවේ. එහි බීජ හතරකි. බීජ පැලකිරීමේ හැකියාව ඇතැයි පැවසුව ද ඒවායින් පැල හටගන්නා බව පෙනෙන්නට නැත.
උණවටුනේ ඇති කෝන්තාලං ශාක හතර ඉතා වයස්ගත තත්ත්වයට පත්වී ඇති අතර එහි කඳෙහි ඇති ගස් බෙන ඇතුලට දේවාලයට පැමිණෙන බැතිමතුන් විසින් අපද්‍රව්‍ය දැමීම හේතුවෙන් මේ දුර්ලභ ශාකයේ විනාශය කඩිනම් වී තිබේ.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දෑන්වත් පමානොවි බට් ක්‍රමයට පෑල ටිකක් හදාගන්න පුලුවන් , පරිසර වෙදින්ට ස්තුති. මේවගේවත් හොයා බෑලුවට. ඉක්මනට ලොකු ලොකු මල් පෑල ප්‍රදර්ශන වලට මේවා බෙදා හරින්න.(නදී)
ඔය ගස් දෙක සංරක්ෂනය කරන්න කියලා ගලවලා ගෙදර අරන් යයි.(නදී)
බට් කරයිද, කට් කරයිද කවිද දන්නේ.(නදී)
වේරගොඩ මහතාණෙනි, බොහොම වටිනා ලිපියක්. අප දැනුවත් කළාට බොහොමත්ම ස්තුතියි. මේ ගැන පරිසරවේදීන් ඇතුළු සියලු දෙනාම අවදිවනු ඇතැයි සිතමි. (නි)
මේ වගේ ගෙඩි හැදෙන ගස් ජාතියක් දකුණු බ්‍රිස්බේන් රිවර් පාක් එකෙත් තිබෙනවා. (නි)
පරිසර ඇමති තුමා මේවා සංරක්ෂනය කිරීමට පියවර ගන්න.(නදී)
මේ ශාක ප්‍රමාණය වැඩිකරගන්න පුලුවන් විදියක් ගැන හිතන්න ඕනෑ. (නි)
බඩ තඩි දේශපාලකයෙක් ගැන උත්සවයක් තියලා හරි කමක් නැහැ, මේ ගස් ටික රැකගන්න බලමු. (නි)
පරිස්සම් කර ගන්න එක අපේ වග කීමක් (දී)
ජාතික වගකීම ඉටු කරමු (දී)
මෙම ගස් ආරක්ෂා කරගැනීමට කෝන්තලන් ඇමති කෙනෙක් පත්කරමු. (නි)
ඔහෙම තමා. අද හෙට නොවුණත් මිනිස්සුත් වඳ වෙලා යයි. ලෝකේ හොල්ලන් හිටපු ඩයිනෝසිරස්ලා කෝ? (නි)
අපේ කට්ටිය යන යන තැන විනාශයි. (නි)
තාක්ෂණය මෙච්චර දියුණු වෙලා පටක රෝපණව වගේ ක්‍රම තියෙද්දී ඇයි මෙහෙම වටිනා දේවල් ආරක්ෂා කර නොගන්නේ? (නි)
වේරගොඩ මහතාණෙනි, බොහොම වටිනා ලිපියක්. අප දැනුවත් කළාට බොහොමත්ම ස්තුතියි. තාක්ෂණය මෙච්චර දියුණු වෙලා පටක රෝපණව වගේ ක්‍රම තියෙද්දී ඇයි මෙහෙම වටිනා දේවල් ආරක්ෂා කර නොගන්නේ? මේ ගැන පරිසරවේදීන් ඇතුළු සියලු දෙනාම අවදිවනු ඇතැයි සිතමි. (ස)
ක්ලෝනීකරණ තාක්ෂණය භාවිතයෙන් ඉක්මනට ගස් ටිකක් වාවා ගත්තානම් හොඳයි. කෝ මේ අපේ ඖෂධ සංරක්ෂණය කරන අය (ස)
කවුරු හරි ඇවිත් ඔය ගස් 4 ත් කපාගෙන යාවිද දන්නේ නෑ (ස)
බීජ වලින් පැළ නොවන බොහොමයක් ශාක අතු, මුල් වලින් පැළකර ගත හැකිය. (ස)
මේ නිවුස් එක දැක්කම මේ සඳහාත් වෙනම ඇමති කෙනෙක් පත් කරයිද දන්නෙ නෑ.... (ස)
පරිසර වේදින්ට ස්තුති (ස)
නියමයි, අපි එය රැක ගන්න ඕනේ (දී)
වේරගොඩගේ සජීව විජේවීර වගේ මාධ්‍ය වේදියෝ අගය කරන්න ඕනේ, මේ වගේ හැම මාධ්‍ය වෙදියෙක්ම හිතන්න ඕනේ (දී)
කුණු දාන්න තැනක් ඇත්තෙම නැද්ද ඔය ගස් බෙන අස්සේ කුණු දැම්මේ (ස)
ගාල්ල රෑමස්සල කියන්නේ ගොඩක් දුර්ලබ ශාඛ තියෙන ජාතික සම්පතක් , මේක අපි රැකගන්න ඕන අපේම බැතිමතුන්ගෙන් තමයි (ස)
මේ යන විදිය බැලුවම ඔය හතරත් ඉතුරු උනොත් හොඳටම ඇති (ස)
හප්පේ ලී මුදලාලි කෙනෙක් වත් දකීද මේ නිවුස් එක.(නදී)
ඒ ගස් හතර මැරෙන්න කලින් මොනවා හරි කරන්න වෙයි.(නදී)
අඩියක් දිග හෝ පැන්සලක ප්‍රමානයේ අතු කෑලි අරන් රූට්න් හෝමෝන ආලේප කරලා සියයට අසුවක් ආර්ද්‍රවතාවය සහිත ග්‍රීන් හවුස් එකක තියලා මේ ශාකය අතු වලින් පැල කරගන්න පුලුවන්. නැත්නමි ඒ ප්‍රමාණයේ අත්තක අගලක් පලලා කැන්බියම් ලේයරය ඉවත් කරලා ඒ තුල රූටින් හෝමෝනය ආලේප කරලා, කොහුබත් ඔතලා මුල් අද්දවාගන්න පුළුවන්.(නදී)
පණවගේ රැක ගනිමු (දී)
අති විශිෂ්ටයි (දී)
දැන්වත් ඉතුරුවෙලා තිබෙන ගස් ටිකවත් ප්‍රවේශම් කරගනිමු. (නි)
පේරාදෙණිය ගන්නොරුව පැලැටි ජාන සම්පත් සුරැකුම් මධ්‍යස්තානයට දැනුම් දෙන්න. එහි දුර්ලබ ශාක පටක රෝපණ මාර්ගයෙන් සංරක්ෂණය කරනවා.(නදී)
ස්තුතියි. රසවත් ලිපියක්.(නදී)
මේ ගස් යට ඉදන් මත්පැන් පානය කර ඇති බවක් පෙනෙනවා .(ස)
මේ වගේ දේවල් පණ මෙන් සුරකින්න ඕනෙ. වියදම් දරලා හරි කමක් නෑ,මේ වගේ ශාක සංරක්ෂණය කරන්න ඕනෙ. (නදී)
අපිට ඒක ආඩම්බරයක් (දී)
ඉතින් අතු හිටවන්නේ නැත්තේ ඇයි.(නදී)
උසස් සොයාගැනීමක්. මෙය ආරක්ෂා කරගන්න ඉක්මන් ක්‍රමවේදයක් සොයන්න.(නදී)