IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


ලංකාවටම ගස් හතරයි

ලොව අති දුර්ලභ ශාකයක් වන කෝන්තාලං ශ්‍රී ලංකාවෙන් වඳවී යාමේ තර්ජනයට ලක්ව ඇතැයි පරිසරවේදීහු පෙන්වාදෙති. ශ්‍රී ලංකාවේ දැනට වාර්තාවන එම වර්ගයේ අවසන් ශාක හතර ගාල්ල රූමස්සල කන්දේ නැගෙනහිර බෑවුමේ පිහිටි උණවටුන වැල්ල දේවාල භූමියේ පිහිටා තිබේ.

උද්භිද විද්‍යාත්මකව සියලොකාපස් රම්පි Xylocarpus rumphii ලෙස හඳුන්වන කෝන්තාලං ශ්‍රී ලංකාව, මැඩගස්කර් දූපත් හා මැලේසියාවේ වෙරළබඩ ප්‍රදේශවලින් වාර්තා වී ඇත. සිංහල වෙදකමේ සුප්‍රසිද්ධ ‘‘ගොපළු ගුලිය“ නමැති ඖෂධය මෙම ශාකයේ කොටස් යොදාගෙන සාදයි.

මීටර අටක් හෝ දහයක් පමණ උස්ව වැඩෙන කෝන්තාලං ගසේ මාර්තු අප්‍රේල් මාස වලදී සුදු පැහැති කුඩා මලක් හටගෙන බෙලි ගෙඩියක් වැනි ඵලයක් ඇතිවේ. එහි බීජ හතරකි. බීජ පැලකිරීමේ හැකියාව ඇතැයි පැවසුව ද ඒවායින් පැල හටගන්නා බව පෙනෙන්නට නැත.

උණවටුනේ ඇති කෝන්තාලං ශාක හතර ඉතා වයස්ගත තත්ත්වයට පත්වී ඇති අතර එහි කඳෙහි ඇති ගස් බෙන ඇතුලට දේවාලයට පැමිණෙන බැතිමතුන් විසින් අපද්‍රව්‍ය දැමීම හේතුවෙන් මේ දුර්ලභ ශාකයේ විනාශය කඩිනම් වී තිබේ.

 



අදහස් (0)

ලංකාවටම ගස් හතරයි

ඩයස් Thursday, 07 February 2013 04:37 AM

දෑන්වත් පමානොවි බට් ක්‍රමයට පෑල ටිකක් හදාගන්න පුලුවන් , පරිසර වෙදින්ට ස්තුති. මේවගේවත් හොයා බෑලුවට. ඉක්මනට ලොකු ලොකු මල් පෑල ප්‍රදර්ශන වලට මේවා බෙදා හරින්න.(නදී)

:       0       1

දිසානායක Monday, 11 February 2013 08:24 PM

ඔය ගස් දෙක සංරක්ෂනය කරන්න කියලා ගලවලා ගෙදර අරන් යයි.(නදී)

:       0       1

දිසානායක Monday, 11 February 2013 08:27 PM

බට් කරයිද, කට් කරයිද කවිද දන්නේ.(නදී)

:       0       0

ඇතීනා Friday, 08 February 2013 02:59 AM

වේරගොඩ මහතාණෙනි, බොහොම වටිනා ලිපියක්. අප දැනුවත් කළාට බොහොමත්ම ස්තුතියි. මේ ගැන පරිසරවේදීන් ඇතුළු සියලු දෙනාම අවදිවනු ඇතැයි සිතමි. (නි)

:       0       1

සේනක Thursday, 07 February 2013 07:07 AM

මේ වගේ ගෙඩි හැදෙන ගස් ජාතියක් දකුණු බ්‍රිස්බේන් රිවර් පාක් එකෙත් තිබෙනවා. (නි)

:       0       0

සුමති Thursday, 07 February 2013 07:08 AM

පරිසර ඇමති තුමා මේවා සංරක්ෂනය කිරීමට පියවර ගන්න.(නදී)

:       0       2

රුක්ෂලා Thursday, 07 February 2013 07:15 AM

මේ ශාක ප්‍රමාණය වැඩිකරගන්න පුලුවන් විදියක් ගැන හිතන්න ඕනෑ. (නි)

:       0       0

ගැමුණු Thursday, 07 February 2013 07:23 AM

බඩ තඩි දේශපාලකයෙක් ගැන උත්සවයක් තියලා හරි කමක් නැහැ, මේ ගස් ටික රැකගන්න බලමු. (නි)

:       0       1

දිසා Tuesday, 12 February 2013 02:53 PM

පරිස්සම් කර ගන්න එක අපේ වග කීමක් (දී)

:       0       0

දිසානායක Tuesday, 12 February 2013 02:51 PM

ජාතික වගකීම ඉටු කරමු (දී)

:       0       0

මංජුසිරි Thursday, 07 February 2013 07:39 AM

මෙම ගස් ආරක්ෂා කරගැනීමට කෝන්තලන් ඇමති කෙනෙක් පත්කරමු. (නි)

:       0       0

ඉෂාර Thursday, 07 February 2013 08:01 AM

ඔහෙම තමා. අද හෙට නොවුණත් මිනිස්සුත් වඳ වෙලා යයි. ලෝකේ හොල්ලන් හිටපු ඩයිනෝසිරස්ලා කෝ? (නි)

:       0       0

වරුණ Thursday, 07 February 2013 08:04 AM

අපේ කට්ටිය යන යන තැන විනාශයි. (නි)

:       0       0

අරවින්ද Thursday, 07 February 2013 03:14 PM

තාක්ෂණය මෙච්චර දියුණු වෙලා පටක රෝපණව වගේ ක්‍රම තියෙද්දී ඇයි මෙහෙම වටිනා දේවල් ආරක්ෂා කර නොගන්නේ? (නි)

:       0       0

යසස් Wednesday, 25 September 2013 09:35 AM

වේරගොඩ මහතාණෙනි, බොහොම වටිනා ලිපියක්. අප දැනුවත් කළාට බොහොමත්ම ස්තුතියි. තාක්ෂණය මෙච්චර දියුණු වෙලා පටක රෝපණව වගේ ක්‍රම තියෙද්දී ඇයි මෙහෙම වටිනා දේවල් ආරක්ෂා කර නොගන්නේ? මේ ගැන පරිසරවේදීන් ඇතුළු සියලු දෙනාම අවදිවනු ඇතැයි සිතමි. (ස)

:       0       0

නිමල් Thursday, 07 February 2013 08:24 AM

ක්ලෝනීකරණ තාක්ෂණය භාවිතයෙන් ඉක්මනට ගස් ටිකක් වාවා ගත්තානම් හොඳයි. කෝ මේ අපේ ඖෂධ සංරක්ෂණය කරන අය (ස)

:       0       0

ශාන්ත Thursday, 07 February 2013 08:39 AM

කවුරු හරි ඇවිත් ඔය ගස් 4 ත් කපාගෙන යාවිද දන්නේ නෑ (ස)

:       0       0

අජිත් කරුණාරත්න Thursday, 07 February 2013 09:34 AM

බීජ වලින් පැළ නොවන බොහොමයක් ශාක අතු, මුල් වලින් පැළකර ගත හැකිය. (ස)

:       0       0

සදුන් - නිව්යොර්ක් Thursday, 07 February 2013 09:48 AM

මේ නිවුස් එක දැක්කම මේ සඳහාත් වෙනම ඇමති කෙනෙක් පත් කරයිද දන්නෙ නෑ.... (ස)

:       0       0

ශාෆික් Thursday, 07 February 2013 10:12 AM

පරිසර වේදින්ට ස්තුති (ස)

:       0       0

මිලි Thursday, 07 February 2013 10:13 AM

නියමයි, අපි එය රැක ගන්න ඕනේ (දී)

:       0       0

එරන්ද Thursday, 07 February 2013 10:15 AM

වේරගොඩගේ සජීව විජේවීර වගේ මාධ්‍ය වේදියෝ අගය කරන්න ඕනේ, මේ වගේ හැම මාධ්‍ය වෙදියෙක්ම හිතන්න ඕනේ (දී)

:       0       0

ඉසුරන්දි Thursday, 07 February 2013 10:20 AM

කුණු දාන්න තැනක් ඇත්තෙම නැද්ද ඔය ගස් බෙන අස්සේ කුණු දැම්මේ (ස)

:       0       0

දමිත් Thursday, 07 February 2013 10:37 AM

ගාල්ල රෑමස්සල කියන්නේ ගොඩක් දුර්ලබ ශාඛ තියෙන ජාතික සම්පතක් , මේක අපි රැකගන්න ඕන අපේම බැතිමතුන්ගෙන් තමයි (ස)

:       0       0

රත්නායක Thursday, 07 February 2013 11:15 AM

මේ යන විදිය බැලුවම ඔය හතරත් ඉතුරු උනොත් හොඳටම ඇති (ස)

:       0       0

ධනන්ජය Thursday, 07 February 2013 11:59 AM

හප්පේ ලී මුදලාලි කෙනෙක් වත් දකීද මේ නිවුස් එක.(නදී)

:       0       0

සමන් තුෂාර Wednesday, 13 February 2013 07:16 PM

ඒ ගස් හතර මැරෙන්න කලින් මොනවා හරි කරන්න වෙයි.(නදී)

:       0       0

කිලක්-ඩුබායි Sunday, 10 February 2013 07:22 PM

අඩියක් දිග හෝ පැන්සලක ප්‍රමානයේ අතු කෑලි අරන් රූට්න් හෝමෝන ආලේප කරලා සියයට අසුවක් ආර්ද්‍රවතාවය සහිත ග්‍රීන් හවුස් එකක තියලා මේ ශාකය අතු වලින් පැල කරගන්න පුලුවන්. නැත්නමි ඒ ප්‍රමාණයේ අත්තක අගලක් පලලා කැන්බියම් ලේයරය ඉවත් කරලා ඒ තුල රූටින් හෝමෝනය ආලේප කරලා, කොහුබත් ඔතලා මුල් අද්දවාගන්න පුළුවන්.(නදී)

:       0       0

බන්දුල Tuesday, 12 February 2013 12:51 PM

පණවගේ රැක ගනිමු (දී)

:       0       0

ප්‍රසන්න Thursday, 07 February 2013 01:26 PM

අති විශිෂ්ටයි (දී)

:       0       0

ඇන්ටන් Wednesday, 06 February 2013 11:35 PM

දැන්වත් ඉතුරුවෙලා තිබෙන ගස් ටිකවත් ප්‍රවේශම් කරගනිමු. (නි)

:       0       0

ජිනා Thursday, 07 February 2013 12:45 AM

පේරාදෙණිය ගන්නොරුව පැලැටි ජාන සම්පත් සුරැකුම් මධ්‍යස්තානයට දැනුම් දෙන්න. එහි දුර්ලබ ශාක පටක රෝපණ මාර්ගයෙන් සංරක්ෂණය කරනවා.(නදී)

:       0       0

නයනා Thursday, 07 February 2013 01:04 AM

ස්තුතියි. රසවත් ලිපියක්.(නදී)

:       0       0

පෙරේරා Thursday, 07 February 2013 01:57 PM

මේ ගස් යට ඉදන් මත්පැන් පානය කර ඇති බවක් පෙනෙනවා .(ස)

:       0       0

සුසන්ත - ඉතාලිය Thursday, 07 February 2013 02:41 AM

මේ වගේ දේවල් පණ මෙන් සුරකින්න ඕනෙ. වියදම් දරලා හරි කමක් නෑ,මේ වගේ ශාක සංරක්ෂණය කරන්න ඕනෙ. (නදී)

:       0       1

ලලිත් Thursday, 07 February 2013 02:12 PM

අපිට ඒක ආඩම්බරයක් (දී)

:       0       0

ලියාස් Thursday, 07 February 2013 03:46 AM

ඉතින් අතු හිටවන්නේ නැත්තේ ඇයි.(නදී)

:       0       0

සිසිර Thursday, 07 February 2013 03:48 AM

උසස් සොයාගැනීමක්. මෙය ආරක්ෂා කරගන්න ඉක්මන් ක්‍රමවේදයක් සොයන්න.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 78 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 877 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 616 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site