“හෘද-පෙනහලු නිමේෂකවරුන් ලංකාවේ සිටින්නේ 33 දෙනෙකි.මොවුන්ගේ වෘත්තීමය ඉල්ලීම් නොවිසඳිය හැකි,අර්බුදකාරී මහා විශාල ප්‍රශ්න නොවේ.රුපියල් 3000 ක විශේෂ රාජකාරී දීමනාව,6/2006 වැටුප් විෂමතාවය ඉවත් කිරීම,අමතර සේවා දීමනා ලෙස,රුපියල් 175 සිට 200 දක්වා වැඩි කිරීම,2015 අය වැයට එකතු කළ රු.10,000 දීමනාව මූලික වැටුපට එකතු කිරීම,සෞඛ්‍ය අමාත්‍යංශයට ලේසියෙන්ම විසඳිය හැකියි.“
2007 වසරේ සිට මේ වාත්තියමය ඉල්ලීම් රජයෙන් ඉල්ලුවත් අමාත්‍යංශය කරන්නේ කල් මැරීම පමණක් බව එම වෘත්තිකයින්ගේ සංගමයේ සභාපති මංග ජයසිංහ මහතා ලංකාදීප වෙබ් අඩවියට එසේ කියයි.
මේ මොහොතේ හෝ මේ 33 දෙනාගේ වෘත්තීමය ඉල්ලීම් ලබා දුන්නොත් ඊයේ ඇරඹූ වෘත්තීමය අරගලය නතර කරන බවද ඔහු පවසයි.
කොළඹ ජාතික රෝහල,මහනුවර රෝහල,කරාපිටිය රෝහල සහ බොරැල්ල ළමා රෝහල යන රෝහල්වල හෘද පෙනහලු නිමේෂකයෝ සේවය කරන අතර මෙම වෘත්තීමය අරගලයට බොරැල්ල ළමා රෝහලේ සේවය කරන හෘද - පෙනහලු නිමේශකවරුන් වැඩ වරා නැත.
හෘද - පෙනහලු නිමේශකවරුන් යනු රෝගියාගේ කායික තත්ත්වය කළමනාකරණය කිරීමට අවශ්‍ය හෘද හෝ පෙනහලු සැත්කමකදී හෘද-පෙනහලු යන්ත්‍රය ක්‍රියා කරන විශේෂ සෞඛ්‍ය වෘත්තිකයෝය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉල්ලීම් වැරදි නැහැ. පොරොන්දුව 10000යි. කෝ පොරොන්දු? (නි)
ඔව් ලාල්, ඔයා හරි. සෞඛ්‍යය ක්ෂේත්‍රයේ හැටි ඔහොමම තමයි (නි)
දැන් මේගොල්ලන්ට මේක දුන්නා කියලා වෙනසක් වෙනවද? අපි දන්නා තරමින් මේ අය හුඟක් චැනල් සේවා වලින් හොයනවා නේද? මේ අයට උගන්වලා අවශ්‍ය පළපුරුද්ද ලබාදෙන්න මහජන මුදල් කොපමණ වැය කරනවද? (නි)
ඇත්ත 33 දෙනෙක් කියන්නේ සුළු ගණනක් තමයි . ඒ වුනාට මේක මෙතනින් නවතින්නේ නැහැනේ . සෞඛ්‍ය සේවයේ හැමදාම වුනේ එක කණ්ඩායමකට මොනවා හරි ඉල්ලීම් දුන්නහම අනිත් කණ්ඩාම් එකට විරුද්ධව හෝ තමන්ගේ ඉල්ලීම් මාලාවක් ඉදිරිපත් කරලා උද්ඝෝෂණය කරන එක නේද ? (ර)
මහජන මුදලින් ඉගනගෙන මහජනයාට සේවය කරන බවට පොරොන්දු දී, මහජනයාට සේවය කරන්නේ මෙහෙමද? මේ අය කරන්නේ රටට විපතක්. හැකි ඉක්මනට මෙයට විසඳුමක් දියයූතූයි. අහිංසක ජිවිත සමඟ සෙල්ලම් කරන්න ඉඩදිය නොහැක (නි)
ඔයාලට වැරදිලා. මේ අය වෛද්‍යවරු නෙවේ. වෛද්‍යවරුන්ගේ වරප්‍රසාද බලද්දී මෙයාලට මොනවද ලැබෙන්නේ? මෙයාලට තියෙන්නෙ ඉතා අවදානම් රාජකාරියක් බව පේනවා. ඒ නිසා මේ 33 දෙනාගේ ඉල්ලීම් ගැනත් බලන්න. (බ)