ශ්‍රී ලංකාවේ බල පෙරළිය නිසි ලෙස, සුමට ආකාරයෙන් ඉකුත් වසරේදී සිදුවූ බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් බැන් කී මූන් සඳහන් කළ බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිල වෙබ් අඩවිය කියයි.
එක්සත් ජාතීන්ගේ මහමණ්ඩලයේ මේ වසර සඳහා වන මුල්ම රැස්වීම අමතමින් මෙලෙස ශ්‍රී ලංකාව ගැන සිහිපත් කළේය.
ශ්‍රී ලංකාව මෙන්ම, නයිජීරියාවේ සුමට බල හුවමාරුවක් සිදුවූ අතර මියන්මාරය සහ ටියුනීසියාව පසුගිය වසරේදී ප‍්‍රජාතන්ත‍්‍රවාදී ක‍්‍රියාමාර්ගයෙන් ඉදිරියට පැමිණි බවද මහලේකම් සඳහන් කොට ඇත.
දැනටමත් ලොවපුරා පවතින ත‍්‍රස්ත තර්ජන වලට මුහුණදීම පිළිබඳව අදහස් දක්වමින් මහලේකම් බැන් කී මූන් මහතා එහිදී කියා සිටියේ එක්සත් ජාතීන්ගේ සාම සාධක මෙහෙයුම් වල සමීප සහයෝගීතාව මෙන්ම , කලාපීය සංවිධාන වල දේශීය ප‍්‍රජාවන්ගේ සහයෝගය ඒ සඳහා වැදගත් වනු ඇති බවය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එයාලට ඕනෑ විදිහට වැඩකරනවා නම් ප්‍රසාදය පළකරයි තමා (නි)
වත්මන් බලපෙරලිය අනුව ලංකාවත් නයිජීරියාවක් වෙන ලකුණු තියෙනවා. එසේ නොවේවා! (බ)
මේ මහා ලේකම්ලට ඕන වෙලා තිබුනේ දෙමල ප්‍රශ්නය දඩමීමා කරගෙන ලංකාවේ බලපෙරලියක් කරන්න විතරයි (කෞ)
මේගොල්ලොත් ප්‍රජාතන්ත්‍රවාදය, මානව හිමිකම් උගන්වන්න එන්නේ ලංකාව නයිජීරියාව වගේ දුප්පත් රටවලට තමා (නි)
මුනසිංහ, අතුල නොහිතපු, නොපතපු විදියේ බලපෙරළියක් වුණ එක ගැන ගොඩක් දුකින් වගෙයි. අමතක කරන්න එපා. ඒ හපන්කම කළේ මහලේකම්ලා නොවෙන බව. ඒක පහුගිය රෙජීමය එපාවූ රටේ මහජනතාවගේ කැමැත්ත. හරිද? (නි)
මහා බලවතුන් පසු පස යන කළු සුද්දන්වත් අපිට එපා (බ)
බල පෙරළියට ආධාර කරපු එක්කෙනෙක් කළුනික හොයා ගත්ත වගේ හොයාගන්න පුළුවන් උනා. නේද නවීන්. (ර)
නවීන් හරියට හරි. (ර)
මහා බලවතුන් පසුපස යන්න අපට අවශ්‍ය නැහැ (නි)
මහා ලේකම්තුමත් අර ඔරුව පෙරලුනපිට හොඳයි කියනවා වගේ තමා (නි)