(විමුක්ති එස් රුද්‍රිගු)
ශ්‍රී ලංකාවට මූල්‍ය සහාය ලබා දීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව, ආසියානු ආයෝජන බැංකුව වැනි බහුපාර්ශ්වික ණය දෙන්නන් සමග සමීපව කටයුතු කරමින් සිටින බව ආසියා පැසිෆික් කලාපයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ඈන් මරී මහත්මිය වොෂින්ටනයේ පැවති මාධ්‍ය හමුවකදී පැවසුවාය.
එම බහු පාර්ශ්වික ණය දෙන්නන් ලබා දෙන සහාය ශ්‍රී ලංකාවේ මූල්‍ය පරතරය අවම කර ගැනීමට උපකාරී වනු ඇතැයි ඇය පෙන්වා දුන්නාය.
අනෙකුත් බහුපාර්ශ්වික ණය දෙන්නන්ගේ සහාය ලබා ගැනීමේදී ඔවුන්ගේ විශේෂඥතාවන් සහිත ක්ෂේත්‍රයන්හි ක්‍රියාත්මක කිරීමට සිදුවන ප්‍රතිපත්ති ශ්‍රී ලංකාවේ දිගුකාලීන වර්ධන ගැටළු විසඳීම සඳහා උපකාරී වනු ඇතැයි ඈන් මරී මහත්මිය ප්‍රකාශ කළාය.
නමුත් බහුපාර්ශ්වික ණය දෙන්නන් මූල්‍ය සහාය ලබා දෙන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් බලාපොරොත්තු වන ශ්‍රී ලංකාවේ ණය තිරසරභාවය ඇති කරගත් පසුව බව ඇය සඳහන් කළාය.
දළ දේශීය නිෂ්පාදිතය හැකිලුනත් ශ්‍රී ලංකාව මැදි අදායම් ලබන රටක් ලෙස සිටිනු ඇතැයි ඈන් මරී මහත්මිය පැවසුවාය.
රටක ණය ප්‍රතිව්‍යුහගතකරණ කිරීමේ ක්‍රියාවලිය සඳහා ගතවන කාලය තීරණය වන්නේ එම රටට ණය ලබා දී ඇති ණය හිමියන් සහ ණය ප්‍රමාණය මත බව ඇය කීවාය.
ශ්‍රී ලංකාවේ ණය මුදලට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අනුමැතිය ලබා ගැනීම සඳහා නිශ්චිත මූල්‍ය සහතික දෙකක් අවශ්‍ය වන බව ඇය පෙන්වා දුන්නාය.පළමු වැන්න නිල ද්වි පාර්ශ්වික ණය හිමියන්ගෙන් ශ්‍රී ලංකාවේ ණය තිරසරභාවය නැවත ප්‍රතිෂ්ඨාපනය කරන බවටත් දෙවැන්න පුද්ගලික අංශයේ ණය සමඟ කටයුතු කිරීමට සද්භාවයෙන් යුතුව කටයුතු කරන බවටත් සහතික අවශ්‍ය බව ඈන් මරී මහත්මිය සඳහන් කළාය.
මේ වන විට ශ්‍රී ලංකාව ණය ප්‍රතිව්‍යුහගතකිරීම සම්බන්ධයෙන් ඔවුන්ගේ නීතිමය සහ මූල්‍ය උපදේශකයින් සමඟ කටයුතු කරමින් සිටින බව ඇය පෙන්වා දුන්නාය.
2025 දෙසැම්බර් මස 18
273
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
184
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
991
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ලංකාවට සහාය දෙන්න අයි.එම්.එෆ් බහුපාර්ශ්වික ණය දෙන්නන් සමග සාකච්ඡා