අගරදගුරු මැල්කම් රංජිත් හිමිපානන් ඇතුළු කතෝලික පුජකවරු 49 දෙනෙකු අද  අළුයම කටුනායක බණ්ඩාරණායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළෙන් රෝමය බලා පිටත්ව ගියේය.

ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යු.එල් 581 දරණ ගුවන් යානයෙන් රෝමය බලා පිටත්ව ගිය අගරදගුරුතුමන්  ඇතුළු පිරිස රෝමයේ පුජනීය ස්ථාන වන්දනාමාන කරමින් එහි දින 16 ගත කරනු ඇත.

එහිදී ශ්‍රී ලංකාවේ සෞභාග්‍ය හා සාමය පතා විශේෂ දේව මෙහෙයක්ද පැවැත්වීමට නියමිතය.

 1 2 3 4 5 6