ශ්‍රී ලංකාවට යහපාලන ආණ්ඩුවක් අවශ්‍ය බව කියමින් එක්සත් ලංකා සංගමය මගින් ඇමරිකාවේ නිව්යෝක් නුවර එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය ඉදිරිපිට උද්ඝෝෂණයක් පැවැත්විණි.
එම උද්ඝෝෂණයට පැමිණි පිරිස කියා සිටියේ දූෂණයෙන්, මැර දේශපාලනයෙන්, කුඩු ව්‍යාපාරිකයන්ගෙන් හා හොරුන්ගෙන් තොර පිරිසිසු ආණ්ඩුවක් බිහි කරන ලෙසයි.
උද්ඝෝෂණය සඳහා නිව්යෝක් නුවර ශ්‍රී ලාංකිකයන් පිරිසක් එක්ව සිටියහ.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පිට රටකට ගොස් කලක් ජීවත් උවහොත් ඔබලාගේත් ඔය ලංකාව තුල ජීවත්වූ කාලයේ ගොඩ නගාගත් පටු ආකල්ප ඉවත්වී උසස් දැක්මකින් සහ ආකල්පයකින් මාතෘ භුමිය දෙස බැලීමට හැකි වේවි. රට ගැන බොරු පුරසාරම් නැතිව අඩු ගන්නේ යාපනයට ගොස් ගෙයක් දොරක්වත් හදාගන සිංහල පවුලක් බිහිකරන්ට වත් උත්සාහ ගන්නවානම් දෙශප්‍රේමින් යයි හිතන්ට පුළුවන්. ඩි.එස්.සේනානායක මහත්තය එදා වන විට මේ විනාසය දැකල මොන තරම් අමාරුවෙන්ද සිංහලයන් උතුරේ පදිංචි කලේ කියල එදා හිටි මුතුන් මිත්තන්ගෙන් අහල දැනගන්ට. ඔය කියන සිංහලයන් එදා සල්ලි දිලවත් උතුරේ පදිංචි වෙන්ට කැමතිවුනේ නැහැ. (නදී)
මගේ හිතටත් ලොකු කණගාටුවක් දැනුනා (නි)
මොන දේ උනත් අපිට ඉන්න රට නොබෙදී තියන්න. ඔයාලට ඔහේ ඉන්න පුළුවන්. එ්ත් දුප්පත් අයට රට වටිනවා එ්ක හිතන්න. (නදී)
අතිගරු මහින්ද රාජපක්ෂ වැනි දේශීය නායකත්වයකට ඇමරිකාව ප්‍රමුඛ බටහිර රටවල් වල වෙසෙන ශ්‍රී ලාංකිකයන් පවා විරුද්ධ වීම අතිශය කණගාටු විය යුතු කරුණකි. (නදී)
අනේ ඇත්තට මෙහෙමත් මිනිස්සු! (නි)
ගිය ආණ්ඩුවෙන් යුද්ධය ඉවර කළ නිසා නිසා සරණාගත මුවාවෙන් විසා ගන්ට ගිහින් ඉන්න අය මාර අමාරුවක තමයි දැන් ඔය වැටිලා ඉන්නේ.(ම)
ඇමරිකාවට වෙලා තියෙන වැඩක් කරගෙන ඉන්න. අපේ රට පාවාදෙන්න එපා (නි)