IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ලංකාවට යහපාලනයක් ඕනෑ : ලාංකිකයෝ ඇමරිකාවේ විදී බසිති

ශ්‍රී ලංකාවට යහපාලන ආණ්ඩුවක් අවශ්‍ය බව කියමින් එක්සත් ලංකා සංගමය මගින් ඇමරිකාවේ නිව්යෝක් නුවර එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය ඉදිරිපිට උද්ඝෝෂණයක් පැවැත්විණි.

එම උද්ඝෝෂණයට පැමිණි පිරිස කියා සිටියේ දූෂණයෙන්, මැර දේශපාලනයෙන්, කුඩු ව්‍යාපාරිකයන්ගෙන් හා හොරුන්ගෙන් තොර පිරිසිසු ආණ්ඩුවක් බිහි කරන ලෙසයි.

උද්ඝෝෂණය සඳහා නිව්යෝක් නුවර ශ්‍රී ලාංකිකයන් පිරිසක් එක්ව සිටියහ.

DSC00364 DSC00365 DSC00367 DSC00368



අදහස් (0)

ලංකාවට යහපාලනයක් ඕනෑ : ලාංකිකයෝ ඇමරිකාවේ විදී බසිති

අ.ජ.තිලකරත්න Friday, 07 August 2015 08:43 AM

පිට රටකට ගොස් කලක් ජීවත් උවහොත් ඔබලාගේත් ඔය ලංකාව තුල ජීවත්වූ කාලයේ ගොඩ නගාගත් පටු ආකල්ප ඉවත්වී උසස් දැක්මකින් සහ ආකල්පයකින් මාතෘ භුමිය දෙස බැලීමට හැකි වේවි. රට ගැන බොරු පුරසාරම් නැතිව අඩු ගන්නේ යාපනයට ගොස් ගෙයක් දොරක්වත් හදාගන සිංහල පවුලක් බිහිකරන්ට වත් උත්සාහ ගන්නවානම් දෙශප්‍රේමින් යයි හිතන්ට පුළුවන්. ඩි.එස්.සේනානායක මහත්තය එදා වන විට මේ විනාසය දැකල මොන තරම් අමාරුවෙන්ද සිංහලයන් උතුරේ පදිංචි කලේ කියල එදා හිටි මුතුන් මිත්තන්ගෙන් අහල දැනගන්ට. ඔය කියන සිංහලයන් එදා සල්ලි දිලවත් උතුරේ පදිංචි වෙන්ට කැමතිවුනේ නැහැ. (නදී)

:       0       0

නිශාන්ත Tuesday, 04 August 2015 11:03 PM

මගේ හිතටත් ලොකු කණගාටුවක් දැනුනා (නි)

:       0       0

බන්දුල Tuesday, 04 August 2015 07:45 AM

මොන දේ උනත් අපිට ඉන්න රට නොබෙදී තියන්න. ඔයාලට ඔහේ ඉන්න පුළුවන්. එ්ත් දුප්පත් අයට රට වටිනවා එ්ක හිතන්න. (නදී)

:       0       0

ආර්.කේ.ලෙ‍නෝරා Tuesday, 04 August 2015 05:10 AM

අතිගරු මහින්ද රාජපක්ෂ වැනි දේශීය නායකත්වයකට ඇමරිකාව ප්‍රමුඛ බටහිර රටවල් වල වෙසෙන ශ්‍රී ලාංකිකයන් පවා විරුද්ධ වීම අතිශය කණගාටු විය යුතු කරුණකි. (නදී)

:       0       0

එඩ්වඩ් Tuesday, 04 August 2015 10:17 AM

අනේ ඇත්තට මෙහෙමත් මිනිස්සු! (නි)

:       0       0

සෙනරත් Wednesday, 05 August 2015 08:33 AM

ගිය ආණ්ඩුවෙන් යුද්ධය ඉවර කළ නිසා නිසා සරණාගත මුවාවෙන් විසා ගන්ට ගිහින් ඉන්න අය මාර අමාරුවක තමයි දැන් ඔය වැටිලා ඉන්නේ.(ම)

:       0       0

අබේරත්න Tuesday, 04 August 2015 04:29 PM

ඇමරිකාවට වෙලා තියෙන වැඩක් කරගෙන ඉන්න. අපේ රට පාවාදෙන්න එපා (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 208 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 167 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 967 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site