ගම්පොළ නගරයේ උත්තුංගව නැඟ සිටින අම්බුලූවාව කඳු මුදුන නිසොල්මන්ය. උක්කු අම්මාද තමා හැමදාමත් දැක පුරුදු අම්බුළුවාව කන්ද දෙස බලා සිටියි. ඇය වසරක් දෙකක්, වසර දහයක් දොළෙහක් නොව, වසට හැට හැත්තෑවක් නොව වසර සියයකට වැඩි කාලයක් මේ කන්ද දෙස බලා සිටියාය. ඇය තරම් මේ කන්ද දෙස බලා සිටි අයෙකු ලොවේ තවත් නැත.
ඇය දැන් ලෝකයේ වයස්ගතම තැනැත්තාගේ වාර්තාවට හිමිකම් කියන්නීය. ඒ කෙහෙල්පන්නල, බුලත්ගමුවේ අංක 82/ඒ ලිපිනයේ පදිංචි ‘අපුලන්නලද උක්කු‘ නමින් හඳුන්වන වයස්ගත මාතාවයි. ඇගේ දරු මුණුපුරුන් පවසන්නේ ඇයට දැන් වයස අවුරුදු 116 ක් වන බවයි. මේ අනුව පසුගියදා ලොව වයස්ගතම තැනැත්තා වූ ජිරෝමස් කිමුරා ජපානයේදී මියයාමෙන් පසු උක්කුඅම්මා ලොව වයස්ගතම තැනැත්තිය බවට පත්වන්නේ නිරායාසයෙනි.
බොහෝ රටවල වයස්ගත පුද්ගලයන්ට තම වයස සනාථ කිරීමට සාක්කියක් නැත. නමුත් උක්කුඅම්මාට එවැනි සාක්කියක් තිබේ. ඒ ඇයගේ ජාතික හඳුනුම් පතයි. 977960037 අංකය යටතේ 1974 ජනවාරි 09 දා පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ටී.බී.එම් ඒකානයක මහතාගේ අත්සනින් නිකුත් කැර ඇති එම ජාතික හැඳුනුම්පතතේ මුල් ඉලක්කම් දෙක 97 බවට පත්ව ඇත්තේ ඇය 1997 දී උපන් නිසා නොව ඇය 1897 දී උපන් බැවිනි.
ශ්‍රී ලංකාවේ පුද්ගලයන් ලියාපදිංචි කිරිමේ දෙපාර්තමේන්තුවේ නිල ලේඛණයන්ට අනුව ඇය දැන් වයස අවුරුදු 116 ක කාන්තාකි.
උක්කු අම්මා අකුරු ඉගෙනගත් කාන්තාවක් නොවේ. ඇය විවාහවී දරුවන් අට දෙනකු බිහි කළාය. ඒ දරුවන්ට දරුවෝ 31 දෙනෙක් වෙති. නැතිනම් කිරි අම්මාට මුණුපුරු මිනිපිරියෝ 31 දෙනෙක් සිටිති. ඒ සියල්ලෝම දැන් වයස්ගතය. ඔවුන්ගේ දරුවන් හෙවත් කිරි අම්මාගේ මී මුණුපුරු මිණිපිරියෝ සංඛ්‍යාව 44 දෙනෙකි. දැන් ඔවුන්ට ද දරුවෝ සිටිති. එනම් කිරි අම්මා සිය දරුවන්ගේ හතරවැනි පරපුර ද දැක තිබේ. නළවා තිබේ.
ඇය තවමත් නිරෝගීය. දුර්වලතා තිබුණ ද කියන දේ අසා තේරුම්ගැනීමේ හැකියාව ඇයට තිබේ. මද වශයෙන් වුවත් ඇස් පෙනේ. දරු මුණුපුරන් සමග දිවිගෙවන කිරි අම්මා දෙවැනිවූයේ ජපානයේ ජිරෝමන් කිමුරා නැමැති ගොවියකුටය. ඔහු ද 1897 උපන්නෙකි. එහෙත් ලොව වයස්ගතම පුද්ගලයා ලෙස ගිනස් වාර්තා පොතේ නම සඳහන් වූයේ ඔහුගේ පමණි. ජපානයේ කියෝතෝ වල ජිවත්වූ ඔහු නියුමෝනියා රෝගයෙන් මියගියේය. දැන් ලොව වයස්ගතම පුද්ගලයා ශ්‍රී ලාංකික උක්කු අම්මා විය යුතුය. නමුත් ඇගේ මේ වාර්තාව මෙතෙක් ගිනස් පොතේ සඳහන් වි නැත.
ගිනස් වාර්තා පොතට ඇය පිළිබඳව නීතීඥ හේමන්ත සිටුගේ මහතා ලිඛිතව දන්වා යවා තිබේ. ඔහු මෙසේ කියයි.
‘ උක්කු අම්මා ට ලංකාවේ පුද්ගලයන් ලියාපදිංචි දෙපාර්තමේන්තුවෙන් නිකුත් කළ ජාතික හැඳුනුම්පතක් තිඛෙනවා. ඒ නිසා ඇය 1897 වර්ෂයේ උපන් බව ස්ථීර ලේඛණගත සාක්ෂි තිඛෙනවා. මේ ගැන දැනගත් වහාම මම 2013 මැයි මස 21 දා ගිනස් වාර්තා පොතට ලිඛිතව දැන්වූවා. ඔවුන් මට පිළිතුරු එවා තිඛෙනවා මගේ ලිපිය ලැබුණු බවත් එය පරීක්ෂාකැර බලා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බවටත්. දැන් ලොව වයස්ගතම තැනැත්තා හැටියට සැළකුණු ජපන් ජාතිකයා මියගිය නිසා අපේ රටේ උක්කු අම්මා ලොව වයස්ගතම තැනැත්තා විය යුතුයි. ඒ බව ස්ථීරයි. අපි හිතනවා ඉතාමත්ම ඉක්මණින් ගිනස් වාර්තා පොතට මේ බව ඇතුලත් වේවි කියා. ‘
ලොව 110 ට වඩා වයස්ගත පුද්ගලයන්ගේ සමාජය ගැන ගිනස් වාර්තා පොතේ සඳහන් වේ. නමුත් උක්කු අම්මාගේ තොරතුරු මේ 110 ට වැඩි සමාජයේ සඳහන් කැර නැත. ඒ ඔවුන් ඇය ගැන නොදන්නා බැවිනි. නීතීඥ සිටුගේ මහතා පවසන්නේ ඇය ගැන කරුණු වාර්තා කළ බැවින් එම සමාජයේ සිටින මියගිය ජපන් ජාතිකයා හැර අනෙක් හත්දෙනා අතරට උක්කු අම්මා ද එක්වනු ඇති බවයි. එම සමාජයේ අනෙක් සාමාජිකයන්ගේ උපන්දින අනුව උක්කු අම්මා වඩාත් මහළුතම තැනැත්තා බව ස්ථීරය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
චන්ද්‍රසිරි සහෝදරයා,ඔබේ ගම් පලාතේ විස්තර ටිකක් ලියන්න අපිට දැනගන්න. යන එන ගමන් මාර්ගයත් දාලා (නි)
මේ ආච්චි අම්මාගේ පොටෝ ටික දැම්මාට ලංකාදීපයට මගේ ප්‍රණාමය! (නි)
කිරි අම්මේ, මගේ ආයුෂත් අරන් තව චිරාත් කාලයක් ජීවත් වෙන්න. ඔබට දළදා සමිදු පිහිට ලැබෙවා..!!! (නි)
නුදුටු ආච්චි අම්මේ,ඔබට දීර්ඝායුෂ ලැබේවා! අපිට ඔබගේ පින්තුරයක් දැක ගැනීමට ලැබේවා! තෙරුවන් සරණයි ඔබට!නිදුක් වේවා! (නි)
ඇයි සදුනි කාල සීමාවක් දුන්නේ? ඇය තවම නිරෝගි නම් තවත් පරම්පරා කීපයක් දකින්න වාසනාවන්ත වේවායි අපි පතමු. ආච්චි අම්මේ, ඔබට තෙරුවන් සරනයි! (නි)
මගේ ආච්චිවත් මතක් වුණා මේ ආච්චිට දීර්ඝායුෂ (අ)
මෙන්න තියනවා නම් ලෝක වාර්තා. මමත් ට්‍රයි එකක් දෙනවා මේක සම කරන්න. ගිය සතියේ ඉඳන් සිගරට් බොන එක අඩු කළා. දැන් බොන්නේ දවසට 10යි (නි)
අපේ කිරි අම්මාට නිදුක් නිරෝගී සුවය ලැබේවා! (නි)
මගේ ගෙදර ඉඳල කිලෝ මීටර් 2ක් විතර දුර. නිවාඩු ගියාම මේ අම්මව බලන්න යන්න ඕන. අම්මට තෙරුවන් සරණි. (අ)
ආඩම්බරයි අම්මේ.තව බොහෝ කාලයක් ජීවත් වේවා කියා හදවතින්ම පතනවා. (නි)
මට විශ්වාසයි මේ කිරි අම්මා නිර්මාංශික කෙනෙක් කියලා. ගමේ හැදුන වස විස නැති එළවලු කාලා, මහා පොළොවේ පය ගහලා හිටියොත් කාටත් දීර්ග කාලයක් ජීවත් වෙන්න පුළුවන්. කිරි අම්මේ, අපේ ආයුෂත් අරගෙන තවත් චිරාත් කාලයක් නිදුක් නීරෝගීව ජීවත් වෙන්න ලැබේවා! ඔබට තෙරුවන් සරණයි (නි)
අම්මේ ඔබට මගේ නමස්කාරය! (අ)
උක්කු අම්මට නිදුක් නිරෝගිමත් ජීවිතයකට ආසිරි පතනවා (නි)
අම්මේ,ඔබතුමිය අපේ රටට ආඩම්බරයකි.තෙරුවන් සරණින් නිරෝගීව තව බොහෝ කලක් ජීවත්වේවා! (නි)
ආච්චි අම්මාට නවසීලන්තෙන් දිගාසිරි පතමු! බුදු සරණ සියලු දෙවි රැකවරණ ලැබේවා ! (නි)
ඉතාමත් පිංවන්ත අම්මා කෙනක්. කරුණාකර ඇයගේ පිංතූරයක් පල කරන්න. ඇයට සියලු දෙවි පිහිටයි (නි)
හරිම වාසනාවන්ත ආච්චි අම්මා.මේ දරුවෝ හොදට සලකපු බව ඒ මුහුණු වලින් පෙනෙනවා. වයසට යනකොට දරු මුණුපුරන්ගේ ආදර සැලකිලි ලැබෙනවා නම් දීර්ග ආයුෂ ලැබෙනවා. අච්චි අම්මේ, එංගලන්තෙන් සුභ පැතුම්! (නි)
ඔබට නමස්කාර ආච්චි තව කලක් ජීවත් වෙන්න කියල අපි ප්‍රර්ථනා කරනවා. (අ)
උක්කු අම්මාට නිරෝගී සුවයෙන් දීර්ඝායුෂ ලැබේවා! (නි)
ග්‍රාමසේවක මහතා ප්‍රාදේශීය ලේකම් රටේ ලෝකේ පලවෙන පුවත් ගැන දන්නේ නැද්ද? (නදී)
උක්කු අම්මාට දීර්ඝයුෂ පතමි. සිටුගේ මහතාගේ උත්සාහය අගේ කරමි. (නි)
අම්මේ ඔබට දීර්ඝ ආයුෂ සහ නිරෝගී සුව පතමි (අ)
උප්පැන්න සහතිකයකින් ඇරෙන්න වෙන සාක්කියකින් ඕක පිළිගන්න එකක් නැහැ කියලයි මට නම් හිතෙන්නේ (නි)
ආයුබෝවේවා ආච්චි අම්මේ! (නි)
උක්කු අම්මේ, ඔබට තව බොහෝ කල් නිරෝගීව ජීවත් වීමට වාසනාව ලැබේවා! (නි)
මේ මහතාට බොහොම ස්තුති මේ ගැන උනන්දු වෙලා ගිනස් පොතට දැන්නුවට (නි)
සියක් ආයු ලැබ මගෙත් ආයු ගෙන මටත් වඩා කල් ඔබ ජීවත් වේවා! මෙතේ බුදුන් කල, ලොවේ උතුම් ලඳ විසාකාව වේවා... (නි)
මේ ආච්චි අම්මාට නිදුක් නිරෝගී සුවයෙන් දීර්ඝායුෂ ලැබේවා! (නි)
කිරි අම්මේ, අපේ ආයුෂත් අරගෙන තව කාලයක් ජීවත් වෙන්න (නි)
අනේ චන්ද්‍රසිරි, ඔච්චර ලග ඉදලා මේ අම්ම ගැන දන්නේ නැද්ද ? (නි)
දීර්ගායුෂ ලැබේවා! (නි)
ඔබට දීර්ඝායු අම්මේ ! (නි)
අම්මේ ඔබ වැන්නවුන් ජාතික වස්තුන් වශයෙන් සැලකිය යුතුබව මගේ අදහසයි. ඔබට තවත් නිරෝගී සම්පත් ලැබී තවත් දිගු කලක් ජීවත් වාසනාව ලැබේවා!! (නි)
අනේ මේ ආච්චිව පිටරට සවාරියක් එක්කගෙන යන්න බැරිද? (නි)
120ක්ම ඉන්න ආච්චි අම්මේ...බුදුසරණයි..!(අ)
මෑණියනි, ඔබතුමියට නිදුක් සුව !! (නි)
උක්කුඅම්මා අපේ ආච්චිට තෙරුවන්සරනි. (අ)
මිලාන් , ඔයාගේ කතාව ඇත්ත. නමුත් මම වැඩකරන්නේ පිටරටක. සමහරවිට පත්තරේ දානකම් කවුරුත් දන්නෙ නැතුව ඇති. (නි)
මේ අම්මගේ කෙස් වැටියෙන් කියන්න පුළුවන් ඉතා නිරෝගීව තව කාලයක් ජීවත් වීමට වාසනා ඇති පින්වත් මෑණි කෙනෙක් බව. (නි)
ආදරණීය කිරිඅම්මේ ඔබට තෙරුවන් සරණයි .(අ)
ආච්චි අම්මේ, ඔබට නිරෝගී සුවයෙන් දිර්ඝායුෂ ලැබේවා!! (නි)
අම්මේ පුලුවන්කමක් ඇත්නම් මගේ ආයුෂත් මම අම්මට දෙනවා. තෙරුවන් සරනයි අම්මේ.(නදී)
කිරි අම්මාට බුදු සරනයි තවත් කාලයක් නිරෝගීව ජීවත් වෙන්න ! (නි)
වාසනාවන්ත උක්කු අම්මේ, ඔබට තවත් චිරාත් කාලයක් නිදුක් නිරෝගිව සිටින්නට පැතුම් පතමි. ඔබගේ ජිවිත වාර්තාව ගිනස් පොතේ සටහන් වේවා! (නි)
මගේ ආයුසත් අරන් මේ අම්මට දීර්ගායු පතනවා (නි)
දිර්ඝායු වේවා අම්මේ! ඒ දරු මුණුපුරන් කොච්චර වාසනාවන්තද, ඒ අම්මගේ සෙනෙහස ලබන්න. (නි)
අතපත්තු සහෝදරයා , ඔයා මගේ ගම් පළාතට එනවට වැඩිය හොදයි ළගම තිබෙන මානසික රෝහලකට යන එක (නි)
දැන් දේශපාලනඥයෝ මේ අම්මව කරේ තියාගන්න පොර කයි. (ත)