පොදුරාජ්‍ය මණ්ඩල නායක සමුළුව ආවරණය කිරීම සඳහා කොළඹට පැමිණ සිටින විදේශ වාර්තා කරුවන් කිහිපදෙනෙක්ම ශ්‍රී ලංකා විරෝධී මතයක එල්බගෙන තම වාර්තාවන් ඉදිරිපත්කිරීමට බොහෝදුරට ඉඩඇතිබවට චෝදනාවන් ඉදිරිපත් විය හැකි ආකාරයේ වාර්තාවක් බිබිසි රුපවාහිනි ප්‍රවෘත්ති අංශය බදාදා විකාශනය කළේය.
වාර්තාව ඉදිරිපත් කලේ බිබිසි සේවයේ ජේෂ්ඨ විදෙස් වාර්තා කරුවකුවන ෆර්ගල් කින් විසිනි.
ෆර්ගල් කින් ශ්‍රී ලංකාවට අමුත්තෙක් නොවේ.
කොටි ත්‍රස්තවාදය උච්චව පැවති සමයේ ඔහු ටික කාලයක් කොළඹ සිට ශ්‍රී ලංකාවේ පැවති යුදමය වාතාවරණයට සම්බන්ධ ප්‍රවෘත්ති සම්පාදනය කළේය. ඒ කාලයේ නැගෙනහිර ත්‍රස්තවාදී නායකයා මුණගැසී ඔහුගේ නිවසේදී සම්මුඛ සාකච්චාවක් පටිගතකරගැනීමට හැකිවන අන්දමට ත්‍රස්තවාදීන් සහ කොළඹ සිටි ඔවුන්ගේ තැරව් කරුවන් සමඟ සමීප සම්බන්ධතාවයක් පවත්වාගෙන යාමට තරම් ඔහු දක්ෂ වාර්තා කරුවකු විය.
මෙවර ෆර්ගල් කින් ලංකාවට පැමිණ ඇත්තේ න්‍යාය පත්‍ර කිහිපයක්ම අතේ තියාගෙන විය හැකිබව ඔහුගේ වාර්තාව නැරඹු බොහෝදෙනාගේ අදහස වී ඇති බව පෙනෙන්නට ඇත.
ඔහුගේ වාර්තාවට මාර්තුකාව ලෙස යොදාගෙන තිබුනේ "ශ්‍රී ලංකාවේ උත්තර නැති මානව හිමිකම් ප්‍රශ්න" යන්නයි.
එහිදී ඔහු විදේශ ඇමති ජි. එල්.පිරිස් සමඟ පැවැත්වූ සාකච්චාවක කොටස් තම වාර්තාවට අන්තර්ගත කොට තිබුණි.
එයට අමතරව එල්ටීටීඊ ත්‍රස්තවාදී කණ්ඩායමට සම්බන්ධව සිටි අය සහ ශ්‍රී ලංකා හමුදාවන්ගෙන් දුෂණයට ලක්වුවායයි පවසන අය සමඟ පැවැත්වූ සාකච්චාවන් කිහිපයක්ද ඇතුලත් විය. මෙම පුද්ගලයින් පැවසු දේ පටිගතකර තිබුනේ එම පුද්ගලයින්ගේ ආරක්ෂාව සඳහාය යන පදනම මත මුහුණු නොපෙනෙන අයුරිනි.
මේ හේතුවෙන් ඕනෑම කෙනෙකුට ඕනෑම කතාවක් ගොතා පැවසීමට අවස්ථාව ලබාදී ඇතිබවද මෙම චෝදනා පදනම් රහිතඒවා බවද එය දුටු ශ්‍රී ලාංකිකයින් බොහෝ දෙනෙකුගේ අදහස විය.
ස්ත්‍රී දුෂණ සහ අමානුෂික වධ හිංසා උතුරු නැගෙනහිර ප්‍රචලිතව පවත්නා බව මානවහිමිකම් සංවිධානයන්ට සම්බන්ධ අයගේ අදහස වන බව ඔප්පුකර පෙන්වීම මෙම වාර්තාවේ මුලික පරමාර්ථය වියයුතු සලකුණු පෙනෙන්නට තිබුන බවත්, බ්‍රිතාන්‍යයේ චැනල් 4 වැනි අනෙකුත් මාධ්‍ය ආයතන මඟින්ද මේ සති කිහිපය ඇතුලත ශ්‍රී ලංකාව විවේචනයට භාජනය කෙරෙන අන්දමේ වැඩසටහන් ඉදිරිපත් කිරීමට හොඳටම ඉඩ ඇති බවත් ලන්ඩන් නුවර පදිංචි ශ්‍රී ලාංකිකයෝ පවසති.
මෙවැනි වැඩසටහන් නිෂ්පාදනය කිරීම සඳහා අවශ්‍ය තොරතුරු රූපගත කිරීම සඳහා දැනටමත් වාර්තා කරුවන් කොළඹට පැමිණ ඇතිබව ඔවුන්ගේ අදහසවී ඇත.
පොදුරාජ්‍ය මණ්ඩල නායක සමුළුව මාතෘකා කොට බීබීසිය,චැනල් 4, ඩේලි ටෙලිග්‍රාෆ්, ගාර්ඩියන් සහ ඉන්ඩිපෙන්ඩන්ට් වැනි බ්‍රිතාන්‍ය මාධ්‍ය ආයතන තුලින් ශ්‍රී ලංකාවට අහිතකර විවේචනාත්මක වාර්තා ඉදිරිපත්වීමට ඉඩ ඇතිබව පෙනීයන බව මේ අයගේ අදහස වී ඇත.
මෙම ආයතනයන්ට සම්බන්ධ ශ්‍රී ලාංකික පිරිස් පවා දරන්නේ ශ්‍රී ලංකා විරෝධී අදහස් බවට කලක් තිස්සේ චෝදනා ඉදිරිපත්ව ඇති බවත්, වාමාංශික මෙන්ම දක්ෂිනාංශික මත දරන බවට ප්‍රකට මෙවන් බ්‍රිතාන්‍ය මාධ්‍ය මෙපරිද්දෙන් ශ්‍රී ලංකා විරෝධී මත ඉදිරිපත් කිරිමසඳහා යොමුවිඅඇත්තේ කුමන හේතුවක් නිසාද කියා විමසා බලා එම කරුණු නිවැරදිකර ගැනීම සඳහා ඥානාන්විත ක්‍රියාදාමයක් ඉක්මනින් ක්‍රියාත්මක කිරීම ශ්‍රී ලංකා බලධාරීන් සතු වගකීමක් වන බවත් මෙවැනි මාධ්‍ය ආයතන ප්‍රසිද්ධියේ විවේචනය කිරීමෙන් හෝ ඔවුන් හට ප්‍රසිද්ධියේ දෝෂාරෝපණය කිරීමෙන් ඔවුන් දරන මත වෙනස් කරගැනීමට හැකි නොවන බවත් ලන්ඩන් නුවර ශ්‍රී ලාංකිකයෝ පවසති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
චැනල් 4 කට්ටියත් ඉන්නවා ඇති.කොහොම වුණත් මේ වෙලාවේදී පස්ස ගහලා ඔලුව නමලා එයාලගේ මතයට සාකච්ඡා ස්ථිර කරගන්න දෙන්න එපා. (නි)
පොදු රාජ්‍ය සමුළුව අපිට ඉල්ලගෙන කෑමක් වෙන්න වගේ යන්නේ. (නදී)
බීබීසී එක දැන් ස්වාධින ආයතනයක් නොවේ. ඒ ඉස්සර, මෙවර ඩේවිඩ් කැමරන්ගේ පදේට නටනු ඇත. (ස)
ප්‍රේමදාස මහත්තයා නැවත ඉපදිලා හිටිය නම් හොඳයි වගේ.(නදී)
ලංකාවේ බෞද්ධයන් අමු අමුවේ මැරුවා. ඇයි ඒ මැරුවෙ සත්තුද? බ්‍රිතාන්‍ය කියන්නෙ හොරු සහ මිනීමරුවෝ. උන් තමයි ලෝකෙම කොල්ල කාපු හොරු. දැන් සුදනෝ වෙන්න එනවා..(නදී)
ඉල්ලාගෙන කෑමක් තමයි අපේ අය කරන්නේ. ඇයි කියන එකයි ප්‍රශ්නය? අධිරාජ්‍යවාදයට තාමත් ගැතිවීම නිසා බදු ගෙවන්නේ ණය ගෙවන්න වෙන්නේ මිනිස්සුන්ටමයි. එන මාධ්‍ය කිරිබත් කාලා නිදා ගන්නේ නැහැ. හොඳ කතා හදන්න තමා එන්නේ. (නි)
අපේ රටේ සමහර දේවල් අපිට අනුමත කරන්න බැහැ. නමුත් මෙයාලගේ මානව හිමිකම් ගැන කුමන කතාද? මතකනේ මීට අවුරුදු පහකට හයකට කලින් අහිංසකයෙක් වෙඩි තියල මරපු හැටි අපි වීඩියෝ වලින් දැක්කා. (ස)
දැන් කෝ අපේ රටේ අර කෑගහන කෙනා විමල් මහත්තයා. රටට වෙන හානිය ... එතකොට සුදුව රටට එනවට සුද්දන්ගේ දේවල් එපා කියන කෙනා. . දැන් කෝ මේ ඒ අය.(නදී)
බි.බි.සිය කොහොමත් කොටි හඩනේ නියෝජනය කරන්නේ මෙයාලාගේ මේ වැඩසටහනට උදව් කරන්න තමයි ......වව්නියාවේ අර කට්ටියක් උසාවි ගියේ. දැන් මෙයාලා ගිහින් එයාලාව හම්බ වෙයි ...ඔය නිසා තමයි ඒ අය සමුළුව ලන් වෙනකන් ඉදලාම උසාවි ගියේ. දැන් ඉතින් මට බනින්න ....ජාති වාදියා,ආගම වාදියා කියලා.....බටහිර ඉදගෙන බටහිරට බනින නැට්ට නැති කට්ටියගේ අය කියලා ....(නදී)
පොදු රාජ්‍ය මණ්ඩලයේ සියලුම නායකයන් අප රටට එන එකෙන් අප රටට ඇතිවෙන කිර්ති නාමයට කැළලක් කරන්න පිටදේශ වල තිබෙන ඔය මාධ්‍යයන් වලට කිට්ටු කරන්න දෙන්න බැහැ (නි)
අවධානය ගැන ජනප්‍රිය වෙන්න බොරුව ඔනේ. ඇත්ත කිව්වොත් බලන්නේ නැහැ. එය ඔහුගේ කාරියයි. ප්‍රතිරූපය ඔවුන්ට වැඩක් නැහැ.(නදී);
බ්‍රිතාන්‍යයෝ මෙරටේ ඉන්න සුළුජාතීන්ව සිංහලයාගෙන් ගළවා ගන්නයි එන්නේ. නියමයි (නි)
පරණ දේවල් අවුස්සනවා නම් අපිට එංගලන්තයේ රැජිනගේ ඉඳල ඔක්කොම අන්තර්ජාතික අදිකරණය ඉදිරියට ගෙනෙන්න පුළුවන්. .(නදී)
තිස්ස මහත්තයෝ, තාම දන්නේ නැද්ද? මේ බි බි සි යේ වැඩකරන්නේ බොහෝවිට අපේම සිංහල අය. එනිසා සුද්දෝ ගැන පුදුම වෙන්න එපා. (නි)
කෝ අර රැජිනට තේ සපයන ලොක්කා. එයා කිව්වේ නම් ඔක්කොම අන්ඩර් කොන්ට්‍රෝල් කියලනේ. අගමැති ඩේවිඩ් කමොරන්, විලියම් හේග් අපේ පැත්තේ, කොටියව ලන්ඩනයේ මෙල්ල කරලා තියෙන්නේ. වැඩ බැරි වයසක සීයා මාධයවේදියෙකුත් දාගත්තේ පත්තර කාරයන්ට දුවන්න වැඩ දෙන්න. දැන් බැලුවහම ඔක්කොම බොරු හෙළිවෙනවා. ගොයියෝ, දුවන්න පාර මදි වෙයි. විලි ලැජ්ජාවේ බැහැ. (නදී)
ලංකාවේ හිටපු බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරයෙක් වයස අවුරුදු 14 වැඩි සිංහල ළමයින් මරා දමන්න ලෙස ගැසට් නිවේදනයක් නිකුත් කලා කියලා මතකයි. (ස)
සුදු වැන් එකක් හොයා ගන්න නැද්ද මේ වාර්තා කාරයව එක්කරගෙන යන්න , .(නදී)
දන්නවද එංගලන්තයේ ඉන්න ඉන්දියන් අය ගැන. ලංකාවට විරුද්ධ ප්‍රචාර වැඩිපුරම බලන්නේ කියවන්නේ එහෙ ඉන්න අය තමයි (නි)