‘ලොකුවට බැනර්,තොරණ,කටවුට් ගහන්න පුළුවන් නමුත් ජනතා හදවතට හිතවත් වෙනන් බැරිනම් වැඩක් නෑ.හොරකම ,මැරකම හා දුෂණයෙන් සියලු දේ වහනවානම් එක් එක් අයගේ පිට කසනවානම් ,සුදුහුණු ගානවානම්,අපේ රටට සුගතියක් වන්නේ නැතැයි‘ කළුතර දිස්ත්‍රික් සන්ධාන මන්ත්‍රී විදුර වික්‍රමනායක මහතා හොරණදී ප්‍රකාශ කළේය.
පළාත් සභා හා පාර්ලිමේන්තු මන්ත්‍රීන්ට විරුද්ධව අල්ලස් චෝදනා ඇතැත් ඉන් එක් අයකුටවත් නඩු දමා ඇත්දැයි නොදන්නා බව ඔහු කීවේය.
‘අද දේශපාලනය සමහරුන් අතේ මළ සිරුරක් වගේ.පණුවන් ගැසා ගඳ ගසනවා.දේශපාලනඥයින්ගේ හොරකම් හා දුෂණ ගැන චෝදනා විතරයි.
තවම නීතීය ක්‍රියාත්මක වී නැහැ.දුෂණය ,වංචාව ඔඩුදුවා තිබෙන ගොඩට අපි එකතු වෙනවාද,නැත්නම් ජනතාව වෙනුවෙන් කැප වෙනවාද යන තීන්දුව අප සැම දෙනා විසින්ම ගතයුතුයි.‘
(බුද්ධික කුමාරසිරි)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය මොනවා කිව්වත් මහින්ද දිනනවා, අපිට මතකයි අනිත් ආණ්ඩු රට කරපු හැටි. (ස)
එතනෝල් නොමැති මත් කුඩු නොමැති සුදු වැන් එන්නේ නැති , ළමා සහ ස්ත්‍රී අපචාර නොමැති ශ්‍රී ලංකාවකට හමුදා පාලනයක් තමයි. (ස)
කේ. සිරි, ඔබ හරියටම හරි. මහින්ද මහතාගේ ලොකුම වැරැද්ද දුෂිතයෝ ටිකක් ලං කරගෙන ඉන්න එකයි. ඒ වගේම යු.එන්.පී එක ආවා කියල ඒවා නවතිනවා කියල තියෙන සහතිකේ මොකක්ද? ඒගොල්ලෝ ඒ කාලේ කරපු ලොකුම සහ එකම ව්‍යාපෘතිය මහවැලියයි. එ්කෙන් ගහපු හැටි ඒ කාලේ හිටපු අය දන්නවා. මෙතන කමෙන්ට් දාන හුඟක් අය ඒවා දන්නේ නැහැ. (නදී)
සැබෑ දේශ හිතෙයිශීන් කව්ද කියල දැන් ජනතාව තේරුම් අරන් ඉන්නේ. පාර්ලිමේන්තු මැතිවරණයේදී ඔවුන් එය ඔප්පු කරාවි. රට අගාධයකට තල්ලු නොකර ජනතා මුදල් යහපාලනය නොකර පෞද්ගලික න්‍යාය පත්‍ර වලට වැඩ කිරීම ගැන ජනතාව අවධියෙන්. කාලය සියලු ගැටළු යහතින් නිරාකරණය කරනු නියතයි. (නදී)
මොනවා කියනවද මන්ද. ඒවා නතර කරන්න කෙනෙක් ඉදිරිපත් වෙනකොට වැඩක් නැති දේවල් කියවන එක තමයි දරාගන්න අමාරු (දිල්)
කවුරු ගැනද මේ කියන්නේ පැහැදිලි කලා නම් මොකද (දිල්)
කරුණාකර ශුද්දෝතම පාප්තුමන්ව මැතිවරණ ප්‍රචාරණ කටයුතු සදහා යොදා නොගන්නා ලෙසත් ඉල්ලා සිටිමි. (ර)
ඉතින් ඔයගොල්ලොත් හරක් හොරකම් කරනවද? කියන්නකෝ එහෙනම් හොරකම් නොකරපුම කෙනෙක් හොයාගෙන ගියාට වරදක් නැත (නදී)
මන්ත්‍රීතුමත් යන්න වගේ හදන්නේ.? (ර)
මන්ත්‍රීතුමාගේ අදහස නම් හොදයි. මොනවා කරයිද දන්නේ නෑ.? එතුමත් රට ගැන හිතලා. (ර)
ඉන්දික මහත්තයෝ, එන්නේ යු.එන්.පී ආණ්ඩුවක් නෙමේ, ඔය සේරගේම සංකලනයක්. එහෙම වුනහම හොරකම් කරන්ඩ අමාරු වෙනවා. පවුල් වලින් විතරක් රට පාලනය වෙන්නේ නැහැ බලය බෙදිලා යනවා. ජනතාවට අහුම්කන් දෙනවා. කාටවත් අද වගේ එ්කාදිපති වෙන්ඩ බැහැ. එ්ක නිසා තමයි අපි සේරමලා මෛත්‍රීට මෙදා පාර ඡන්දෙ දෙන්ඩ ඕනේ (නදී)
මොනාද කරන්නේ.? මෛත්‍රී මහතාට සපෝර්ට් කරන්නේ නැතුව? (ර)
ජනපතිට 2/3ක බලයක් නිර්මාණය කරගන්න සිහි කල්පනාව තියෙනවා නම් තමන් වටේ ඉන්න අයගේ තරම නොවැටහේද? තම දේශපාලන අරමුණු වෙනුවෙනුයි ඔවුන් වැඩ කරන්නේ. එය සක් සුදක් සේ පැහැදිලියි. වසර 6කට ඡන්ද වියදම් දරා බලය දුන් කෙනෙක් වසර 4කින් එය අවසන් කරන්නේ ඔහුට ඇති අවාසිය කල් ඇතිව මග හරින්න නෙවේද?බලය ඉදිරියේ ඔය සියල්ල අමතකයි. (නදී)
කීයටවත් ආණ්ඩුව දාල යන්නේ නැ කිව්වා නේද? (ර)
විදුර මහත්තයෝ, පල්වෙවී ඉන්නේ නැතිව වීරයෙක් වගේ කෙලින් තීරණයක් ගන්නකෝ. (ර)
යූ.එන්.පිය රට කරපු හැටි අපි දන්නවා. 1980 දශකය අපිට තාම මතකයි. අපි මැරිලා ඉපදුනේ නෑනේ. (නදී)
බයිලා ගැහුවට වැඩක් නෑ මහත්තයෝ අපේ පැත්තට ඇවිත් වැඩ කරන්න.(හේ)
බොරුවට කියෙව්වට වැඩක් නැහැ. ක්‍රියාවෙන් ඔප්පු කරන්න ඕනේ. තාත්තාටයි පුතාටයි තියෙන්නේ ක්‍රියාවෙන්ම ඒක ඔප්පු කරන්නනේ.(හේ)
රට ගැන හිතල තීරණයක් ගන්න (නදී)
මෙයා මොනාටද මේ එන්න හදන්නේ අසාදාරනයක් වෙලාද දන්නේ නැ මෙයාටත්. (නදී)
අජිත් අපිටත් දැනගන්න එක්ක යූ.එන්.පිය රට කරපු 1980 දශකය ගැන කියන්න බලන්න ඔයා දන්නා දේවල්. (නදී)
මේ ක්‍රමයත් නරකම නෑ. කෙලින්ම යන්නේ නැතිව වටෙන් සපෝර්ට් එක දෙන එක. ඒක ඊට වඩා දැනෙනවා. පක්ෂ මාරු කරලා චාටර් වෙන්න ඕනත් නෑ.(නදී)
කියන්න කිසිම දෙයක් නැත්තම් දුෂණය තමයි ගාව ගන්න තියෙන්නේ. සමහර අය මැරිල ඉපදිලා වගේ මෙතන කතා කරන්නේ (නදී)
එතකොට අර මෛත්‍රී මහතා ගේ වෙට්ටියට වෙලා හැංගිලා ඉන්න අය මොකද කියන්නේ? එයාල හරි සුදනෝද? (නදී)
හිතන්න, ඇයි වසර දෙකකට ඉස්සර ඡන්දෙ තියන්නේ? අනාගතය දන්නා නිසා නෙමේද? (නදී)
අනේ වෙනසක් කරලා බලමුකෝ (නදී)
තවත් මොනවා කරනවද? වංචාව ඔඩු දුවා තිබෙන ගොඩට එකතු වෙන්න එපා. මෛත්‍රී මහතාට එක් වෙන්න. (නදී)
කාටත් අතීතය අමතකයි. බෝම්බ පිපිරුණ කාලේ මතක නැහැ. සිංහලයට දෙයක් මතක තියෙන්නේ සුමාන දෙකයි කියලා ප්‍රභාකරන් කිව්වේ නිකන් නෙමෙයි. (නදී)
මොකක්ද මේ වහෙන් ඔරෝ භාෂාව (නදී)
රට ගැන රටේ අනාගත දරු පරම්පරාව ගැන හිතල තීරණයක් ගන්න."ඒකාධිපති වියරුවෙන්" රටත් රටේ ජනතාවත් නිදහස් කර ගන්න තිබෙන අවසානම අවස්තාව මෙය වෙන්න පුළුවනි."වීරවරු" බිහි වෙන්න ඕනේ කාලයක් මේක.(නදී)
අත ඊසොප්ගේය . හඬ යාකුබ්ගේය . මොකද්ද දන්නේ නැහැ ඔය ඇහෙන සද්දේ? (නදී)
එතනෝල් නොමැති මත් කුඩු නොමැති සුදු වැන් එන්නේ නෙති , ළමා සහ ස්ත්‍රී අපාචර නොමැති ශ්‍රී ලංකාවක් සදමු (නදී)
මම හිතන්නේ මේ කට්ටියගේ ෆයිල් බොස් ගාව තියෙනවා ඒ ෆයිල් නිසා තමයි කළුතර දිස්ත්‍රික්කේ මැති ඇමතිලා ගොඩක් පනින්න බය නිකන් ආසයි බයයි වගේ විවේචන කර කර ඉන්නවා (ස)
මෙන්න මේ ටික අහගන්න.“මේ ආණ්ඩුවේ හැමෝම තමන්ට අවශ්‍ය තරම් හොකරම් කරලා හරහම්බක කරලා තියෙන්නේ. ඒ අය නැවත එසේ නොනකරන්නට තරම් හම්බ කරලා. යූ.එන්.පිය ආවොත් ඔවුන් හොරකම් කිරීම මුල සිට පටන් ගනු ඇත. එහෙයින් හොරකම් කිරීම අවසන් කල පාලකායට බලය දෙන්න.“ (ස) ඇමති මහින්ද අමරවීර
අනේ යන්නකෝ මෛත්‍රී ලඟට (නදී)
මොන ආණ්ඩුව ආවත් එකයි. කවුරු මොනා කියලා බලයට ආවත් අන්තිමට කරන්නේ එකම දේ. (ර)
විදුර මහත්මාගේ දිව පැටලිලා වගේ. (නදී)
ඔබ තුමා සහ හිටපු අගමැති තුමා ගැන අපි තවම වරදක් දකින්නේ නැහැ. ඒත් ඔය ජරා ගොඩේ හිටියොත් ඔබලත් පනුවෝ වගේ වේවි. තීරණයක් ගන්න දැන් කාලය හරි. ගහන්න ගහන්න වදින එකත් වදින්න වදින්න ගහන එකත් මෝඩයෝ බව ඔබලා අහල ඇති. (නදී)
ඇත්තටම නදී ..මම යම් අදහසක් දන්නේ මේ ලංකාදීපේ එසැන පුවත් වලට පමණයි..මම අන්තර්ජාලයේ අනෙක් පුවත් පත් බැලුවට අදහස් නම් දාන්නේ නැහැ.. මාධ්‍යවේදීන් ගැන මගේ එදා ඉදලම ලොකු ප්‍රසාදයක් නැහැ.. මොකද මම දන්නවා අපක්ෂපාති මාධ්‍ය කලාවක් ප්‍රයෝගික නැහැ..ඒක සිදුවෙන්නේ නැහැ කියල..හැමෝගෙම යම් මතවාද තියෙනවා..ඒ මතවාද මොන ආකාරයකින් හෝ එම මාධ්‍ය වේදියා තම මාධ්‍ය කලාවෙන් එලි දක්වනවා..මම දන්නවා ඔයාටත් මතවාදයක් තියෙනවා. (අ)
විධුර මහත්තයෝ හොරණ ඉන්නේ හොඳ එඩිතර රටට ආදරය කරන මිනිස්සු. ඒක ඔබ හා ඔබගේ පියා ළඟ නොතිබෙන්න විධියක් නැහැ. පොඩි සුළඟකටත් කෙන්ඩේරි පුවක් ගස් දෙපැත්තට වැනුනත් ශක්තිමත් පොල්, තල් හෝ කිතුල් ගස් වැනෙන්නේ නැහැ. ජනතා වාදී බව කතා වෙන් නොව ක්‍රියාවෙන් ඔප්පුකර මියයන හෙට දිනයට එක් නොවී අලුතින් බිහිවෙන හෙට දිනයට හදවතින් ආශීර්වාද කරන්න. (ර)
හර්ද සාක්ෂිය ගැන කිය කියා තව මොනවද පාරම්බාන්නේ මහත්තයෝ. අන්න මෛත්‍රී මහත්මය නිර්භීතව යන්න ඕන පාර හදල තියනවා. සිග්නල් එක හරවල ඉවරවෙලම දා ගත්ත හැකියි හරවන්න ඔබේ වාහනය මෛත්‍රී රාජ්‍යට!! (අ)
මෛත්‍රීපාල සිරිසේන මහත්මය නම් කියල තිබුනේ කටවුට් වලටයි කොඩි වැල් වලටයි වියදම් කරන මුදල් වකුගඩු රෝගීන් වෙනුවෙන් අරමුදලකට බැර කරනවා කියලයි. තව මොනවා කල්පනා කරනවද විදුර මහත්තයෝ? (අ)
අම්මෝ තව දතක් හෙල්ලෙනාවෝ (අ)
ඔබතුම කැමති නැද්ද පිවිතුරු වෙන්න..(අ)
ඔබ තුමා කියන කතාව සම්පුර්ණ ඇත්ත. ඒ උනාට ජනතාවට තියන වෙන විකල්පය මොකක්ද? යුඑන්පී එක කාලෙ කරපු දේවල් අපට හොඳට මතකයි. ඒ ආණ්ඩුව තිබුණා නම් ඔබ තුමාටත් ඔය වගේ කතා කරන්න ලැබෙන එකක් නෑ. මට මතකයි ටැලිපෝන් එකෙන්වත් මිනිස්සු ඒ ආණ්ඩුවේ වෙරදී කිව්වේ නෑ. ඒ තරමට බයෙන් හිටියේ. ඡන්ද දිනපු හැටිත් මතකනේ. ඒ පවු තමයි ඒ ය තාම ගෙවන්නේ. මේ ආණ්ඩුවේ තියන ලොකු වැරැද්ද තම දුෂණය. හැබැයි ලෝකය ඉදිරියේ කෙලින් ඉන්න නායකයෙක් ඉන්නවා. ගිය ආණ්ඩුවල නායකයෝ අපිට සිංහයෝ වගේ හිටියට ලෝකේ ඉදිරියේ දන ගැහුවා. ඉතින් අපි කාටද ඡන්දෙ දෙන්නේ මගේ අදහස නම් මේ පාරත් මෙයාට චාන්ස් එකක් දීල බලනවා එයාගේ ගෝලයන්ගේ වැරදි හදා ගනීද කියල. පාර්ලිමේන්තු ඡන්දෙදි නම් හරි අයට දෙමු. (අ)
වෙන පක්ෂයක ගියාම මෙයාල කරපු නරක වැඩ හොද වෙනවද ? (අ)
කේ. සිරි.මොකෝ තුන් වෙනි පාරත් ඉල්ලන් කන්නද යන්නේ.(අ)
මේ සත් ගුණවත් මන්ත්‍රීවරුන් කොයි තරම් හරිහම්බ කලත් ඉස්සර වගේ නෙමෙයිනේ ගම්සභා ඡන්දයක් ආවත් කෝටිගණන් වියදම් කරනවනේ. ඒ කියන්නේ බදු නොගෙව්වට එයාල එ සල්ලි අයෙත් ජනතාවට දෙනවනේ. ගනු - දෙනු. කොයි තරම් හොඳ කට්ටියක්ද බලන්න? (අ)
ඇතුලේ ඉන්න අනෙත් අයත් මේ වගේ කතා කරනවානම් නායකයෝ මීට ඉස්සර හැදිලා.(ම)
විකුම්."කටවුට් වලටයි කොඩි වැල් වලටයි වියදම් කරන මුදල් වකුගඩු රෝගීන් වෙනුවෙන් අරමුදලකට බැර කරනවා".මෛත්‍රීපාල සිරිසේන මහත්මයා ලඟ තියෙන්නේ උසස් ගුණාංග.(ම)
මොකද මේටික ලොක්ක ඇතුළු ලොක්කෝ ටිකට නොතේරෙන්නේ ? ඒ තරමටම බලයෙන් නිලයෙන් ධනයෙන් හා මෝඩකමෙන් වල්මත් වෙලාද?.(අ)
රට හරිමගට ගන්න අලුත් විදියකට හිතන්න වංචා දුසන නැතිකර රටේ යහපාලනයක් ඇතිකරන්න් මෛත්‍රී මහතාට එක් වෙන්න. (අ)
අහල තියෙනවද , උණ ගහේ හා නුග ගහේ වෙනස. පල බර වෙන කොට ගහේ අතු බිමට නැමෙන බව පණ්ඩිතයෝ අඩිය තියන්නේ නැති තැන මෝඩයෝ පිනුම් ගහන බව කටුස්සාගේ කරේ රත්තරන් බැන්දම වෙන දේ ගැන (දිල්)
ආණ්ඩුවෙන් අස් වෙන්නේ නැතිව මොකටද නිකන් කියවන්නේ (දිල්)
කේ සිරි ඔබගේ අදහසට මාත් එකඟයි. ඔය හැමෝම කතා කරන්නේ නැවත ඉපදිලා.(හේ)
චාම් විදියට ජීවත් වෙමින් වැදගත් විදියට දේශපාලනය කරන ඔබතුමා වගේ උදවිය ඔය වගේ තැන් වල මොකට වැටිලා ඉන්නවද කියලා මට තේරෙන්නේ නැහැ. (හේ)
අනේ මෙයාව පොදු අපේක්ෂකයා කරලා දාන්නකෝ.(හේ)
සිරි හිටියේ ලංකාවේද ?70 මැතිවරණ දිනුමේන් පසුදා මොකද වුනේ ?73 දැදිගම අතුරු මැතිවරණය මොකද වුනේ ? රාජ්‍ය ලේඛනාගාරයට ගිහිල්ලා විස්තර බලාගන්න ? (හේ)
එක මන්ත්‍රී කෙනෙක් හරි ඇමති කෙනෙක් හරි එහා පැත්තෙන් මෙහා පැත්තට හෝ මෙහා පැත්තෙන් එහා පැත්තට ගිය ගමන් රජය පරාදයි හෝ රජය දිනනවා කියල ආස්වාදයක් ලැබීමම තුල තිබෙන්නේ සිතන්නාගේ බුද්ධිය පිළිබඳව ගැටළුවක්. (නදී)
ඔබ තුමා කියන දේ ඇත්ත. අපිට දැනට මේ කෙරෙන නාස්තිය දුෂණය රටට දරාගන්න පුළුවන් එකක් නෙමෙයි. සුවිස් බැංකුවල පුද්ගලික ගිණුම් තරකරගන්න මේ අය මිනිස්සුන්ගේ බදු ගහල අපිව සුරා කනවා. දැන් ඉන්න ජනතාව ලේසියෙන් අන්දන්න බැහැ. මේ පාරවත් පාඩමක් ඉගැන්නුවේ නැත්තන් මේ ගොල්ලෝ හිතනවා මේක ඒගොල්ලන්ට ලියල දීලා කියලා. මමත් පරම්පරාගත නිදහස් පාක්ෂිකයෙක්. හැබැයි මේ පාර ජන්දය දෙන්නේ මෛත්‍රීපාලට. වෙන දේකට නෙමෙයි මේ රජවරු කියල හිතාගෙන ඉන්න කට්ටිය බිමට බස්සන්න. පාර්ලිමේන්තු මැතිවරනේදී ආයෙත් සන්දානයට දෙනවා. එතකොට තටු කපපු ජනතාවට වග කියන සන්දාන ආණ්ඩුවක් ගෙනෙන්න පුළුවන්. (නදී)
මම හිතන්නේ ජනතාව දැන් ඉටුකළයුතු යුතුකම් ඉටුකරලා තියෙන්නේ ඇති වෙනකම්. හැමදේකටම සීමාවක් තිබිය යුතුමයි. දැන්වත් මිනිස්සු තේරුම් ගන්න ඕනෑ හරි වැරැද්ද මොකක්ද කියලා. මෛත්‍රී කියන්නේ හොඳම විසඳුම නොවෙන්න පුළුවන්. එහෙත් හොඳ විසඳුමකට යන්න තියෙන අවස්ථාව පවා නැතිවෙන්න ඉඩ තියෙනවා මේ යන විදියට රට ගියොත් (නි)
මේ මිනිස්සු නිකම් සත්තු වගේ ඔහේ කියවගෙන යනවා. මහින්දව පරද්දන්න බෑ ඔය මොනවා කිව්වත්. (නදී)
යු.එන්.පී එක එදා වැරදි කලාට නැවත වැරදි කරයි කියල හිතන්න එපා. ජේ.වී.පී එක එදා වැරදි කලා. අද එයින් ඉවත් වී දේශපාලනය කරන්නේ. අද බලයේ ඉන්න අය වැරදි කරනවා. තවත් වරක් බලය දීමෙන් ඒ අය එම වැරදි දිගටම කරගෙන යනවා. (නදී)
අපොයි ඔව් රසික එතකොට මේ මනුස්සය මෙච්චර කල් හටියේ විපක්ෂයේ ද ? ඕන එකකට එහෙයි කියාගෙන ඉන්න එහෙයියෝ විතරයි මට පේන හැටියට සන්ධානයට හරි යන්නේ. (නදී)
යුක්තිය අසාධාරණය සම්බන්ධයෙන් මුනිවත රකින තැනක ඉඳල වැඩක් තියේද ඔබතුමා ? (නදී)