ශ්‍රී ලංකාවට යන විදේශිකයින් හට මුහුණ පෑමට සිදුවන ලොකුම අතවරය ඔවුන්ගේ ක්‍රෙඩිට් කාඩ් සොරකම් කිරීම බව පසුගියදා බ්‍රිතාන්‍ය විදේශ අමාත්‍යාංශය මඟින් නිකුත්කර නලද උපදෙස් පත්‍රිකාවෙහි දැක්වෙයි. අප රටේ වර්තමාන වාතාවරණය පිළිබඳව බ්‍රිතාන්‍යයේ සිට ශ්‍රී ලංකාවට යන සියලුමදෙනා දැනුවත් කිරීමේ අරමුණෙන් නිකුත්කර ඇති එම උපදෙස් මාලාව මඟින් අවධාරණයකර ඇත්තේ ශ්‍රී ලංකාවේ පිළිගත් බැංකුවක් හෝ ප්‍රධානපෙළේ හෝටලයකදී ඇරෙන්නට වෙන කිසිම ස්ථානයකදී විද්‍යුත් යන්ත්‍ර භාවිතාකර මුදල් ගැනීම අනතුරුදායක බවය.
එම ලිපියෙහි අනතුරු දැක්වීමක් වශයෙන් සඳහන්කර ඇත්තේ ශ්‍රී ලංකාව පුරාම සංවිධානාත්මක ආයුධ සන්නද්ධ මැර කල්ලි ක්‍රියාත්මක වන බවත් මොවුන් බලෙන් පැහැරගෙන යෑම් සහ කොල්ලකෑම් ඇතුළු භයානක අපරාධයන්ට සම්බන්ධ බවත්ය. එසේවුවත් එවැනි අපරාධකරුවන් විදේශ සංචාරකයින් ඉලක්කකරගන්නේ කලාතුරකින් බවද එහි දක්වා ඇත.
විදේශිකයින් ඉලක්ක්කරගත් ස්ත්‍රී දුෂණ කිහිපයක් පසුගිය වකවානුවේදී වාර්තාවී ඇති බැවින් ශ්‍රී ලංකාවට යන කාන්තාවන් මේ පිළිබඳව සැලකිලිමත්වීම වැදගත්වන බවද එම ලිපියෙහි දැක්වෙයි.
2011 දී බ්‍රිතාන්‍ය ජාතිකයෙකු ඝාතනයට ලක්වීම පිලිබඳව සඳහන් කරන එම ලිපිය ශ්‍රී ලංකාවේ අධිකරණ ක්‍රියාවලිය බ්‍රිතාන්‍යයට සාපෙක්ෂිතව මන්දගාමී බවක් පෙන්නුම්කරන බවද ශ්‍රී ලංකාවේදී මුහුණදුන් අතවරයන් පිළිබඳව බ්‍රිතාන්‍ය පුරවැසියන් විසින් ගොණුකර ඇති නඩු විභාග කිහිපයක්ම අනවශ්‍ය ආකාරයට ඇදී යමින් පවතින බවද දක්වයි.
ප්‍රධාන පෙලේ හෝටල් අතුලු නවාතැන්පලවල් තුලදී පෞද්ගලික බඩු බාහිරාදිය අතුරුදහන්වීම සාමාන්‍ය දෙයක් වන තරමට අනාරක්ෂිත තත්වයක් උද්ගතවී ඇති බව දක්වා ඇති එහි විදෙස් ගමන් බලපත්, මිලමුදල් සහ අනෙකුත් වටිනා බඩු බාහිරාදිය පරෙස්සම්කරගැනීම සඳහා කටයුතුකිරීමට වගබලා ගන්න ලෙසද දක්වා ඇත.
පදිකවේදිකාවල සහ කඩමණ්ඩි වලදී වෙළෙන්දන් සහ පාරිභෝගිකයින් අතර සණ්ඩු සරුවල්වීම නිතර දෙවේලේ දැකිය හැකිදෙයක් බැවින් එවැනි තැන්වලට යාමෙන් වලකින ලෙසටද එවැනි ස්ථානයකට යන්නේනම් මේ තැන්වල ඉන්නා කළහකාරී වෙළෙන්දන් මගහරින ලෙසටද උපදෙස් දී ඇත.
උතුරු නැගෙන හිර පලාත්වල සංචාරය කිරීම, මුහුඳේ නෑම, වාහන පැදවීම සහ කුලී රථ භාවිතය වැනි කටයුතු සම්බඳවද විස්තරාත්මක උපදෙස් එම ලිපිය මඟින් පෙන්වාදී ඇත.
විශේෂයෙන් මහජනයා රැස්වන ස්ථාන සහ දේශපාලන රැස්වීම් පැවැත්වෙන ස්ථාන වලට නොයන ලෙසටද අවවාද කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔව් ඉන්දික හරි..බය වෙන්න එපා.....මොනවා උනත් ලංකාවට කැමති සුද්දෝ මැරුවත් එනවා.(නදී)
අයි ඉන්දික එන්න එපා කියන්නේ ? ඔයාගේ සේනාවෙන්ද එතකොට අය වැය හිගය පියවල දෙන්නේ ? මේවා බොහොමයක් ඇත්තනේ. ප්‍රධාන පෙලේ හෝටල් අතුලු නවාතැන්පලවල් තුලදී පෞද්ගලික බඩු බාහිරාදිය අතුරුදහන්වීම සාමාන්‍ය දෙයක් වන තරමට අනාරක්ෂිත තත්වයක් උද්ගතවී ඇති බව බොරුද? 2011 දී බ්‍රිතාන්‍ය ජාතිකයෙකු ඝාතනයට ලක්වීම සහ ශ්‍රී ලංකාවේ අධිකරණ ක්‍රියාවලිය බ්‍රිතාන්‍යයට සාපෙක්ෂිතව මන්දගාමී බවක් පෙන්නුම්කරන බව බොරුද ? විදේශිකයින් ඉලක්ක්කරගත් ස්ත්‍රී දුෂණ කිහිපයක් පසුගිය වකවානුවේදී වාර්තාවී ඇති බව බොරුද ? තව ඕනේ නම් කියන්න පුළුවන් බීගෙන ගුවන්යානා දොරවල් අරින්න හදන අයත් ඉන්නවා කියලා. මිනී මරල අමතක වුන අයත් ඉන්නවා. ඒවාත් ඕනේ නම් මේකට එකතු කරන්න පුළුවන්.(නදී)
නිතිය හරියට තිබුනා නම් මේ වගේ ප්‍රතිචාර රටවල් වලින් ලැබෙන්නේ නැහැ. ගෙදරක වුනත් පාලනය හරියට නැත නම් මොකක්ද වෙන්නේ.(නදී)
සුපුන්, ඔව් සුපුන් ලංකාවේ අය මැරෙන්නේ හරි පිටරට යනවා. පිටරට කට්ටිය මැරෙන්නේ හරි ලංකාවට එනවා. සුන්දර නිදහස් රට.(නදී)
අපේ රටේ සිදුවන යම් යම් අපරාද ජාත්‍යන්තරය මොනතරම් අපහාසයට ලක් වෙනවද කියලා තේරුම් ගන්න බැරි ඉන්දික වගේ මෝඩ අය මොකට ඉපදුනාද දන්නේ නැහැ. රටේ කීර්තිනාමය රැකීමේ වගකීම තියෙන්නේ රටේ මහජනතාව වන අපිට. මේවා තේරැම් ගන්න. රටට අපහාස වෙනවයි කියන්නේ අපේ දෙමව්පියන්ට අපහාස වෙනවාය කියන එකයි.(නදී)
එම දැනුවත් කිරීම ඉතාම නිවැරදියි. ඒ රටවල පාලකයන් ඒ රටවල ජනතාවට අදරෙයි. ඒ අය ඉන්නේ ජනතාව ආරක්ෂා කරන්න. අපේ රටේ ඒකේ අනෙක් පැත්ත. ඡන්දෙ ගන්නකම් ඔක්කොම නාඩගම් ඊටපස්සේ ඒ අය ගමන් කරන වාහනේ යනකොටත් අපිට පාරේ යන්න නැහැ.(නදී)
ලංකාව විතරක් නොවේ අප්‍රිකාව, යුරෝපයේත් හොරකන් කරනවා. ලංකාව තරම් කොහේවත් සංචාරකයින්ට නිදහසේ ඇවිදින්න ලැබෙන්නේ නැත. වෙන රටවල්වල සංචාරකයින්ව සුද්ද කරනවා.(නදී)
විහිලුවට ලක් වෙනවා අපිව (දී)
ඒ තරම් ලංකාවේ මිනිස්සුන්ගෙන් පරිස්සම් වෙන්න ඕනෙද (දී)
විකාර කියන්නෙ මෙන්න මේවා
දැන් ගොඩක් සුද්දෝ මාලදිවයිනට යනවා.(නදී)
ලංකාවේ දැන් ඉන්නේ පල් හොරු. කෝච්චියේ යන සුද්දන්ගේ බෑග් කීයක් හොරකම් කරනවද ?(නදී)
අපායටත් මිනිස්සු යන එකේ ලන්කාවට් එන එක මොකද්ද? (ස)
මොනවා කීවත් ,මොනවා කෙරුවත් කවුද මේවා ගැන හිතන්නේ? මිනිස්සු වැරදි කරනවා. ඒක ලෝකේ ඕනෑම සමාජයක පවතින ස්වාභාවයයි. මෙතෙක් කල් මුලු ලෝකෙම බලා හිටියා. අද නැත්නම් හෙට මේ තත්වය වෙනස් වෙයි කියලා. දැන් සැමොටම තේරුම් ගන්න හොදයි අපි කරන දේවල මොන මොන තැන් නිවැරදි කල යුතුද කියලා (නි)
එංගලන්තේ කෙනා ලියපු ලියුමේ මොන රටට ද යන්න හොදයි කියලා තිබුනේ? මොකද ඔය කියන ඔක්කොම දේවල් ඇමෙරිකාවේ ගුවන් තොටුපොලකින් බැහැපු වෙලාවේ ඉදලා බලන්න පුළුවන්. තැරව්කාරයෝයි, ක්‍රෙඩිට් කාර්ඩ් හොරු ඔක්කොම ඇමෙරිකාවේ පිරිලා. මාෆියා කියන වර්ගය ඇමෙරිකාවේ රජ කරනවා. තායිලන්තයට ගිහින් බලන්න ලංකාව දාහකින් හොදය කීයයි. ඉන්දුනීසියාව ගන්නම දෙයක් නැහැ. නිතිය ගැන කියද්දී තායිලන්තය, ඉන්දුනීසියාවට, ඉන්දියාවට ,පිලිපීනයට, වියට්නාමයට වැඩිය ලංකාව ඉතා හොද තත්වයක තියෙනවා. සුද්දන්ට වෙලා තියෙන අසනීපය ලංකාව දියුණු වෙන එක බලන් ඉන්න බැහැ. ලංකාවට සෙනග එන එක ඉවසන්නේ නැහැ. (දී)
තව ඔය ලියවිල්ලේ තියෙනවලු ලංකාවට යන ගුවන් යානයේ ඇමති පුතාල යනවද කියල කලින් හොයල එහෙම යන පුතාල ඉන්නවනම් වෙනත් ගුවන් යානයකින් ලංකාවට යන්න කියලත්. (නදී)
ලංකාවේ නම රකින්න උදවුවෙන්න
ඔය තියෙන්නේ.... කෝ අර ඊනියා ප්‍රබුද්ධ සෙට් එක? කෝ අර අපි හරි උතුම් කියමින් ගිරිය පුප්පන බෙරිහන් දෙන ලියන සංගමේ? මේතියෙන්නේ අපේ පැටිකිරිය දාලා.... හොදට කියවන්න. (නි)
වර්තමාන සමාජේ ඉතා විශිෂ්ටයි කියා විශ්වාස කරන ලිං මැඩියෝ ටිකක් ලංකාවේ ඉන්නවා. ඔවුන් විශ්වාශ කරනවා මෙවැනි වාර්තා ජාත්‍යන්ත්‍රණ කුමන්ත්‍රණ ලෙස.ඇත්තටම ඔවුන් කරන්නේ කුහකකමින් මලත් අපි උතුම් කියමින් මෙවැනි තත්වෙකට රට පත්කරන පක්ෂ විපක්ෂ දේශපාලක හිවලුන්ට නියමින් හෝ අනියමින් කඩේ යාම (නි)
දේශපාලකයන් මැර කම සහ ජාතිවාදය උපයෝගී කරගෙන බලයට ඒමේ ප්‍රතිපල තමයි මේ. කරුණාකර ඉදිරි ඡන්ද වලදී මැරයන්ට සහ ජාතිවාදීන්ට ඡන්දය දීමෙන් වලකින්න. මොවුන් කරන විනාශය ත්‍රස්තවාදීන් විසින් කරන ලද විනාශයට දෙවෙනි නැහැ.(නදී)
අප්‍රමාන සන්තෝෂයක් දැනුනා... ආසියාවේ (අ)මුතු ඇටේ නොහොත් කොමඩිලන්තේ ගැන ජාත්‍යයන්තර ලෝකේ දක්වන අදහස් බැලුවාම. හිනාවෙනවද අඩනවද කියලා හිතා ගන්න බැරුව ඉන්නේ.... (නි)
ඊනියා ජාතිකවාදියනේ, ඔහෙලට රිදෙනවා ඇති ඇත්ත කියන කොට නේද? කණගාටුයි ඔබලාට රිදෙන එක ගැන. දුකට කාරණය නම් ලින් මැඩි වාදේ සහ අපි ලොව උතුම් කියන මාන්නය විසින් මේ වැනි දේ ජාත්‍යන්තර කුමන්ත්‍රණ ලෙස දැකීමට ඔබලා පුරුදු වි තිබිමයි.(නදී)
ඔය කියන වාර්තාවේ මේ විදිහට කියල නැද්ද" එවැනි විනය පිරිහුණ සමාජෙයක් හරක් මස් නොකන්න කියා පාරේ ජල්ලි ඇල්ලීම විහිළුවක්" කියල.(නදී)
සුද්දන්ට විතරක් නෙවෙයි අපිටත් එහෙමම තමයි. කොල්ලුපිටියේ තියෙනවා Genesis / Bascis කියන වර්ගයේ ඇඳුම් විකුණන කඩයක් මගේ අලුතෙන්ම නිකුත් කල, වෙන කිසිම තැනක පාවිච්චි නොකරපු ක්‍රෙඩිට් කාර්ඩ් එක එයාල ක්ලෝන් කරලා $780 අරගෙන තිබුන ඕස්ට්‍රේලියාවේ ඉඳල. පොලීසියට කිව්වා, වැඩක් වුනේ නැහැ. (දී)
ඔච්චරම බයනම් එන්න එපා.(ස)
ලංකාව යනු තවදුරටත් රටක් හෝ දුපතක් නොව. හොර තක්කඩි, මිනි මරුවෝ,වංචා කාරයෝ,කොමිස් කාරයෝ, ආගම්වාදියෝ, වර්ගවාදියෝ, ස්ත්‍රී දුෂකයෝ, බොරු කාරයෝ,පාගා කාරයෝ, මත්ද්රවිය වෙළෙන්දෝ, ජාවාරම් කාරයෝ, මෝහයෙන් පිරිණු අදමයෝ, අමන රියදුරන්ගෙන් පිරිච්ච ගුබ්බැයමක්.(නදී)
මොනවාද මේ වෙන්නේ (දී)
තංගල්ලේ නඩුව විතරයි භයානක දේකට උනේ. ඒ ගොල්ලා එන්නේ නැත්නම් චීනව ගෙන්වමු. අපේ රජය මේ බීච් බෝයිස්ලව ඒ පෙදෙස් වලින් ඉවත් කොට වෙළෙන්ඳන් ඇතුළු එම කණ්ඩායමට මුහුදු වෙරළේ ප්‍රදේශයක් වෙන්කලොත් හොඳයි. හැම තැනම ඇවිදින, සුද්දන්ට කරදර කරන මිනිසුන් අපේ වෙරල තෙරයේ සුලබ සිදු වීමක් බව නම් ඇත්ත.(නදී)
ඒක හොදයි. ලංකාවේ එම ලිපියෙන් සංචාරකයන්ට දැනුන් දුන්න පණිවිඩය ගැන ලංකාවට එන සංචාරකයන්ට ආරක්ෂාකාරී වීමට පුළුවන්. වෙනත් කිසිම රටක නැති විදේශිකයන් ඝාතනය කරන පරිසරයක් දැන් ලංකාවේ ඇතිවෙලා තියෙන්නේ. මිනිමරුවන්ගේ නෙමෙයි වරද රටේ තියෙන නීතයයි. ලංකාවට පැමිණි සංචාරකයෙක් මැරුවෙත් ආණ්ඩු පක්ෂයේ මිනී මරුවෙක්. අපි වෙනත් රටකට ගිහින් ගිය විදිහටම ආපසු එන්න පුළුවන් බය නැතිව. ඒ රටවල නිතිය අකුරටම මිනිස්සු පිළිපදින නිසා.(නදී)
අපේ මව් බිමට නියම සහතිකයක් දීල තියෙනවා...කෝ හොර සේනාව අපේ.(නදී)
අනේ අතාරින්න අපි චීන සහ අප්‍රිකා අයව ගෙන්න ගමු. අමතක උනා ඉන්දියන් අයවත්.(නදී)
තෙවරක් බුදුන්ට පිදු දේශය මෙයයි. ඒක තමයි ආසියාවේ ආශ්චර්ය කියන්නේ (දී)
ජෝයි. ඔහේ මට කියන්න දෙයක් ඉතිරි කරලා නැහැනේ.(නදී)
අවරුදු 6 සිට 70 දක්වා හොද රූ සපුවක් තියෙන දූ වරුන්ට,නැගණියන්ට,භාර්යාවන්ට,අම්මලට සහ ආච්චි අම්මලට ලංකාව සංචාරය සදහා සුදුසු රටක් නෙමෙයි.(නදී).
සුද්දන් ලංකාවට නාවොත් සංචාරක ව්‍යාපාරයට හපොයි තමයි. අපේ රට ගැන මුළු ලෝකෙම මහා උසස් තැනක තිබබා. ඒ හැම දෙයක්‌ම ළඟකදී ඇති වෙච්චි ජාතිවාදය විසින් නැති කරා. අපේ රට නැවත හොඳ තත්වයකට ගේන්න නම් මේ ජාතිවාදය ඇතිකරන සියලු සංවිධාන තහනම් කිරීමට පියවර ගත යුතුයි.(නදී)
සුද්දෝ මොන තරම් බය වෙන්න ඕනද? මම මගේ ඉපදුන ලංකාවට නිවාඩුවට ගියේ මොන තරම් බයකින්ද. ඒ වගේම දාගෙන හිටිය රත්තරන් මාලයට වැඩේ දෙන්න කී සැරයක් සැරසුනාද. ඉස්සර මිනීමරු ප්‍රභාකරන් හිටිය කාලේදී අපි බියක් නැතිව ලංකාවට ආව ගිය මිනිස්සු. හරිම දුකයි ලංකාවට සිද්ද වුන විනාශයට.(නදී)
බ්‍රිතාන්‍ය ජාතික සැමියාව මරල ලස්සන භාර්යාව 8 දෙනෙක් දුෂනය කරලත් ඒ අය අද එළියේ ඉන්නවා නම් පනට ආදරේ තියෙන සුද්දෙක් ලංකාවට නම් එන්නේ නැහැ.(නදී)
මේ කතා එකක්වත් බොරු නෙමෙයි. අපේ රටේ අය කරන වැඩ දැක්කම මිනිස්සුට බය හිතෙනවා තමයි. අපේ රටේ පාලකයෝ ජනතාවට හිරිහැර කලාට මේ රටේ පාලකයෝ මේ මිනිසුන්ව ගොඩාක් ආරක්ෂා කරනවා විතරක් නෙමෙයි අපි පිට මිනිස්සු උනත් අපිවත් ආරක්ෂා කරනවා. ඉතින් එම නිසා අවවාද කරන්න ඕනේ තමයි. මොකද අපේ රටේ නාදුනන මිනී කීයක් දිනකට හමුවෙනවද ?(නදී)